Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ලෙවී කථාව 7:20 - Sinhala New Revised Version 2018

20 එහෙත්, ආගමික චාරිත්‍ර අනුව අපවිත්‍ර යයි සැලකෙන යමෙකු සහභාගිකමේ පූජාව වශයෙන් පිදූ සතාගේ මාංසය කෑවහොත්, ඔහු තම සෙනඟ කෙරෙන් නෙරපාදමනු ලැබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 එහෙත්, ආගමික චාරිත්‍ර අනුව අපවිත්‍ර යයි සැලකෙන යමෙකු සහභාගිකමේ පූජාව වශයෙන් පිදූ සතාගේ මාංසය කෑවහොත්, ඔහු තම සෙනඟ කෙරෙන් නෙරපාදමනු ලැබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

20 එහෙත් අපවිත්‍රකමක් ඇතුව ස්වාමීන්වහන්සේට අයිති ශාන්ති පූජාවේ මාංසය කන තැනැත්තේ තමාගේ සෙනඟ කෙරෙන් සිඳිනු ලබන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 7:20
16 හුවමාරු යොමු  

ලිංගාග්‍ර චර්මය ඡේදනය නොකළ අචර්මඡේදිත පිරිමි දරුවා ඔහුගේ පෙළපතින් නෙරපාදමනු ලැබේ. මන්ද, ඔහු මාගේ ගිවිසුම කඩ කර ඇති බැවිනි.”


යමෙක් ඊට සමාන අන් සංයෝගයක් සාදන්නේ ද යමෙක් ඉන් මඳක් පූජකයෙකු නොවන්නකු මත දමන්නේ ද ඔහු තම සෙනඟගෙන් නෙරපාදැමිය යුතු ය’ කියා අණ කරන්න.”


යමෙක් ඊට සමාන සුවඳැති අනෙකක් සාදන්නේ ද ඔහු සිය සෙනඟගෙන් නෙරපාදැමිය යුතු ය.”


“එබැවින්, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි ඔවුන්ට කියන්න: ‘ලේ පිටින් මස් කන, රූපවලට නමස්කාර කරන, ලේ වගුරුවන, නුඹලාට දේශය භුක්ති විඳින්න ලැබේ ද?


යමෙකු මෙවැනි පිළිකුල්කම් කිසිවක් කළොත්, එවැන්නෙකු ඔවුන්ගේ සෙනඟ අතරෙන් නෙරපාදමනු ලැබිය යුතු ය.


යමෙකු එයින් අනුභව කළොත්, සමිඳාණන් වහන්සේට කැප කළ දේ කෙලෙසූ බැවින් තම දුෂ්ටකම ගැන වගකිව යුතු ය. එවැන්නෙක් තම සෙනඟ අතරින් නෙරපාදමනු ලැබේ.


එවැන්නෙකු සිය දරුවා මොලෙක්ට බිලි දුන් නිසා ද මාගේ ශුද්ධස්ථානය කෙලෙසූ නිසා ද මාගේ ශුද්ධ නාමය ගැරහූ නිසා ද මම ඔහුට විරුද්ධ වී ඔහුගේ සෙනඟ කෙරෙන් ඔහු නෙරපා දමමි.


එදින යමෙක් උපවාස නොකරන්නේ ද ඔහු තම සෙනඟ අතරෙන් නෙරපාදමනු ලැබේ.


අපවිත්‍ර යමකට ස්පර්ශ වන ඒ මාංසය නොවැළඳිය යුතු අතර එය ගින්නේ දැවිය යුතු ය. “ඉතිරි මාංසය ආගමික චාරිත්‍ර අනුව පවිත්‍ර ව සිටින සෑම කෙනෙකුට ම වැළඳිය හැක.


මිනිසුන් විසින් ගින්නෙන් දවා සමිඳාණන් වහන්සේට පුදන ලද සතෙකුගේ තෙල යමෙක් කන්නේ ද, ඔහු සිය සෙනඟ කෙරෙන් නෙරපාදමනු ලැබේ.


යමෙක් ලේ කෑමට ගන්නේ ද ඔහු සිය සෙනඟ කෙරෙන් නෙරපාදමනු ලැබේ ය’ ”යි වදාළ සේක.


යමෙක් යමෙකුගේ මෘත ශරීරයක් ස්පර්ශ කොට තමා පවිත්‍ර කර නොගනී නම්, ඒ තැනැත්තා සමිඳාණන් වහන්සේගේ කූඩාරම කෙලෙසනු ඇත. එවැන්නෙකු ඉශ්රායෙල් ජනයා වෙතින් නෙරපාදැමිය යුතු ය. පවිත්‍ර වීමේ ජලය ඔහුට නොඉස්ස බැවින්, ඔහු අපවිත්‍ර ය. අපවිත්‍රතාව ඔහුට තිබේ ය යි සැලකෙනු ඇත.


එබැවින් මේ පූප වැළඳීමටත්, මේ කුසලානෙන් පානය කිරීමටත් පෙර එක් එක්කෙනා තම තමා සෝදිසි කරගත යුතු ය.


එහෙත්, සාවුල් ඒ දවසේ දී කිසිවක් කීවේ නැත. මන්ද, ‘යම් දෙයක් සිදු වීම හේතුකොටගෙන ඔහු කිසි සේත් පවිත්‍ර නැතැ’යි කල්පනා කළ බැවිනි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්