Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 6:21 - Sinhala Revised Old Version

21 ඒවා තෙල් ඇතුව ඇතිලියක පිළියෙළකරනු ලැබිය යුතුය; ඒවා පෙඟුණු කල ඇතුළට ගෙනැවිත් පිලිස්සු ආහාර පූජාවක් කොට කැබලි වශයෙන් ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් පිණිස ඔප්පුකරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 තෙල් මිශ්‍රකොට එය තාච්චියක සූදානම් කළ යුතු ය. එය පිසුවාට පසු, ධාන්‍ය පූජාව මෙන් පිසූ යාග පූජාවේ කැබලි සමිඳාණන් වහන්සේට සුමිහිරි පූජාවක් ලෙස පිදිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

21 තෙල් මිශ්‍රකොට එය තාච්චියක සූදානම් කළ යුතු ය. එය පිසුවාට පසු, ධාන්‍ය පූජාව මෙන් පිසූ යාග පූජාවේ කැබලි සමිඳාණන් වහන්සේට සුමිහිරි පූජාවක් ලෙස පිදිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 6:21
8 හුවමාරු යොමු  

නුඹේ පූජාව ඇතිලියේ පුලුස්සන ආහාර පූජාවක් නම් එය තෙල් මිශ්‍රකරනලද මුහුන් නුමුසු සිහින් පිටියෙන් විය යුතුය.


උදුනේ බදින්නාවූ ආහාර පූජා සියල්ලද වළඳෙත් ඇතිලියෙත් පිළියෙළකරන සියල්ලද ඒවා ඔප්පුකරන පූජකයාට හිමිවන්නේය.


ලෙවීවරුන් අතරෙන් කොරහිය ෂල්ලුම්ගේ කුලුඳුලාවූ මත්තිතියා ඇතිළිවල පිසූ දේ බලාගැනීමට පත්ව සිටියේය.


ඔහුගේ පුත්‍රයන්ගෙන් ඔහු වෙනුවට ආලේපලත් පූජකයා ඒක පූජාකළ යුතුය. නිරන්තර පනතකින් ඒක ස්වාමීන්වහන්සේට සහමුලින්ම දවනු ලැබිය යුතුය.


ඒක ස්තුති වශයෙන් ඔප්පුකරන්නේනම්, ස්තුති පූජාව සමඟ තෙල් මිශ්‍රවූ මුහුන් නොදැමූ පූපද තෙල් ගෑවාවූ මුහුන් නොදැමූ පෙතිද පෙඟුණු සිහින් පිටිවලින් බදිනලද තෙල් මිශ්‍රවූ පූපද ඔප්පුකළ යුතුය.


පිදීමේ රොටිද ආහාර පූජාවටත් මුහුන් නැති රොටිවලටත් ඇතිලියටත් පොඟවන ඒවාටත් ඕනෑකරන සිහින් පිටිද සියලු ආකාර මිමිද මැනීම්ද බලාගැනීමත්,


උන්ගෙන් යම් එකෙක් මැටි භාජනයක වැටුණොත් එහි තිබෙන සියල්ල අපවිත්‍රවන්නේය, ඒකද බිඳ දැමිය යුතුය;


ප්‍රමේහය ඇති අය අත ගසන මැටි භාජනය බිඳදැමිය යුතුය. සියලු ලී භාජනද වතුරෙන් සේදිය යුතුය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්