Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 3:13 - Sinhala New Revised Version 2018

13 මන්ද, සියලු කුලුඳුලෝ මට අයිති ය. මිසර දේශයේ සියලු කුලුඳුලන් මැරූ දිනයේ දී, මම ඉශ්රායෙල් ජනයා අතර කුලුඳුල් දරුවන් හා කුලුඳුල් සතුන් මට ම කැප කොටගතිමි. ඔවුන් මට අයිති වනු ඇත. මම සමිඳාණන් වහන්සේ වෙමි”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 මන්ද, සියලු කුලුඳුලෝ මට අයිති ය. මිසර දේශයේ සියලු කුලුඳුලන් මැරූ දිනයේ දී, මම ඉශ්රායෙල් ජනයා අතර කුලුඳුල් දරුවන් හා කුලුඳුල් සතුන් මට ම කැප කොටගතිමි. ඔවුන් මට අයිති වනු ඇත. මම සමිඳාණන් වහන්සේ වෙමි”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

13 මක්නිසාද සියලු කුලුඳුලෝ මාගේය; මා විසින් මිසර දේශයේ සියලුම කුලුඳුලන්ට පහරදුන් දවසේදී ඉශ්‍රායෙල්වරුන් අතරෙහි මනුෂ්‍යයන්ගෙන්ද මෘගයන්ගෙන්ද සියලුම කුලුඳුලන් මට විශුද්ධකරගතිමි. ඔව්හු මාගේ වන්නෝය; මම ස්වාමීන්වහන්සේයයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 3:13
16 හුවමාරු යොමු  

එසේ කෙළේ, “හැම කුලුඳුල් පිරිමි දරුවෙක් ම සමිඳාණන් වහන්සේට කැප ය”යි සමිඳාණන් වහන්සේගේ ව්‍යවස්ථාවලියෙහි ලියා ඇති ලෙස, දරුවා සමිඳාණන් වහන්සේට ඔප්පු කරන පිණිසත්,


සියලු කුලුඳුල් පිරිමින් සමිඳාණන් වහන්සේට කැප කළ යුතු ය. ඔබේ මෘගයන්ගේ කුලුඳුල් පිරිමි පැටියන් සියල්ලන් ම උන් වහන්සේට අයිති ය.


“ඉශ්රායෙල් ජනයා අතර මවු කුසෙන් බිහි වන සියලු කුලුඳුලන් මට කැප කරන්න; මනුෂ්‍යයන් අතර වේ වා, මෘගයන් අතර වේ වා, එවැන්නන් මට අයිති ය”යි වදාළ සේක.


“සතෙකුගේ කුලුඳුල් පැටියා සමිඳාණන් වහන්සේගේ ම බැවින්, උන් වහන්සේට කැප කළ යුතු නොවේ. ඒ සතා වස්සෙක් හෝ බැටළු පැටියෙක් හෝ වේවා, ඌ සමිඳාණන් වහන්සේගේ ය.


පාරාවෝ මුරණ්ඩු ලෙස අපට නික්ම යෑමට අවසර නුදුන් විට, සමිඳාණන් වහන්සේ මිසර දේශයේ මිනිසුන්ගේ කුලුඳුලන් සියල්ලන් හා මෘගයන්ගේ සියලු කුලුඳුලන් ද මරාදැමූ සේක. එබැවින් මම, මවු කුසෙන් පළමුවෙන් බිහි වෙන සියලු පිරිමි සතුන් උන් වහන්සේට පූජා කරමි. එහෙත්, සියලු පිරිමි කුලුඳුල් දරුවන් මම මුදාගන්නෙමි.


සගලොවෙහි නම් ලියා ඇති කුළුඳුලන්ගේ සභාවට ය; සියල්ලන්ගේ විනිශ්චයකාර දෙවියන් වහන්සේ වෙතට ය; සම්පූර්ණ ලෙස ධර්මිෂ්ඨ කරන ලද අයගේ ආත්ම වෙතට ය;


සියලු ම දේවල්, සියලු ම ප්‍රථම පලවලින් පළමු ඒවා ද නුඹලාගේ සියලු ආකාර දේවල එසවීමේ පූජා සියල්ල ද පූජකයන්ට වන්නේ ය. නුඹේ පවුලට ආශීර්වාදයක් ලැබෙන පිණිස නුඹලා ඇනූ පිටියෙන් මුල් ම කොටස පූජකයන්ට දෙන්න.


“ඔවුන් සමිඳාණන් වහන්සේට පුදන මිනිසුන්ගේ හෝ මෘගයන්ගේ හෝ කුලුඳුලන් සියලු දෙනා නුඹට අයිති වෙත්. එහෙත්, කුලුඳුල් පුතෙක් නම් මුදාගත යුතු වේ. එලෙස ම අපවිත්‍ර යයි සැලකෙන කුලුඳුල් සතුන්ගේ පැටියන් ද මුදාගත යුතු ය.


සියලු කුලුඳුලෝ මට අයිති වෙති. නුඹේ ගොවිපළේ ගවයන්ගේ හෝ බැටළුවන්ගේ හෝ සෑම කුලුඳුල් පිරිමි සතෙක් ම මට අයිති වේ.


“නුඹ, ධාන්‍යවලින් ද මිදිරසින් ද මට දිය යුතු පඬුරු පුද කිරීමට පමා නොවිය යුතු ය. නුඹලාගේ පුතුන් අතර කුලුඳුලා මට දිය යුතු වේ.


ව්‍යවස්ථාවෙහි ලියා තිබෙන ප්‍රකාරයට අපේ පුත්‍රයන්ගෙන් සහ සිවුපාවුන්ගෙන් කුලුඳුලන් ද අපේ ගවයින්ගෙන් හා බැටළුවන්ගෙන් කුලුඳුලන් ද අපේ දෙවියන් වහන්සේගේ මාලිගාවට එනම්, අපේ දෙවියන් වහන්සේගේ මාලිගාවෙහි සේවය කරන පූජකයන් වෙත ගෙනෙන හැටියටත්,


මම සමිඳාණන් වහන්සේ වෙමි. ඉශ්රායෙල් ජනයා අතර සියලු කුලුඳුලන් වෙනුවට ලෙවීවරුන් පමණක් මට වෙන් කරන්න. තවද, ඉශ්රායෙල් ජනයාගේ සියලු කුලුඳුල් ගවයන් වෙනුවට, ලෙවීවරුන්ගේ ගවයන් මට වෙන් කරන්නැ”යි වදාළ සේක.


මෙන්න, ඉශ්රායෙල් ජනයා අතරෙන් නුඹේ සොහොයුරන් වන ලෙවීවරුන් තෝරාගෙන නුඹට තිළිණයක් වශයෙන් ඔවුන් දුන්නේ මම ය. ඔවුන් මට කැප වී ඇති බැවින්, සම්මුඛ මණ්ඩපයේ සේවය ඉටු කළ යුතු ය.


එකල මිසර වාසීහු සමිඳාණන් වහන්සේ මැරූ ඔවුන්ගේ කුලුඳුලන් වළලමින් සිටියහ. මෙලෙස උන් වහන්සේ ඔවුන්ගේ දෙවි දේවතාවන්ට ද දඬුවම් කළ සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්