Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 11:8 - Sinhala New Revised Version 2018

8 ඉන්පසු දාවිත්, “ඔබ ගෙදර ගොස් විවේකී ව සිටින්නැ”යි උරියාට කීවේ ය. උරියා රජ මාලිගාවෙන් පිටත් ව ගියේ ය. ඔහු ගිය පසු රජුගෙන් ත්‍යාගයක් ඔහු වෙත යවන ලදී.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 ඉන්පසු දාවිත්, “ඔබ ගෙදර ගොස් විවේකී ව සිටින්නැ”යි උරියාට කීවේ ය. උරියා රජ මාලිගාවෙන් පිටත් ව ගියේ ය. ඔහු ගිය පසු රජුගෙන් ත්‍යාගයක් ඔහු වෙත යවන ලදී.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

8 පසුව දාවිත්: නුඹ ගෙදර ගොස් නුඹේ පාද සෝදාගන්නැයි උරියාට කීවේය. උරියා රජ ගෙදරින් පිටතට ගියේය, රජුගෙන් ආහාර කොටසක් ඔහු පස්සෙන් හරින ලද්දේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 11:8
11 හුවමාරු යොමු  

මට අවසරයි; මම වතුර ටිකක් ගෙනෙන්නෙමි; ඔබ පාද සෝදාගෙන, ගස යට විවේක සුවය විඳින්න.


උන් වහන්සේ කෙරෙන් සැඟවිය හැකි කිසිවක් මුළු විශ්වයේ ම නැත. උන් වහන්සේගේ ඇස් ඉදිරියෙහි සියල්ල වැස්මක් නැති ව විවෘත ව තිබේ. අප ගණන් දිය යුත්තේ උන් වහන්සේට ය.


සැඟවී ඇති සෑම දේ ම හෙළි කරනු ලැබේ; සෑම රහසක් ම ප්‍රකාශ කරනු ලැබේ.


ස්ත්‍රිය දෙසට හැරී, සීමොන්ට කතා කොට, “මේ ස්ත්‍රිය ඔබට පෙනෙනවා නොවේ ද? මම ඔබේ ගෙදරට ඇතුළු වුණෙමි, ඔබ මාගේ පාද සේදීමට වතුර නුදුන්නෙහි ය. එහෙත් මෑ සිය කඳුලින් මාගේ පාද තෙමා සිය හිසකේවලින් ඒවා පිසදැමුවා ය.


තමන්ගේ අදහස් සඟවාගන්න උත්සාහ කරන අයට වන විපතක මහත! ඔව්හු රහසේ තමන්ගේ උපායයන් යොදමින්, කිසිවෙකු ඔවුන් දකින්නේ වත්, ඔවුන් කරන දේ දැන ගන්නේ වත් නැතැ යි සිතති.


බද්ධ වෛරය සිත තුළ පැසෙන නමුත්, ඔහුගේ කතාව වෙඬෙරු මෙන් සුමුදු ය; ඔහුගේ වචන, තෙලට වඩා මොළොක් ය. එහෙත් ඒවා, මුවහත් කඩු පහර මෙන් වූයේ ය.


ඔබ එය දැනගන්නේ නැද් ද? මන්ද, මිනිස් සිතේ සියලු රහස් ඔබ දන්න සේක.


මිනිසා මිනිසාට බොරු පවසයි; චාටු බසින් දෙසිත් ඇති ව කතා කරයි.


පසුව ජෝසෙප් තම මේසයෙන් ඔවුන් එකිනෙකාට ආහාර යැව්වේ ය. එහෙත්, බෙන්ජමින්ගේ කොටස අනික් අයගේ කොටස් මෙන් පස් ගුණයක් විය. ඔව්හු ද ඔහු සමඟ බීම පානය කොට ප්‍රීති ප්‍රමෝද වූ හ.


පසුව ඔහු, ඔවුන් ජෝසෙප්ගේ ගෘහයට ගෙනැවිත්, ඔවුන්ට වතුර දුන් විට ඔව්හු තමන් පාද සෝදාගත්හ. ඉන්පසු ඔහු ඔවුන්ගේ කොටළුවන්ට ආහාර දුනි.


“මහතුනි, කරුණාකර, මේ ඔබේ දාසයාගේ නිවසට ඇතුළු වන්න, පාද සෝදාගෙන අද රෑ මෙහි නවතින්න. අලුයම නැඟිට ඔබ යන ගමන යන්නට පුළුවනැ”යි කී ය. එහෙත් ඔව්හු පිළිතුරු දෙමින්, “නැත, මුළු රැය ම අපි වීදියේ ගත කරන්නෙමු”යි කී හ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්