ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ලෙවී කථාව 8:24 - Sinhala New Revised Version 2018

පසුව ඔහු ආරොන්ගේ පුත්‍රයන් කැඳවා ඔවුන්ගේ දකුණු කන් පෙතිවල ද දකුණතේ මාපටැඟිලිවල ද දකුණු පාදයේ මාපටැඟිලිවල ද ලේ තැවරී ය. ඉතිරි ලේ පූජාසනය පිට හාත්පසින් ඉස්සේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

පසුව ඔහු ආරොන්ගේ පුත්‍රයන් කැඳවා ඔවුන්ගේ දකුණු කන් පෙතිවල ද දකුණතේ මාපටැඟිලිවල ද දකුණු පාදයේ මාපටැඟිලිවල ද ලේ තැවරී ය. ඉතිරි ලේ පූජාසනය පිට හාත්පසින් ඉස්සේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඔහු ආරොන්ගේ පුත්‍රයන්ද ගෙනායේය, මෝසෙස් ලෙයින් මඳක් ඔවුන්ගේ දකුණු කන් කෙළවරෙහිද ඔවුන්ගේ දකුණත මාපට ඇඟිල්ලෙහිද ඔවුන්ගේ දකුණු පයේ මාපට ඇඟිල්ලෙහිද ගෑයේය. මෝසෙස් උගේ ලේ පූජාසනය පිට හාත්පස ඉස්සේය.

පරිච්ඡේදය බලන්න



ලෙවී කථාව 8:24
4 හුවමාරු යොමු  

ඉන්පසු ඌ මරා උගේ ලේ ගෙන ආරොන්ගේ දකුණු කන් පෙත්තෙහි ද ඔහුගේ පුත්‍රයන්ගේ දකුණු කන් පෙතිවල ද ඔවුන්ගේ දකුණත්වල මාපට ඇඟිලිවල ද දකුණු පාදවල මාපට ඇඟිලිවල ද තවරා, ඉතිරි ලේ පූජාසනයේ හැම පැත්තට ම ඉසිය යුතු ය.


පූජකවරයා වන්දි ගෙවීමේ පූජාවේ සතාගේ ලෙයින් ටිකක් ගෙන පවිත්‍ර වීමේ පිළිවෙත ලබන තැනැත්තාගේ දකුණු කන් පෙත්තෙහි ද දකුණතේ මාපටැඟිල්ලේ ද දකුණු පයේ මාපටැඟිල්ලේ ද තැවරිය යුතු ය.


ඉන්පසු ඔහු සතාගේ තෙල ද එනම්, තර වල්ගය ද අතුණු මත තිබූ තෙල මුළුමනින් ම ද අක්මාව පිට ඇති සිවිය ද වකුගඩු දෙක හා ඒවායේ තෙල ද දකුණු ගාතය ද ගත්තේ ය.