ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




විනිශ්චයකාරයෝ 14:15 - Sinhala New Revised Version 2018

සතර වන දවසේ ඔව්හු සම්සොන්ගේ බිරිඳට කතා කොට, “ප්‍රහේලිකාව අපට කියා දෙන්නට ඔබේ පුරුෂයා චාටුවෙන් පොළොඹවන්න. එසේ නොකළොත්, ඔබත්, ඔබේ පියාගේ ගෙයත් ගිනිබත් කරන්නෙමු. ඔබ හැම අප කැඳෙව්වේ අප දිළිඳුන් කරන්න නොවේ දැ”යි ඇසුවෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

සතර වන දවසේ ඔව්හු සම්සොන්ගේ බිරිඳට කතා කොට, “ප්‍රහේලිකාව අපට කියා දෙන්නට ඔබේ පුරුෂයා චාටුවෙන් පොළොඹවන්න. එසේ නොකළොත්, ඔබත්, ඔබේ පියාගේ ගෙයත් ගිනිබත් කරන්නෙමු. ඔබ හැම අප කැඳෙව්වේ අප දිළිඳුන් කරන්න නොවේ දැ”යි ඇසුවෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

තවද සත් වෙනි දවසේදී ඔව්හු සම්සොන්ගේ භාර්යාවට කථාකොට: තේරවිල්ල අපට කියාදෙන්ට නුඹේ පුරුෂයා පොළඹවන්න, නැත්නම් අපි නුඹත් නුඹේ පියාගේ ගෙයත් ගින්නෙන් දවන්නෙමුව. නුඹලා අප කැඳෙවුවේ අප දිළිඳුකරන්ට නොවේදැයි කීවෝය.

පරිච්ඡේදය බලන්න



විනිශ්චයකාරයෝ 14:15
9 හුවමාරු යොමු  

“අප සමඟ එන්න, අපි මඟ රැක සිට කෙනෙකු මරාදමමු; සැඟවී සිට, වරදක් නොකළ නිදොස් අයෙකුට පහර දෙමු.


වෙසඟනගේ දෙතොලින් මී පැණි වෑහෙයි; ඇගේ තෙපුල් ඔලීව තෙලට වඩා සුමුදු ය;


වෙසඟනක පතන්නේ පාන් ගෙඩියක මිල පමණකි; පර අඹුවක සොයන්නේ මුළු ජීවිතයකි.


ඔබේ අසල්වැසියා වත්, හිතවත් මිතුරා වත් විශ්වාස නොකරන්න. ඔබේ භාර්යාවගෙන් වුව ද කට ප්‍රවේසම් කරගන්න.


එප්‍රායිම් වැසියෝ රැස් වී, උතුරු දිශාවට එතෙර වී ගොස් ජෙප්තාට කතා කොට, “ඔබ සමඟ යන පිණිස අපට ආරාධනා නොකොට, ඔබ අම්මොන්වරුන්ට විරුද්ධ ව යුද්ධ කරන්නට එගොඩට ගියේ මන් ද? අපි ඔබේ නිවෙස ඔබත් ඇතුළු ව ගින්නෙන් පුළුස්සා දමන්නෙමු”යි කී හ.


ඔහු මෙසේ කී ය. “කන්නා කෙරෙන් කෑමකි; බලවතාගෙන් මිහිරකි.” ඒ ප්‍රහේලිකාව තුන් දවසකින් විසඳා කියන්නට ඔවුන්ට නුපුළුවන් විය.


එවිට පිලිස්තිවරු, “මේ දේ කෙළේ කවුරු දැ”යි ඇසුවෝ ය. “තිම්නියයාගේ බෑණා වන සම්සොන් ය; ඔහු සම්සොන්ගේ බිරිඳ ඔහුගේ මිතුරාට දුන් නිසා සම්සොන් මෙසේ කෙළේ යැ”යි මිනිස්සු පිළිතුරු දුන්නෝ ය. එවිට පිලිස්තිවරු අවුත් ඒ ස්ත්‍රිය ද ඇගේ පියා ද ගින්නෙන් දවා දැමුවෝ ය.


පිලිස්තිවරුන්ගේ අධිපතීහු ඈ ළඟට අවුත් ඈට කතා කොට, “ඔබ ඔහු චාටුවෙන් පොළඹවා ඔහුගේ යෝධ ශක්තිය තිබෙන්නේ කොතැන්හි ද කියාත්, අප ඔහුට පීඩා කිරීමට ඔහු බැඳ තබන පිණිස ඔහු දමනය කරන්නට පුළුවන් කෙසේ ද කියාත් දැනගන්න. එවිට අපි එක් එක්කෙනා රිදී එක්දහස් එකසියයක් බැගින් ඔබට දෙන්නෙමු”යි කීවෝ ය.