Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 20:24 - Sinhala New Revised Version 2018

24 එහෙත් මාගේ ජීවිතය වැදගත් ය, නොහොත් මට ම අගේ ය කියා මම කිසිසේත් නොසලකමි. එහෙත් මාගේ පරමාර්ථය වූකලී දෙවියන් වහන්සේගේ කරුණාවේ සුබ අස්නට සාක්ෂි දීමෙන් ස්වාමීන් වන ජේසුස් වහන්සේගෙන් මට පැවරුණ දූත මෙහෙය සපුරා ලීම ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

24 එහෙත් මාගේ ජීවිතය වැදගත් ය, නොහොත් මට ම අගේ ය කියා මම කිසිසේත් නොසලකමි. එහෙත් මාගේ පරමාර්ථය වූකලී දෙවියන් වහන්සේගේ කරුණාවේ සුබ අස්නට සාක්ෂි දීමෙන් ස්වාමීන් වන ජේසුස් වහන්සේගෙන් මට පැවරුණ දූත මෙහෙය සපුරා ලීම ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

24 කෙසේ වෙතත් මා දුවන මේ තරඟ දිවුම නිම කිරීමත්, යේසුස් ස්වාමින්වහන්සේ මට දුන් කාර්ය භාරය වන දෙවියන්වහන්සේගේ අනුග්‍රහයේ ශුභාරංචිය ගැන සාක්ෂි දැරීම සම්පූර්ණ කිරීමත් මිස, මගේ ජීවිතය මට වටනේයයි මම නො සිතමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

24 නුමුත් මාගේ දිවීමද දෙවියන්වහන්සේගේ කරුණාවේ ශුභාරංචියට සාක්ෂිදෙන පිණිස ස්වාමිවූ යේසුස්වහන්සේගෙන් මට ලැබුණු මෙහෙයද සම්පූර්ණකිරීම පමණ මාගේ ජීවිතය වැදගත්ය නොහොත් මටම අගේය කියා මම කිසිසේත් නොසලකමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 20:24
59 හුවමාරු යොමු  

මේ සේවය දේව වරප්‍රසාදයෙන් අප පිට පවරා ඇති බැවින් අප අධෛර්ය නොවෙමු.


එහෙයින් ක්‍රිස්තුන් වහන්සේ උදෙසා පැමිණෙන දුර්වලකම් ද අන්තරා ද අගහිඟකම් ද පීඩා ද විපත්ති ද මම සතුටින් පිළිගනිමි. මක්නිසා ද යත්, දුර්වල ව සිටිය දී ම මම ශක්තිසම්පන්න ව සිටිමි.


එවිට පාවුලු උත්තර දෙමින්, “ඔබ කුමක් කරන්නහු ද? හැඬීමෙන් මාගේ අධිෂ්ඨානය දුර්වල කරන්නේ මන් ද? මම ජෙරුසලමේ දී ස්වාමීන් වන ජේසුස් වහන්සේගේ නාමය නිසා හිරගෙට පමණක් නොව මැරෙන්නට වුවත් සූදානම් ව සිටිමි”යි කී ය.


එහෙයින් මාගේ ප්‍රේමවන්ත සහෝදරවරුනි, සමිඳාණන් වහන්සේ තුළ ඔබගේ සේවය නිරර්ථක නොවන බව ඔබ දන්නා බැවින් ස්ථිර වන්න. නොසෙල් වී සිටින්න. සමිඳාණන් වහන්සේගේ සේවයෙහි අධික ලෙස නිරතවන්න.


එසේ වූයේ ඔවුන්ගේ ක්‍රියා නිසා නොව දේව වරප්‍රසාදයෙන් ය. ක්‍රියා නිසා එසේ සිදුවුණි නම්, දේව වරප්‍රසාදය කිසි සේත් දේව වරප්‍රසාදය නොවේ.


එහෙයින් ඔව්හු සමිඳාණන් වහන්සේගේ වරමින් එඩිතර ව කතා කරමින් බොහෝ කලක් එහි නැවතී සිටියහ. උන් වහන්සේ ඔවුන් ලවා අරුමපුදුම දේ ද ලකුණු ද කරවමින් සිය වරප්‍රසාදය පිළිබඳ ධර්මයට සාක්ෂි දැරූ සේක.


මේ ලුහුඬු හසුන, අපගේ විශ්වාස කටයුතු සහෝදරයෙකු වශයෙන් මා සලකන සිල්වානස්ගේ උපකාරයෙන් ලියා ඔහු අත ඔබ වෙත එවීමි. එසේ එවන්නේ, ඔබ ධෛර්යවත් කර මේ සියල්ල සත්‍යය දේව වරප්‍රසාදය බවට සාක්ෂි දෙන පිණිස ය. එහි ස්ථීර ව පිහිටා සිටින්න.


උන් වහන්සේ මේ වචනය නියමිත කාලයේ දී සිය පණිවුඩය මඟින් එළිදරව් කළ සේක. අප ගැළවුම්කාර දෙවියන් වහන්සේගේ අණ පරිදි, එය ප්‍රකාශ කිරීම මට පවරන ලදී.


මිනිසුන් කෙරෙන් වත්, මිනිසෙකු මඟින් වත් නොව, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගෙන් හා උන් වහන්සේ උත්ථාන කොට වදාළ දෙවි පියාණන් වහන්සේගෙන් අපෝස්තුළුවරයෙකු වීමේ කැඳවීම ලත් පාවුලු නම් මම මෙසේ ලියා එවමි.


අප ධෛර්යයෙන් සිටින බව නැවත කියමු. ශරීරය නමැති නිවාසයෙන් ඈත් වී සමිඳාණන් වහන්සේ තුළ විසීමට අපි වඩාත් කැමැති වෙමු.


“දැන් මම දෙවියන් වහන්සේටත් උන් වහන්සේගේ වරප්‍රසාදදායක පණිවුඩයටත් ඔබ භාර කරමි. ඔබ වැඩි වර්ධනය කිරීමටත්, කැප වූ සියලු අය සමඟ ඔබට උරුමය සාදා දීමටත් ඒ පණිවුඩයට හැකි ය.


ඔහු පැමිණ දේව වරප්‍රසාදය දැක, සන්තෝෂ වී, සමිඳාණන් වහන්සේට පක්ෂපාත ව, ස්ථීර ව, පවතින සේ සියල්ලනට අනුශාසනා කෙළේ ය.


ඔබගේ ඇදහිල්ල නමැති පූජාවත් සේවයත් මත මා ද පූජාවක් ලෙස ඔප්පු කරනු ලැබුවත් සන්තෝෂ වෙමි. ඔබ හැම සමඟ ප්‍රීති වෙමි.


එහෙත් සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට, “යන්න, මන්ද, ඔහු මාගේ නාමය විජාතීන් ද රජුන් ද ඉශ්රායෙල් පුත්‍රයන් ද වෙත ගෙනයාමට මා විසින් තෝරාගත් භාජනයකි.


මන්ද, ඔහු අප සමඟ ගණන්ගනු ලැබ, මේ සේවයෙහි තමාට හිමි කොටස ලැබී ය.


ඔබ වහන්සේ මට භාර දුන් මෙහෙය සම්පූර්ණ කරමින් මම මිහි පිට ඔබ මහිමයට පැමිණවීමි.


ඔව්හු බැටළු පෝතකයාණන්ගේ යාගික රුධිරය නිසා ද, තමන් සාක්ෂි දැරූ පණිවුඩය නිසා ද ඔහුගෙන් ජය ගත්තෝ ය. මන්ද, ඔව්හු මරණයට වත් බිය නොවී දිවි දීමට සූදානම් ව සිටියහ.


ප්‍රේමය යනු කිමෙක් දැ යි අප දන්නේ, ක්‍රිස්තුන් වහන්සේ සිය ජීවිතය අප උදෙසා පරිත්‍යාග කළ බැවිනි. අප ද, සහෝදරයන් උදෙසා අපේ ජීවිත පරිත්‍යාග කළ යුතු ය.


මා දුක් විඳින්නේ ඒ නිසා ම ය. එහෙත් මම ලජ්ජා නොවෙමි. මන්ද, මා අදහන්නේ කවරෙකු ද කියා මම දනිමි. මට භාර දී තිබෙන දෙය, ඒ මහා දවස දක්වා ආරක්ෂා කිරීමට උන් වහන්සේට හැකි බව මම සැක නොකරමි.


ඔබ උදෙසා මා විඳින දුක් ගැන දැන් මම ප්‍රීති වෙමි. මගේ ඒ ශාරීරික දුක් විඳීම හේතුකොටගෙන, ක්‍රිස්තුන් වහන්සේගේ ශරීරය වන සභාව උදෙසා උන් වහන්සේගේ දුක් විඳීමේ ඌනතා සම්පූර්ණ කිරීමට මම සහාය වෙමි.


එහෙයින් ඔබ නිසා මා දුක් විඳින බැවින්, අධෛර්ය‍ නොවන ලෙස ඉල්ලමි. ඒ ගැන ඔබ ආඩම්බර විය යුතු ය.


ඔබ මට හොඳට ම විශ්වාස ය. ඔබ ගැන මම ආඩම්බර වෙමි. අපේ සියලු දුක්විපත්වල දී මම ධෛර්යයෙන් පිරී ප්‍රීතියෙන් පිනා යමි.


ඔබ සිරකරුවන් ව සිටි අයගේ දුක් වේදනාවලට සහභාගි වූවා පමණක් නොව, වඩා විශිෂ්ට දිරා නොයන වස්තුවක් ඔබට ඇති බව දැන, ඔබේ දේපළ කොල්ලකෑම ප්‍රීතියෙන් ඉවසාගත්තහු ය.


සියලු මනුෂ්‍යයන්ට ගැළවීම ගෙන දෙන දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය ප්‍රකාශ වී ඇත.


එහෙත් සමිඳාණන් වහන්සේ මා අත්හැර නොගොස් මා ශක්තිමත් කළ සේක. මෙසේ මා මඟින් සුබ අස්න සම්පූර්ණ ලෙස සියලු විජාතීන්ට ඇසෙන සේ ප්‍රකාශ වනු ඇත. එසේ සිංහයාගේ කටින් මම මුදා ගනු ලැබුවෙමි.


එවිට උන් වහන්සේ මට කතා කොට, ‘යන්න, මම ඔබ බොහෝ ඈත, විජාතීන් වෙත යවන්නෙමි’යි වදාළ සේකැ”යි පැවසී ය.


දුක් විඳීම අපට නියම දෙයක් බව ඔබ ම දන්නහු ය.


ඔබ දන්නා පරිදි, ඊට පෙර පිලිප්පියෙහි දී, අපි දුකට හා නිග්‍රහයට භාජනය වීමු. එහෙත් බොහෝ විරුද්ධවාදිකම්වලට මුහුණ පාමින් වුව ද, ඔබට සුබ අස්න දේශනා කිරීමට දෙවියන් වහන්සේ අප ධෛර්යවත් කළ සේක.


පසුතැවී සිත් හරවා ගැනීමෙන් දෙවියන් වහන්සේ වෙත හැරෙන ලෙසත්, අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන ලෙසත් ජුදෙව්වරුන්ට හා අන්‍ය ජාතිකයන්ට ද තදින් අනුශාසනා කෙළෙමි.


උන් වහන්සේ එසේ කළේ තමන් වහන්සේගේ ප්‍රේමයාණන් වහන්සේ තුළ අපට දේව වරප්‍රසාදය අනුව ලබාදුන් මහිමාන්විත කරුණාවේ ප්‍රශංසාව සඳහා ය.


අන්තියෝකියේදීත්, ලුස්ත්‍රාවේදීත්, ඉකොනියේදීත්, මට ඇති වුණු පීඩා හා දුක්විඳීම් ද ඔබ දන්නෙහි ය. ඒ සියල්ලෙන් ම සමිඳාණන් වහන්සේ මා මිදූ සේක.


යම් වැඩක් කරන කෙනෙකුට දෙන වේතනය පාරිතෝෂික දීමනාවක් හැටියට නොව, ඔහුට ගෙවිය යුත්තක් හැටියට සලකනු ලැබේ.


තවද, මුල සිට ම ඔබ මා සමඟ සිටි බැවින් ඔබත් සාක්ෂිකාරයෝ වන්නහු ය.


ඔවුන් ද මේ වධ වේදනා ඇති ස්ථානයට නොපැමිණෙන පිණිස, ඔවුන්ට අවවාද දෙන්නට ලාසරස් මාගේ පියාගේ ගෙදරට යවන මෙ‍න් ඉල්ලමි’යි කී ය.


තවද ජොහන් සිය මෙහෙය නිම කරන විට, ‘මම කවරෙක් කියා ඔබ සිතන්නෙහි ද? මම ඔබ සිතන තැනැත්තා නොවෙමි; මට පසුව කෙනෙක් එන සේක, උන් වහන්සේගේ පාවහන් මුදන්නට වත් මම නොවටිමි’යි කී ය.


දීර්ඝ විවාදයක් ඇති වූ පසු පේදුරු නැඟිට ඔවුන් අමතා, “සහෝදරයෙනි, විජාතීන් මාගේ මුඛයෙන් පණිවුඩය අසා අදහන පිණිස බොහෝ කලකට ඉහත දෙවියන් වහන්සේ ඔබ අතරෙන් මා තෝරා ගත් බව ඔබ දන්නහු ය.


සීලස් ද තිමෝතියස් ද මසිදෝනියෙන් ආ කල ජේසුස් වහන්සේ ක්‍රිස්තුන් වහන්සේ ම යයි පාවුලු ජුදෙව්වරුන්ට සාක්ෂි දෙමින්, ධර්මය දේශනා කිරීමේ කාර්යයෙහි ම නිරත විය.


එහෙත් සිරගත වීම් හා පීඩා ද මට පැමිණේ යයි, ශුද්ධාත්මයාණන් වහන්සේ සියලු නගරවල දී දැනුම් දුන් බව හැර අන් කිසිවක් නොදනිමි.


මන්ද, ඔහු ක්‍රිස්තුන් වහන්සේගේ සේවය සඳහා දිවි පිදීමට පවා සූදානම් ව මරුමුවට ළඟා වූයේ ඔබ විසින් දීමට නොහැකි වූ සහාය මට දීමට යි.


එවිට ඔවුන් එකිනෙකාට සුදු සළුවක් දෙන ලද්දේ ය. ඔවුන් මෙන් ම මරනු ලැබීමට සිටි ඔවුන්ගේ හවුල් මෙහෙකරුවන්ගේ ද සහෝදරයන්ගේ ද ගණන සම්පූර්ණ වන තුරු තව ටික කලක් නවතින්නැ යි ඔවුන්ට කියන ලද්දේ ය.


එවිට තුන්දෙනා පිලිස්තිවරුන්ගේ හමුදාව මැදින් බිඳගෙන ගොස්, බෙත්ලෙහෙම් දොරටුව සමීපයෙහි වූ ළිඳෙන් වතුර ඇද දාවිත් වෙත ගෙනා හ. එහෙත්, දාවිත් එය බොන්නට අකමැති ව, ඒවා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පූජාවක් ලෙස වත් කොට,


මෙලෙස අප කෙරෙහි බලපාන්නේ මරණයයි. ඔබ කෙරෙහි බලපාන්නේ ජීවනයයි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්