Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 14:15 - Sinhala Revised Old Version

15 තවද සත් වෙනි දවසේදී ඔව්හු සම්සොන්ගේ භාර්යාවට කථාකොට: තේරවිල්ල අපට කියාදෙන්ට නුඹේ පුරුෂයා පොළඹවන්න, නැත්නම් අපි නුඹත් නුඹේ පියාගේ ගෙයත් ගින්නෙන් දවන්නෙමුව. නුඹලා අප කැඳෙවුවේ අප දිළිඳුකරන්ට නොවේදැයි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 සතර වන දවසේ ඔව්හු සම්සොන්ගේ බිරිඳට කතා කොට, “ප්‍රහේලිකාව අපට කියා දෙන්නට ඔබේ පුරුෂයා චාටුවෙන් පොළොඹවන්න. එසේ නොකළොත්, ඔබත්, ඔබේ පියාගේ ගෙයත් ගිනිබත් කරන්නෙමු. ඔබ හැම අප කැඳෙව්වේ අප දිළිඳුන් කරන්න නොවේ දැ”යි ඇසුවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 සතර වන දවසේ ඔව්හු සම්සොන්ගේ බිරිඳට කතා කොට, “ප්‍රහේලිකාව අපට කියා දෙන්නට ඔබේ පුරුෂයා චාටුවෙන් පොළොඹවන්න. එසේ නොකළොත්, ඔබත්, ඔබේ පියාගේ ගෙයත් ගිනිබත් කරන්නෙමු. ඔබ හැම අප කැඳෙව්වේ අප දිළිඳුන් කරන්න නොවේ දැ”යි ඇසුවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 14:15
9 හුවමාරු යොමු  

පිලිස්තිවරුන්ගේ අධිපතිවරු ඈ ළඟට අවුත් ඈට කථාකොට: නුඹ ඔහු පොළඹවාගන ඔහුගේ මහත් ශක්තිය තිබෙන්නේ කොතැන්හිද කියාත් අප විසින් ඔහුට පීඩාකිරීමට ඔහු බඳින පිණිස ඔහු දමනයකරන්ට පුළුවන් කොහොමද කියාත් දැන ගන්න. එවිට අපි එක් එක්කෙනා රිදී එකොළොස් සියයක් බැගින් නුඹට දෙන්නෙමුයයි කීවෝය.


එවිට පිලිස්තිවරු: මේක කළේ කවුදැයි ඇසුවෝය. තිම්නීයයාගේ බෑනාවූ සම්සොන්ය, ඔහු සම්සොන්ගේ භාර්යාව අරගෙන ඔහුගේ යහළුවාට දුන් නිසා මෙසේ කෙළේයයි මිනිස්සු කීවෝය. පිලිස්තිවරු අවුත් ඈත් ඇගේ පියාත් ගින්නෙන් දවා දැමුවෝය.


මිත්‍රයෙකු විශ්වාස නොකරන්න, හිතේසි මිත්‍රයෙකු කෙරෙහි විශ්වාසය නොතබන්න. නුඹේ ළයෙහි සැතපෙන්නියගෙන් නුඹේ මුඛයේ දොරවල් රැකගන්න.


මක්නිසාද වේශ්‍යා ස්ත්‍රියෙක් නිසා මනුෂ්‍යයෙකුට ඉතුරුවෙන්නේ රොටි කැබෙල්ලක් පමණක්ය. මිථ්‍යාචාරි ස්ත්‍රීද අනර්ඝ ප්‍රාණය අල්ලාගන්ට ලුහුබඳින්නීය.


මක්නිසාද අන් ස්ත්‍රියෙකුගේ තොල්වලින් මීපැණි වෑස්සෙන්නේය, ඇගේ මුඛය තෙල්වලටත් වඩා සිනිඳුය.


ඔවුන් කථාකොට: අප සමඟ එන්න, ලෙය ගැන රැක සිට, නිකරුණේ නිර්දෝෂ අය ගැන සැඟවී සිටිමු;


එප්‍රායිම් මනුෂ්‍යයෝ රැස්වී උතුරු දිශාවට ගොස් යෙප්තාට කථාකොට: නුඹ සමඟ යන්ට අපට අඬනොගසා නුඹ අම්මොන් පුත්‍රයන්ට විරුද්ධව යුද්ධකරන්ට එගොඩට ගියේ මක්නිසාද? අපි නුඹේ ගෙය නුඹත් ඇතුළුව ගින්නෙන් පුලුස්සාදමමුයයි කීවෝය.


ඔහුද: බුදින්නා කෙරෙන් භෝජන නික්මුණේය. බලවතා කෙරෙන් මිහිර නික්මුණේයයි ඔවුන්ට කීවේය. ඒ තේරවිල්ල තුන් දවසකින් විසඳා කියන්ට ඔවුන්ට නුපුළුවන්විය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්