විනිශ්චයකාරයෝ 19:21 - Sinhala New Revised Version 2018 එවිට ඒ මහලු මිනිසා ඔවුන් තමාගේ ගෙදරට කැඳවාගෙන ගොස්, කොටළුවන්ට කන්නට දුන්නේ ය. ඔව්හු ද තමන්ගේ පාද සෝදාගෙන ආහාර පාන අනුභව කළහ. Sinhala New Revised Version එවිට ඒ මහලු මිනිසා ඔවුන් තමාගේ ගෙදරට කැඳවාගෙන ගොස්, කොටළුවන්ට කන්නට දුන්නේ ය. ඔව්හු ද තමන්ගේ පාද සෝදාගෙන ආහාර පාන අනුභව කළහ. Sinhala Revised Old Version එවිට ඔහු තමාගේ ගෙදරට ඔවුන් කැඳවාගන ගොස් කොටළුවන්ට ගෝචර දුන්නේය. ඔව්හු තමුන්ගේ පාද සෝදාගෙන කෑවෝය, බීවෝය. |
පසුව ඔහු, ඔවුන් ජෝසෙප්ගේ ගෘහයට ගෙනැවිත්, ඔවුන්ට වතුර දුන් විට ඔව්හු තමන් පාද සෝදාගත්හ. ඉන්පසු ඔහු ඔවුන්ගේ කොටළුවන්ට ආහාර දුනි.
ඉන්පසු දාවිත්, “ඔබ ගෙදර ගොස් විවේකී ව සිටින්නැ”යි උරියාට කීවේ ය. උරියා රජ මාලිගාවෙන් පිටත් ව ගියේ ය. ඔහු ගිය පසු රජුගෙන් ත්‍යාගයක් ඔහු වෙත යවන ලදී.
ස්ත්‍රිය දෙසට හැරී, සීමොන්ට කතා කොට, “මේ ස්ත්‍රිය ඔබට පෙනෙනවා නොවේ ද? මම ඔබේ ගෙදරට ඇතුළු වුණෙමි, ඔබ මාගේ පාද සේදීමට වතුර නුදුන්නෙහි ය. එහෙත් මෑ සිය කඳුලින් මාගේ පාද තෙමා සිය හිසකේවලින් ඒවා පිසදැමුවා ය.
ඈ යහපත් ක්‍රියාවෙන් සාක්ෂි දැරීම ද, දරුවන් ඇතිදැඩි කිරීම ද ආගන්තුක සත්කාර කිරීම ද සැදැහැවතුන්ගේ පා සේදීම ද පීඩා විඳින්නන්ට උපකාර කිරීම ද සියලු ආකාර යහපත් ක්‍රියාවල යෙදීම ද පිළිබඳ ප්‍රසිද්ධියක් දරන තැනැත්තියක් විය යුතු යි.
අබිගායිල් නැඟිට මුණින්තළා වී, “එතුමාගේ දාසි වන මම එතුමාගේ සේවකයන්ගේ පාද සේදීමට සූදානම් ය”යි කීවා ය.