විනිශ්චයකාරයෝ 18:11 - Sinhala New Revised Version 2018 එවිට එතැනින් දාන්ගේ පෙළපතේ සෙනඟ හයසියයක් සන්නාහ සන්නද්ධ ව ශොරා ද එෂ්තායොල් ද සිට පිටත් ව ගියෝ ය. Sinhala New Revised Version එවිට එතැනින් දාන්ගේ පෙළපතේ සෙනඟ හයසියයක් සන්නාහ සන්නද්ධ ව ශොරා ද එෂ්තායොල් ද සිට පිටත් ව ගියෝ ය. Sinhala Revised Old Version එවිට එතැනින් දාන්ගේ පෙළපතේ මනුෂ්‍යයෝ හසියයක් යුද්ධායුධ පැළඳගෙන, ශොරාද එෂ්තායොල්ද සිට පිටත්ව ගොස්, |
සම්සොන් ශොරාටත් එෂ්තායොල්ටත් අතරෙහි වූ දාන්ගේ කඳවුරේ සිටිය දී, සමිඳාණන් වහන්සේගේ ආත්මානුභාවය ඔහු ක්‍රියාවේ පොළඹවන්නට පටන්ගත්තේ ය.
ඔබ ගිය විට, ආරක්ෂා රහිත සෙනඟක් කරා ඔබ පැමිණෙන්නහු ය. ඒ රට විශාල ය. දෙවියන් වහන්සේ ඔබ අතට ඒ රට දී තිබේ. එය පොළොවේ තිබෙන කිසි දෙයකින් හිඟයක් නැති ස්ථානයකැ”යි කී හ.
ඔව්හු ජුදයේ තිබෙන කිරියත්-ජෙයාරීම්හි කඳවුරු බැඳගත්තෝ ය. ඒ නිසා ඒ ස්ථානයට අද දක්වා දාන්ගේ කඳවුර යන අර්ථය ඇති මහනේ-දාන් ය යි කියති. එය පිහිටා තිබෙන්නේ කිරියත්-ජෙයාරීම්ට බටහිරෙන් ය.