ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ලෙවී කථාව 6:21 - Sinhala New Revised Version 2018

තෙල් මිශ්‍රකොට එය තාච්චියක සූදානම් කළ යුතු ය. එය පිසුවාට පසු, ධාන්‍ය පූජාව මෙන් පිසූ යාග පූජාවේ කැබලි සමිඳාණන් වහන්සේට සුමිහිරි පූජාවක් ලෙස පිදිය යුතු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

තෙල් මිශ්‍රකොට එය තාච්චියක සූදානම් කළ යුතු ය. එය පිසුවාට පසු, ධාන්‍ය පූජාව මෙන් පිසූ යාග පූජාවේ කැබලි සමිඳාණන් වහන්සේට සුමිහිරි පූජාවක් ලෙස පිදිය යුතු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඒවා තෙල් ඇතුව ඇතිලියක පිළියෙළකරනු ලැබිය යුතුය; ඒවා පෙඟුණු කල ඇතුළට ගෙනැවිත් පිලිස්සු ආහාර පූජාවක් කොට කැබලි වශයෙන් ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් පිණිස ඔප්පුකරන්න.

පරිච්ඡේදය බලන්න



ලෙවී කථාව 6:21
8 හුවමාරු යොමු  

ආහාර පූජාවටත්, මුහුන් නැති පූපවලටත් ඇතිළියටත්, පොඟවන ඒවාටත් ඕනෑ කරන සිහින් පිටි ද සියලු ආකාර මිමි ද මැනීම් ද බලාගැනීමත්,


ලෙවීවරුන් අතරෙන් කොරහි ෂල්ලුම්ගේ කුලුඳුලා වූ මත්තිතියා ඇතිළිවල පිසූ දේ බලාගැනීමට පත් ව සිටියේ ය.


උන්ගේ මළකුණක් මැටි බඳුනකට වැටුණොත්, එහි තිබෙන සියල්ල අපවිත්‍ර වනු ඇත. එය ද බිඳ දැමිය යුතු ය.


එවැන්නෙකු මැටි බඳුනක් ස්පර්ශ කළොත්, එය බිඳදැමිය යුතු ය. එසේ ම එවැන්නෙකු ස්පර්ශ කරන සෑම ලී බඳුනක් ම වතුරෙන් සේදිය යුතු ය.


“නුඹේ ධාන්‍ය පූජාව කබලක බදින ලද ඇනූ පිටි නම්, එය නුමුහුන්, තෙල් මිශ්‍ර, සිහින් පිටිවලින් සෑදූ පූපයක් විය යුතු ය.


තවද, ආරොන්ගේ පුත්‍රයන් අතර ආරොන් වෙනුවට ආලේප ලත් පූජකයා ද එය ඔප්පු කළ යුතු ය. මෙය සදහට ම වලංගු නියෝගයකි. එය සම්පූර්ණයෙන් ම දවා සමිඳාණන් වහන්සේට පිදිය යුතු ය.


යමෙක් ස්තුති දීමක් වශයෙන් එය පුදන්නේ නම්, ස්තුති දීමේ පූජාවක් සමඟ තෙල් මිශ්‍ර නුමුහුන් පූප ද තෙල් ගෑ නුමුහුන් පූප පෙති ද සිහින් පිටිවලින් බදින ලද තෙල් මිශ්‍ර පූප ද පුද කළ යුතු ය.


උදුනක පිසූ ධාන්‍ය පූජාව මුළුමනින් ද කබලක හෝ තාච්චියක හෝ පිළියෙළ කළ සියල්ල ද පිදූ පූජකවරයාට අයිති ය.