එවිට ශාදොක්ගේ පුත් අහීමයාශ් කතා කොට, “සමිඳාණන් වහන්සේ රජ්ජුරුවන් උදෙසා ඔහුගේ සතුරන්ගෙන් පළිගත් බව රජුට දන්වන පිණිස දුවන්නට මට අවසර ලැබේවා”යි කීවේ ය.
විනිශ්චයකාරයෝ 11:36 - Sinhala New Revised Version 2018 ඈ ද පිළිතුරු දෙමින්, “මාගේ පියාණෙනි, ඔබේ මුවින් ඔබ සමිඳාණන් වහන්සේට පොරොන්දුවක් වුණෙහි නම්, ඔබ දුන් පොරොන්දුව ලෙස මට කරන්න; ඔබේ සතුරන් වන අම්මොන්වරුන්ගෙන් ඔබ උදෙසා උන් වහන්සේ පළිගත් සේකැ”යි කීවා ය. Sinhala New Revised Version ඈ ද පිළිතුරු දෙමින්, “මාගේ පියාණෙනි, ඔබේ මුවින් ඔබ සමිඳාණන් වහන්සේට පොරොන්දුවක් වුණෙහි නම්, ඔබ දුන් පොරොන්දුව ලෙස මට කරන්න; ඔබේ සතුරන් වන අම්මොන්වරුන්ගෙන් ඔබ උදෙසා උන් වහන්සේ පළිගත් සේකැ”යි කීවා ය. Sinhala Revised Old Version ඈද: මාගේ පියාණෙනි, නුඹේ මුඛය හැර නුඹ ස්වාමීන්වහන්සේට පොරොන්දුවුණෙහිය; ස්වාමීන්වහන්සේ නුඹේ සතුරන්වූ අම්මොන් පුත්‍රයන්ගෙන් නුඹ උදෙසා පළිගත් බැවින් නුඹේ මුඛයෙන් නික්මුණු හැටියටම මට කරන්නැයි ඔහුට කීවාය. |
එවිට ශාදොක්ගේ පුත් අහීමයාශ් කතා කොට, “සමිඳාණන් වහන්සේ රජ්ජුරුවන් උදෙසා ඔහුගේ සතුරන්ගෙන් පළිගත් බව රජුට දන්වන පිණිස දුවන්නට මට අවසර ලැබේවා”යි කීවේ ය.
එවිට කුෂීය ජාතිකයා ආවේ ය. ඔහු කතා කොට, “මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන්ට ආරංචි තිබේ. මන්ද, ඔබට විරුද්ධ ව නැඟී ආ සියල්ලන්ගෙන් සමිඳාණන් වහන්සේ අද ඔබ උදෙසා පළිගත් සේකැ”යි කීවේ ය.
මෙපිබොෂෙත් පිළිතුරු දෙමින්, “මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන් තමාගේ ගෙදරට සාමදානයෙන් ආ බැවින්, සියල්ල ම වුව ද ශීබා ගත්තා වේ ය”යි රජුට කීවේ ය.
‘යම් පුරුෂයෙකු සමිඳාණන් වහන්සේට බාරයක් වුවහොත්, නැත්නම්, යම් කිසි දෙයකින් වැළකෙන හැටියට දිවුරුමක් දුන්නොත්, ඔහු තම වචනය කඩ නොකළ යුතු ය. තමා කී පරිදි සියල්ල ඉටු කළ යුතු ය.
එහෙත් මාගේ ජීවිතය වැදගත් ය, නොහොත් මට ම අගේ ය කියා මම කිසිසේත් නොසලකමි. එහෙත් මාගේ පරමාර්ථය වූකලී දෙවියන් වහන්සේගේ කරුණාවේ සුබ අස්නට සාක්ෂි දීමෙන් ස්වාමීන් වන ජේසුස් වහන්සේගෙන් මට පැවරුණ දූත මෙහෙය සපුරා ලීම ය.
එවිට පාවුලු උත්තර දෙමින්, “ඔබ කුමක් කරන්නහු ද? හැඬීමෙන් මාගේ අධිෂ්ඨානය දුර්වල කරන්නේ මන් ද? මම ජෙරුසලමේ දී ස්වාමීන් වන ජේසුස් වහන්සේගේ නාමය නිසා හිරගෙට පමණක් නොව මැරෙන්නට වුවත් සූදානම් ව සිටිමි”යි කී ය.
මන්ද, ඔහු ක්‍රිස්තුන් වහන්සේගේ සේවය සඳහා දිවි පිදීමට පවා සූදානම් ව මරුමුවට ළඟා වූයේ ඔබ විසින් දීමට නොහැකි වූ සහාය මට දීමට යි.
හෙෂ්බොන්හි විසූ අමෝරිවරුන්ගේ රජ වූ සීහොන් ය. ඔහු අර්ණොන් ඔය අද්දර තිබෙන අරෝයෙර් පටන් ද මිටියාවත මැද තිබෙන නුවර පටන් ද අම්මොන් වැසියන්ගේ සීමාව වන ජබ්බොක් ඔය දක්වා ගිලියද් අර්ධයක් කෙරෙහි ද