ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




විනිශ්චයකාරයෝ 11:7 - Sinhala New Revised Version 2018

ජෙප්තා පිළිතුරු දෙමින්, “ඔබ මා කෙරෙහි වෛර බැඳ, මාගේ පියාගේ ගෙදරින් මා පන්නා දැමුවා නොවේ ද? දැන් ඔබේ විපතේ දී කුමක් නිසා මා ළඟට ආවහු දැ”යි ඔවුන්ගෙන් ඇසුවේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ජෙප්තා පිළිතුරු දෙමින්, “ඔබ මා කෙරෙහි වෛර බැඳ, මාගේ පියාගේ ගෙදරින් මා පන්නා දැමුවා නොවේ ද? දැන් ඔබේ විපතේ දී කුමක් නිසා මා ළඟට ආවහු දැ”යි ඔවුන්ගෙන් ඇසුවේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

යෙප්තා: නුඹලා මා කෙරේ වෛර බැඳ මාගේ පියාගේ ගෙයින් මා පන්නා දැමුවා නොවේද? දැන් නුඹලාගේ විපතේදී මක්නිසා මා ළඟට ආවහුදැයි ගිලියද් වැඩිමහල්ලන්ට කීවේය.

පරිච්ඡේදය බලන්න



විනිශ්චයකාරයෝ 11:7
8 හුවමාරු යොමු  

එවිට ඊසාක් ඔවුන් අමතා, “මට වෛර කර, ඔබ වෙතින් මා පලවා හැරිය ඔබ හැම දැන් මා වෙත එන්නේ මන්දැ”යි ඇසී ය.


එන්න, අපි ඔහු පිට අත නොතබා, ඉෂ්මායෙල්වරුන්ට විකුණමු. ඇත්තට ම ඔහු අපේ ම සහෝදරයා නො වේ ද; අපි එක පියෙකුගේ දරුවෝ නො වෙමු දැ”යි කී ය. ඔහුගේ සහෝදරයෝ ද එකඟ වූ හ.


මිතුරුතුමෝ දුක් සැප දෙකෙහි ම මිතුරෝ ය; සොහොයුරන් සිටින්නේ විපතේ දී අත දීමට ය.


නුඹට පීඩා කළ අයගේ පුත්‍රයන් දණින් වැටී නුඹ වෙත පැමිණෙනු ඇත. නුඹ හෙළා දැක්ක සියල්ලන් ද නුඹේ පාමුල වැඳ වැටෙනු ඇත. ඔවුන් නුඹට, ‘සමිඳුන්ගේ නගරය’ කියාත්, ‘සියොන් නම් ඉශ්රායෙල්වරුන්ගේ සුවිශුද්ධ තැනැන් වහන්සේගේ නුවර ය’ කියාත් කියනු ඇත.


බලන්න, ජුදෙව්වරුන් නොවන නමුත්, තුමූ ජුදෙව්වරු යයි බොරුවට කියා ගන්නා වූ සාතන්ගේ හවුලේ අයට පැමිණ ඔබේ පා ඉදිරියෙහි වැඳ වැටෙන්නටත්, මා ඔබට ප්‍රේම කළ බව දැනගන්නටත් සලසන්නෙමි.


ඔහුට කතා කොට, “අප අම්මොන්වරුන්ට විරුද්ධ ව යුද්ධ කරන පිණිස අපේ අධිපතියා වන්නට පැමිණෙන්නැ”යි ඉල්ලා සිටියෝ ය.