Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 29:20 - Sinhala New Revised Version 2018

20 ඉන්පසු ඌ මරා උගේ ලේ ගෙන ආරොන්ගේ දකුණු කන් පෙත්තෙහි ද ඔහුගේ පුත්‍රයන්ගේ දකුණු කන් පෙතිවල ද ඔවුන්ගේ දකුණත්වල මාපට ඇඟිලිවල ද දකුණු පාදවල මාපට ඇඟිලිවල ද තවරා, ඉතිරි ලේ පූජාසනයේ හැම පැත්තට ම ඉසිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 ඉන්පසු ඌ මරා උගේ ලේ ගෙන ආරොන්ගේ දකුණු කන් පෙත්තෙහි ද ඔහුගේ පුත්‍රයන්ගේ දකුණු කන් පෙතිවල ද ඔවුන්ගේ දකුණත්වල මාපට ඇඟිලිවල ද දකුණු පාදවල මාපට ඇඟිලිවල ද තවරා, ඉතිරි ලේ පූජාසනයේ හැම පැත්තට ම ඉසිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

20 එවිට නුඹ බැටළුවා මරා උගේ ලෙයින් ස්වල්පයක් ගෙන ආරොන්ගේ දකුණු කනේ කෙළවරද ඔහුගේ පුත්‍රයන්ගේ දකුණු කන් කෙළවරද ඔවුන්ගේ දකුණු අත්වල මාපට ඇඟිලිවලද දකුණු පාදවල මාපට ඇඟිලිවලද ගා ලේ පූජාසනය පිට වටකරින් ඉසින්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 29:20
19 හුවමාරු යොමු  

දෙවි සමිඳුන් මාගේ කන් පහදා ඇත. මා එතුමන්ට විරුද්ධ ව කැරලි ගැසුවේ වත්, එතුමන්ට පිටුපා ගියේ වත් නැත.


දෙවි පියාණන් වහන්සේගේ පෙර දැනුම අනුව තෝරාගනු ලැබූ, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේට කීකරු වීමට හා උන් වහන්සේගේ ලේ ඉසිනු ලැබීමට, ශුද්ධාත්මයාණන් වහන්සේ විසින් පවිත්‍ර කරනු ලැබූ අයට ය. කරුණාවත් ශාන්තියත් ඔබට අධික ලෙස වේ වා!


නව ගිවිසුමක මැදහත්කාරයාණන් වූ ජේසුස් වහන්සේ වෙතට ය. ආබෙල්ගේ ලෙයට වඩා උතුම් ලෙස කතා කරන උන් වහන්සේගේ ඉසීමේ ලෙය ද වෙතටත් ය.


එබැවින් අපි නපුරු හෘදය සාක්ෂියකින් පවිත්‍ර කරනු ලැබූ සිත් ද, පිරිසිදු වතුරෙන් ධෝවනය කළ ශරීර ද ඇති ව අවංක සිතක් හා ඒකාන්ත ඇදහීමේ සහතිකය ද ඇති ව, දෙවියන් වහන්සේ වෙත ළඟා වෙමු.


උන් වහන්සේ ඔහු සමූහයා කෙරෙන් වෙන් කොට ඉවතට ගෙන ගොස්, ඔහුගේ කන්වල උන් වහන්සේගේ ඇඟිලි බහා, කෙළ ගසා, ඔහුගේ දිව ස්පර්ශ කළ සේක.


දැන් නම්, ජාතීහු එතුමාණන් දැක මවිතයට පත් වෙති. රජවරු විස්මයෙන් විස්මයට පත් ව නිහඬ ව සිටිති. ඉහත දී ඔවුන්ට නොදැන්වූ දෙයක් දැන් ඔව්හු දනිති. කිසි කලක නොඇසූ දෙයක් දැන් ඔව්හු තේරුම්ගනිති.


ඒවා මත සිය ඇඟිල්ලෙන් හත්වරක් ලේ ඉසිමින්, ඒවා පවිත්‍ර කළ යුතු ය. මෙලෙස ඉශ්රායෙල් ජනයාගේ අපවිත්‍රකමින් ඒවා විශුද්ධ කළ යුතු ය.”


දකුණතේ ඇඟිල්ල වමතේ අල්ලේ ඇති තෙලට දමා, එයින් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි හත්වරක් ඉසිය යුතු ය.


පූජකවරයා වන්දි ගෙවීමේ පූජාවේ සතාගේ ලෙයින් ටිකක් ගෙන පවිත්‍ර වීමේ පිළිවෙත ලබන තැනැත්තාගේ දකුණු කන් පෙත්තෙහි ද දකුණතේ මාපටැඟිල්ලේ ද දකුණු පයේ මාපටැඟිල්ලේ ද තැවරිය යුතු ය.


ඔහු බෝවෙන චර්ම රෝගය තිබූ තැනැත්තා මත හත්වරක් ලේ ඉස, ඔහු පවිත්‍ර යයි ප්‍රකාශ කොට, පණපිටින් සිටින පක්ෂියාට එළිමහනේ පියාඹා යෑමට ඉඩ හැරිය යුතු ය.


පසුව ඔහු ආරොන්ගේ පුත්‍රයන් කැඳවා ඔවුන්ගේ දකුණු කන් පෙතිවල ද දකුණතේ මාපටැඟිලිවල ද දකුණු පාදයේ මාපටැඟිලිවල ද ලේ තැවරී ය. ඉතිරි ලේ පූජාසනය පිට හාත්පසින් ඉස්සේ ය.


“නුඹ අනික් බැටළුවා ද ගෙනා පසු ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් උගේ හිස මත ඔවුන්ගේ අත් තැබිය යුතු ය.


පසුව පූජාසනය මත ඇති ලෙයින් ටිකක් ද ආලේප තෛලයෙන් ටිකක් ද ගෙන ආරොන් මත ද ඔහුගේ වස්ත්‍ර මත ද ඔහුගේ පුත්‍රයන් මත ද ඔහුගේ පුත්‍රයන්ගේ වස්ත්‍ර මත ද ඉසිය යුතු ය. මෙලෙස ඔහු ද ඔහුගේ වස්ත්‍ර ද ඔහුගේ පුත්‍රයන් හා ඔවුන්ගේ වස්ත්‍ර ද ඔහු සමඟ කැප වනු ඇත.


මෝසෙස් ද ඌ මරා, උගේ ලේ ගෙන, ආරොන්ගේ දකුණු කන්පෙත්තෙහි ද දකුණතේ මාපටැඟිල්ලේ ද දකුණු පයේ මාපටැඟිල්ලේ ද තැවරී ය.


මෙසේ කොට ඔහු තම අතේ ඇති ඉතිරි තෙලින් ටිකක් පවිත්‍ර වීමේ පිළිවෙත ලබන්නාගේ දකුණු කන් පෙත්තේ ද දකුණු මාපටැඟිල්ලේ ද දකුණු පයේ මාපටැඟිල්ලේ ද වන්දි ගෙවීමේ පූජාවේ ලේ මත ද දැමිය යුතු ය.


ඔහු වන්දි ගෙවීමේ පූජාවේ බැටළුවා මරා, එයින් ලේ ටිකක් ගෙන, පවිත්‍ර වීම ලබන තැනැත්තාගේ දකුණු කන් පෙත්තෙහි ද ඔහුගේ දකුණතේ මාපටැඟිල්ලේ ද දකුණු පයේ මාපටැඟිල්ලේ ද තැවරිය යුතු වේ.


තවද, ඔහු තම අතේ තිබෙන තෙලින් ටිකක් ගෙන පවිත්‍ර වීම ලබන තැනැත්තාගේ දකුණු කන් පෙත්තේ ද දකුණතේ මාපටැඟිල්ලේ ද දකුණු පයේ මාපටැඟිල්ලේ ද වන්දි ගෙවීමේ පූජාවේ ලේ මත ද දැමිය යුතු වේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්