තවද, ඔහු ගිරිකුළු දේවාල සාදා, ලෙවීගේ වංශයට අයත් නුවූ අය මුළු සෙනඟ අතරෙන් පූජකයන් වශයෙන් පත් කෙළේ ය.
විනිශ්චයකාරයෝ 17:12 - Sinhala New Revised Version 2018 මීකා ඒ ලෙවීවරයා පූජකයා වශයෙන් පත් කෙළේ ය. ලෙවීවරයා ඔහුගේ ගෙයි විසී ය. Sinhala New Revised Version මීකා ඒ ලෙවීවරයා පූජකයා වශයෙන් පත් කෙළේ ය. ලෙවීවරයා ඔහුගේ ගෙයි විසී ය. Sinhala Revised Old Version මීකා වනාහි ඒ ලෙවීයයා පත්කෙළේය, තරුණයා මීකාට පූජකයෙක් වී ඔහුගේ ගෙයි විසීය. |
තවද, ඔහු ගිරිකුළු දේවාල සාදා, ලෙවීගේ වංශයට අයත් නුවූ අය මුළු සෙනඟ අතරෙන් පූජකයන් වශයෙන් පත් කෙළේ ය.
ඔහු කෝරා ඇතුළු ඔහුගේ මුළු පිරිසට කතා කරමින්, “හෙට උදෑසන අප අතරෙන් සමිඳාණන් වහන්සේට කැප වූ අය උන් වහන්සේ පෙන්වන සේක. උන් වහන්සේට කැප වූ, උන් වහන්සේ තෝරාගත් තැනැත්තාට උන් වහන්සේ සමීපයට එන්නට ද සලසන සේක.
සමිඳාණන් වහන්සේ ආරොන්ට කතා කොට මෙසේ වදාළ සේක: “නුඹ ද නුඹේ දරුවන් ද නුඹේ පවුලේ අය ද ශුද්ධස්ථානයේ කෙරෙන වැරදි පිළිබඳ ව වගකිව යුතු ය. නුඹේ පූජකවරයට විරුද්ධ ව කෙරෙන වැරදි පිළිබඳ ව ද නුඹත්, නුඹේ දරුවනුත් වගකිව යුතු ය.
එවිට ලෙවීවරයා ඇතුළු වී මීකා සමඟ වාසය කරන්නට සතුටු විය. ඔහු වනාහි මීකාට තමාගේ පුත්‍රයන්ගෙන් එක් කෙනෙකු මෙන් විය.
මීකා කතා කරමින්, “ලෙවීවරයෙකු මට පූජකකමට සිටින නිසා සමිඳාණන් වහන්සේ මට යහපත කරන සේකැ යි දැන් දනිමි”යි කී ය.
දාන්වරු වාත්තු රූපය පිහිටුවා ගත්තෝ ය. මෝසෙස්ගේ පුත්‍රයා වන ගේර්ෂොම්ගේ පුත් ජොනාතන් ද ඔහුගේ පුත්‍රයෝ ද රට වැසියන් වහල්කමට ගෙනයනු ලැබූ දවස දක්වා දාන් ගෝත්‍රයට පූජකයෝ වූවෝ ය.
“මීකා මට මේ මේ දේ කර ඇත. මා ඔහුගේ පූජකයා ව සිටින පිණිස ඔහු මට වැටුපක් ගෙවන්නේ යැ”යි ඔහු ඔවුන්ට කීවේ ය.