Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 19:25 - Sinhala Revised Old Version

25 එහෙත් ඒ මනුෂ්‍යයෝ ඔහුට ඇහුම්කන් නුදුන්නෝය. එබැවින් ඒ මනුෂ්‍යයා තමාගේ උප භාර්යාව අල්වාගෙන ඔවුන් ළඟට පිටතට ගෙනාවේය; ඔව්හු ඈ හැඳින, අලුයම දක්වා මුළු රාත්‍රියෙහි ඈට දූෂ්‍යකම් කොට, පහන්වෙන වේලේ ඈ යන්ට හැරියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

25 එහෙත්, ඒ මිනිස්සු ඔහුට ඇහුම්කන් නුදුන්නෝ ය. එබැවින් ඒ ලෙවීවරයා ඔහුගේ උපභාර්යාව අල්ලාගෙන ඔවුන් වෙත පැමිණෙවුවේ ය. ඔව්හු ඈ සමඟ බලහත්කාරයෙන් එක් වී අලුයම දක්වා මුළු රාත්‍රියේ ම ඈ දූෂණය කොට, පහන් වන විට ඈ යන්නට හැරියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

25 එහෙත්, ඒ මිනිස්සු ඔහුට ඇහුම්කන් නුදුන්නෝ ය. එබැවින් ඒ ලෙවීවරයා ඔහුගේ උපභාර්යාව අල්ලාගෙන ඔවුන් වෙත පැමිණෙවුවේ ය. ඔව්හු ඈ සමඟ බලහත්කාරයෙන් එක් වී අලුයම දක්වා මුළු රාත්‍රියේ ම ඈ දූෂණය කොට, පහන් වන විට ඈ යන්නට හැරියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 19:25
9 හුවමාරු යොමු  

ඔව්හු හැඟීමක් නැතුව සියලු අපවිත්‍රකම් ගිජුලෙස කරන පිණිස සල්ලාලකමට භාරවුණෝය.


අහෝ ඉශ්‍රායෙල්, නුඹ ගිබියාහි දවස්වල පටන් පව්කෙළෙහිය. එහි ඔව්හු නැවතී සිටිති; දුෂ්ටකමේ පුත්‍රයන්ට විරුද්ධව පැමිණෙන යුද්ධයට ඔව්හු ගිබියාහිදී අසුනොවන්නෝද?


ගිබියාහි දවස්වලදී මෙන් ඔව්හු අධිකලෙස තමුන්ම දූෂ්‍යකරගත්තෝය. උන්වහන්සේ ඔවුන්ගේ අයුතුකම සිහිකර, ඔවුන්ගේ පාපවලට දඬුවම්කරනසේක.


මනුෂ්‍යයා තමාගේ භාර්යාවවූ ඒව හැඳින්නේය; ඈ ගර්භිණීව කායින් බිහිකර: ස්වාමීන්වහන්සේගෙන් මනුෂ්‍යයෙකු ලබාගතිමියි කීවාය.


මෙන්න, මෙහි මාගේ කන්‍යා දුවත් ඔහුගේ උපභාර්යාවත් සිටිති; මම දැන් ඔවුන් පිටතට ගෙනෙන්නෙමි, ඔවුන් වසඟකොට නුඹලාට හොඳව පෙනෙන දෙයක් ඔවුන්ට කරන්න. නුමුත් මේ මනුෂ්‍යයාට ඔය නින්දිතකම් නොකරන්නැයි ඔවුන්ට කීවේය.


එවිට ඒ ස්ත්‍රී අලුයම් වේලේ ඇවිත් ඇගේ ස්වාමියා සිටි ඒ මනුෂ්‍යයාගේ ගෙයි දොරකඩ ළඟ වැටී එළිවෙන තෙක් උන්නාය.


එවිට ගිබියා වැසියෝ මට විරුද්ධව නැගිට මා සිටි ගේ රාත්‍රියේ වටලාගත්තෝය; ඔව්හු මා මරන්ට සිතුවෝය, මාගේ උපභාර්යාව මැරෙන ලෙස ඈට බලාත්කාරකම් කළෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්