එම සතාගේ මාංසයට ස්පර්ශ වන සෑම දෙයක් ම ශුද්ධ වනු ඇත. එයින් ලේ ස්වල්පයක් යම්කිසි වස්ත්‍රයක ගෑවුණොත්, ගෑවුණු වස්ත්‍රය ශුද්ධස්ථානයක සේදිය යුතු ය.
ලෙවී කථාව 7:19 - Sinhala New Revised Version 2018 අපවිත්‍ර යමකට ස්පර්ශ වන ඒ මාංසය නොවැළඳිය යුතු අතර එය ගින්නේ දැවිය යුතු ය. “ඉතිරි මාංසය ආගමික චාරිත්‍ර අනුව පවිත්‍ර ව සිටින සෑම කෙනෙකුට ම වැළඳිය හැක. Sinhala New Revised Version අපවිත්‍ර යමකට ස්පර්ශ වන ඒ මාංසය නොවැළඳිය යුතු අතර එය ගින්නේ දැවිය යුතු ය. “ඉතිරි මාංසය ආගමික චාරිත්‍ර අනුව පවිත්‍ර ව සිටින සෑම කෙනෙකුට ම වැළඳිය හැක. Sinhala Revised Old Version අපවිත්‍ර යම් දෙයක ස්පර්ශවන මාංසය නොකා ගින්නෙන් දැවිය යුතුය. ඉතිරි මාංසය පවිත්‍රව සිටින සියල්ලන් විසින් කන්නට පුළුවන. |
එම සතාගේ මාංසයට ස්පර්ශ වන සෑම දෙයක් ම ශුද්ධ වනු ඇත. එයින් ලේ ස්වල්පයක් යම්කිසි වස්ත්‍රයක ගෑවුණොත්, ගෑවුණු වස්ත්‍රය ශුද්ධස්ථානයක සේදිය යුතු ය.
එහෙත්, යමෙකු සහභාගිකමේ පූජාව වශයෙන් පුදන සතාගේ මාංසය තුන් වන දවසේ දී වැළඳුවහොත්, ඔහුගේ පූජාව නොපිළිගනු ලැබේ. පූජාව පුදන තැනැත්තාට එයින් වන ආනිශංසයක් නැත. එය පිළිකුලක් වනු ඇත. එයින් වළඳන තැනැත්තා එය ගැන වගකිව යුතු ය.
එහෙත්, ආගමික චාරිත්‍ර අනුව අපවිත්‍ර යයි සැලකෙන යමෙකු සහභාගිකමේ පූජාව වශයෙන් පිදූ සතාගේ මාංසය කෑවහොත්, ඔහු තම සෙනඟ කෙරෙන් නෙරපාදමනු ලැබේ.
ඔවුන් අමතා, “ජුදෙව් මිනිසෙකුට විජාතිකයෙකු හා සමඟ සමාගම් පැවැත්වීමත් ඔහු බලන්නට යාමත් තහනම් බව ඔබ දන්නහු ය. එහෙත් කවර මිනිසෙක් වුව ද පිළිකුල් ය නොහොත් අපවිත්‍ර යයි නොකිය යුතු බව දෙවියන් වහන්සේ මට පෙන්වා දුන් සේක.
ස්වභාවයෙන් ම අපවිත්‍ර වූ කිසිවක් නැතැ යි කිතුනුවකු වශයෙන් මම සහතික ලෙස දනිමි. යමක් අපවිත්‍ර යයි සිතන තැනැත්තාට එය අපවිත්‍ර ය.
කෑම නිසා දේව සේවය කඩාකප්පල් නොකරන්න. හැම කෑමක් ම පවිත්‍ර ය; එහෙත් අන්කෙනෙකුගේ වැටීමට හේතු වන සේ කෑම කන මනුෂ්‍යයාට අවැඩක් සිදු වේ.
එබැවින්: “ඔවුන් අතරෙන් නික්මවිත්, වෙන් වී සිටින්න. අපවිත්‍ර කිසිවක් ස්පර්ශ නොකරන්නැ”යි සමිඳාණන් වහන්සේ වදාරන සේක. “එවිට මම ඔබ පිළිගෙන,
පවිත්‍ර අයට සියලු දේ පවිත්‍ර ය; දූෂිත, අභක්තික අයට කිසිවක් පවිත්‍ර නැත. ඔවුන්ගේ සිතත්, හෘදය සාක්ෂියත් දූෂණය වී තිබේ.