එසේ ඔව්හු සිරියන්වරුන්ගේ කඳවුරට යන පිණිස ඇඳිරි වේගෙන එන වේලෙහිම පිටත් වූ හ. එහෙත්, ඔව්හු සිරියන්වරුන්ගේ කඳවුරේ සීමාවට පැමිණෙන විට එහි කිසිවෙකු නැති බව දුටුවෝ ය.
ලෙවී කථාව 27:26 - Sinhala New Revised Version 2018 “සතෙකුගේ කුලුඳුල් පැටියා සමිඳාණන් වහන්සේගේ ම බැවින්, උන් වහන්සේට කැප කළ යුතු නොවේ. ඒ සතා වස්සෙක් හෝ බැටළු පැටියෙක් හෝ වේවා, ඌ සමිඳාණන් වහන්සේගේ ය. Sinhala New Revised Version “සතෙකුගේ කුලුඳුල් පැටියා සමිඳාණන් වහන්සේගේ ම බැවින්, උන් වහන්සේට කැප කළ යුතු නොවේ. ඒ සතා වස්සෙක් හෝ බැටළු පැටියෙක් හෝ වේවා, ඌ සමිඳාණන් වහන්සේගේ ය. Sinhala Revised Old Version නුමුත් කුලුඳුල්ව ඉපිද ස්වාමීන්වහන්සේට අයිතිවෙන කුලුඳුල් මෘගයෙක් කිසිවෙකු විසින් කැපනොකළ යුතුය; ගවයෙක් වුවත් එළුවෙක් හෝ බැටළුවෙක් වුවත් ඌ ස්වාමීන්වහන්සේටම අයිතිය. |
එසේ ඔව්හු සිරියන්වරුන්ගේ කඳවුරට යන පිණිස ඇඳිරි වේගෙන එන වේලෙහිම පිටත් වූ හ. එහෙත්, ඔව්හු සිරියන්වරුන්ගේ කඳවුරේ සීමාවට පැමිණෙන විට එහි කිසිවෙකු නැති බව දුටුවෝ ය.
ව්‍යවස්ථාවෙහි ලියා තිබෙන ප්‍රකාරයට අපේ පුත්‍රයන්ගෙන් සහ සිවුපාවුන්ගෙන් කුලුඳුලන් ද අපේ ගවයින්ගෙන් හා බැටළුවන්ගෙන් කුලුඳුලන් ද අපේ දෙවියන් වහන්සේගේ මාලිගාවට එනම්, අපේ දෙවියන් වහන්සේගේ මාලිගාවෙහි සේවය කරන පූජකයන් වෙත ගෙනෙන හැටියටත්,
“ඉශ්රායෙල් ජනයා අතර මවු කුසෙන් බිහි වන සියලු කුලුඳුලන් මට කැප කරන්න; මනුෂ්‍යයන් අතර වේ වා, මෘගයන් අතර වේ වා, එවැන්නන් මට අයිති ය”යි වදාළ සේක.
නුඹලාගේ ගවයන් හා බැටළුවන් සම්බන්ධයෙන් ද එලෙස ම කළ යුතුයි. වහු පැටියා දින හතක් මවු ළඟ සිටි පසු අට වන දින නුඹලා ඌ මට දිය යුතු ය.
එහෙත්, කුලුඳුල් සතා අපවිත්‍ර සතෙක් නම්, තක්සේරු මුදල අනුව ඊට පහෙන් පංගුවක් එකතු කොට ඌ මුදාගත යුතු ය. ඌ මුදා නොගන්නේ නම්, යමෙකුට නියම මුදලට ඌ විකිණිය හැක.
එහෙත්, එළදෙනකගේ හෝ බැටළු දෙනකගේ හෝ එළුදෙනකගේ හෝ කුලුඳුල් පැටියෙකු මුදා නොගත යුතු ය. උන් මට කැප ය. පූජාසනය මත උන්ගේ ලේ ඉස උන්ගේ තෙල දැවිය යුතු ය. එය සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳක් සහිත ගින්නෙන් දවා පිදූ පූජාවක් වනු ඇත.
මන්ද, සියලු කුලුඳුලෝ මට අයිති ය. මිසර දේශයේ සියලු කුලුඳුලන් මැරූ දිනයේ දී, මම ඉශ්රායෙල් ජනයා අතර කුලුඳුල් දරුවන් හා කුලුඳුල් සතුන් මට ම කැප කොටගතිමි. ඔවුන් මට අයිති වනු ඇත. මම සමිඳාණන් වහන්සේ වෙමි”යි වදාළ සේක.
“ගවයන්ගේ සහ එළු බැටළුවන්ගේ කුලුඳුල් පිරිමි සතුන් සියල්ලන් ම ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට කැප කළ යුතු ය. කුලුඳුල් ගොන් වස්සෙකුගෙන් වැඩ නොගත යුතු ය, කුලුඳුල් බැටළුවන්ගේ ලොම් නොකැපිය යුතු ය.