Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 11:33 - Sinhala New Revised Version 2018

33 උන්ගේ මළකුණක් මැටි බඳුනකට වැටුණොත්, එහි තිබෙන සියල්ල අපවිත්‍ර වනු ඇත. එය ද බිඳ දැමිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

33 උන්ගේ මළකුණක් මැටි බඳුනකට වැටුණොත්, එහි තිබෙන සියල්ල අපවිත්‍ර වනු ඇත. එය ද බිඳ දැමිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

33 උන්ගෙන් යම් එකෙක් මැටි භාජනයක වැටුණොත් එහි තිබෙන සියල්ල අපවිත්‍රවන්නේය, ඒකද බිඳ දැමිය යුතුය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 11:33
11 හුවමාරු යොමු  

එවැන්නෙකු මැටි බඳුනක් ස්පර්ශ කළොත්, එය බිඳදැමිය යුතු ය. එසේ ම එවැන්නෙකු ස්පර්ශ කරන සෑම ලී බඳුනක් ම වතුරෙන් සේදිය යුතු ය.


යම්කිසි මැටි බඳුනක එය පිසිනු ලැබුවේ නම්, එම බඳුන බිඳිය යුතු ය. එය පිසිනු ලැබුවේ ලෝකඩ බඳුනක නම්, එම බඳුන මැද, වතුරෙන් සේදිය යුතු ය.


සියල්ල තමන්ට වසඟ කර ගැනීමට ඇති ස්වකීය බලය අනුව, දැනට අපට ඇති පහත්කමේ ශරීර, තමන් වහන්සේගේ තේජාන්විත ශරීරයට සමාන වන පිණිස, උන් වහන්සේ ඒවා, වෙනස් කරන සේක.


මෝවබ්හි සියලු පියසි උඩ ද එහි සියලු චතුරශ්‍රවල ද ඇසෙන්නේ වැලපීම පමණකි. මන්ද, කිසිවෙකුට වුවමනා නැති භාජනයක් පොඩි කරන්නාක් මෙන් මා මෝවබ් පොඩි කරදමා ඇත. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.


ඔහු ගෙය ද එහි ගඩොල් ද ලී දඬු ද බදාම සම්පූර්ණයෙන් ද කඩාදමා නගරයෙන් පිටත කසළ ගොඩකට ඒවා ගෙන යා යුතු ය.


උන්ගේ මළකුණුවලින් කිසිවක් යම් දෙයක් පිට වැටේ ද, එය උදුනක් වේ වා, වළං මැස්සක් වේ වා, ඒවා කඩාදැමිය යුතු ය. ඒවා අපවිත්‍ර ය. නුඹලා ද ඒවා අපවිත්‍ර ලෙස සැලකිය යුතු ය.


කෑමට අවසර ඇති යම් ආහාරයක් පිට එවැනි බඳුනකින් වතුර වැටුණොත් ඒ ආහාර අපවිත්‍ර වනු ඇත. එවැනි බඳුනකින් බොන සියලු බීම ද අපවිත්‍ර වන්නේ ය.


තෙල් මිශ්‍රකොට එය තාච්චියක සූදානම් කළ යුතු ය. එය පිසුවාට පසු, ධාන්‍ය පූජාව මෙන් පිසූ යාග පූජාවේ කැබලි සමිඳාණන් වහන්සේට සුමිහිරි පූජාවක් ලෙස පිදිය යුතු ය.


එබැවින් ඔහු එබඳු ඕනෑ ම පිළියක්, හණ හෝ ලෝමයෙන් හෝ වියූ ඇතිරිල්ලක් හෝ වේවා, හමින් සෑදූ යමක් හෝ වේවා, සැරෙන් බෝවෙන චර්ම රෝගයක ලකුණු ඇති බැවින් ඒවා ගින්නෙන් පුළුස්සා දැමිය යුතු ය.


වැස්මක් නැති ව, ඇර තිබූ භාජන සියල්ල අපවිත්‍ර ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්