Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 13:25 - Sinhala New Revised Version 2018

25 සම්සොන් ශොරාටත් එෂ්තායොල්ටත් අතරෙහි වූ දාන්ගේ කඳවුරේ සිටිය දී, සමිඳාණන් වහන්සේගේ ආත්මානුභාවය ඔහු ක්‍රියාවේ පොළඹවන්නට පටන්ගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

25 සම්සොන් ශොරාටත් එෂ්තායොල්ටත් අතරෙහි වූ දාන්ගේ කඳවුරේ සිටිය දී, සමිඳාණන් වහන්සේගේ ආත්මානුභාවය ඔහු ක්‍රියාවේ පොළඹවන්නට පටන්ගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

25 ස්වාමීන්වහන්සේගේ ආත්මයද ශොරාටත් ඒෂ්තායොල්ටත් අතරෙහි වූ මහෙන්-දාන්හිදී ඔහු ක්‍රියාවෙහි පොළඹවන්ට පටන්ගත්තේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 13:25
13 හුවමාරු යොමු  

සමිඳාණන් වහන්සේගේ ආත්මානුභාවය ඔහු කෙරෙහි පැමිණියෙන්, ඔහු ඉශ්රායෙල්වරුන්ගේ වීර පුරුෂයා වී යුද්ධයට පිටත් ව ගියේ ය. සමිඳාණන් වහන්සේ මෙසොපොතේමියේ රජ වූ කුෂාන්-රිෂාතයිම් ඔහු අතට පාවා දුන් සේක. ඔහු කුෂාන්-රිෂාතයිම් පරදවා ජය ගත්තේ ය.


තැනිතලා රටෙහි තිබුණු ඒවා නම්: එෂ්තායොල් ද ශොරා ද අෂ්නා ද


දෙවියන් වහන්සේ එවා වදාළ තැනැන් වහන්සේ, දෙවියන් වහන්සේගේ වදන් පවසන සේක. එසේ වන්නේ දෙවියන් වහන්සේ ශුද්ධාත්මය සීමා රහිත ව දානය කරන බැවිනි.


එකල ජේසුස් වහන්සේ යක්ෂයා විසින් පරීක්ෂා කරනු ලබන පිණිස ශුද්ධාත්මයාණන් විසින් පාළුකරයට පමුණුවනු ලැබූ සේක.


සාවුල් මේ වචන ඇසූ විට දෙවියන් වහන්සේගේ ආත්මානුභාවය ඔහු කෙරෙහි පිහිටිණි. ඔහු අතිශයෙන් කෝපාවිෂ්ට වුණේ ය.


සමිඳාණන් වහන්සේගේ ආත්මානුභාවය ජෙප්තා කෙරෙහි පහළ විය. ඔහු ගිලියද් සහ මනස්සේ මැදින් ගොස් ගිලියද්හි මිශ්පාට පැමිණ එතැන් සිට අම්මොන්වරුන් වෙත ගියේ ය.


සමිඳාණන් වහන්සේගේ ආත්මානුභාවය ගිඩියොන් කෙරෙහි පහළ වූයේ ය; ඔහු හොරණෑව පිම්බේ ය; එවිට අබියෙශ්‍රීයවරු ඔහු ළඟට රැස් වූ හ.


සම්සොන් තිම්නා නගරයට ගියේ ය. එහි දී ඔහු පිලිස්ති ජාතික එක් කාන්තාවක දුටුවේ ය.


එවිට සමිඳාණන් වහන්සේගේ ආත්මානුභාවය බලවත් ලෙස ඔහු කෙරේ පැමිණියේ ය. ඔහු අෂ්කෙලොන්ට ගොස්, එහි මිනිසුන් තිස්දෙනෙකු මරා, ඔවුන්ගෙන් කොල්ලකාගෙන ප්‍රහේලිකාව තෝරා දුන් අයට ඇඳුම් කට්ටල දුන්නේ ය. ඔහු ඉමහත් කෝපයෙන් ඇවිළී තමාගේ පියාගේ ගෙදරට ගියේ ය.


දාන් වැසියෝ දේශයෙහි ඔත්තු බලන පිණිස, තමන්ගේ සියලු සෙනඟ අතරෙන් තමන්ගේ ම පෙළපෙත් වික්‍රමාන්විත මිනිසුන් පස්දෙනෙකු තෝරාගෙන, ශොරා ද එෂ්තායොල් ද සිට යවමින්, “ඔබ ගොස් දේශයෙහි ඔත්තු බලන්නැ”යි ඔවුන්ට කීවෝ ය. ඔව්හු එප්‍රායිම් කඳු රටේ මීකාගේ ගෙට අවුත් එහි නවාතැන් ගත්තෝ ය.


ඔවුන්ගේ උරුමයේ පළාත නම්, ශොරා ද එෂ්තායොල් ද ඊර්-ෂෙමෙෂ් ද


එවිට ඔහුගේ සහෝදරයෝ ද ඔහුගේ පියාගේ මුළු පවුල ද ගොස් ඔහු ගෙනවුත්, ශොරා ද එෂ්තායොල් ද අතරේ තිබෙන ඔහුගේ පිය වූ මානෝවාගේ සොහොන් පොළේ තැන්පත් කළෝ ය. සම්සොන් විසි අවුරුද්දක් ඉශ්රායෙල්වරුන් පාලනය කෙළේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්