ගිලියද්හි විසූවන්ගෙන් කෙනෙකු වන තිෂ්බි නම් ස්ථානයෙන් වූ එලියා, ආහබ්ට කතා කොට, “මාගේ අණ ප්‍රකාර මිස මේ අවුරුදුවල පිනි වත්, වැසි වත් ඇති නොවන්නේ යයි මා වැඳුම්පිදුම් කරන ඉශ්රායෙල්වරුන්ගේ ජීවමාන දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරමි”යි කීවේ ය.
ලෙවී කථාව 26:4 - Sinhala New Revised Version 2018 මම නියම කාලයේ දී වැසි වස්වන්නෙමි. දේශය ද සරුසාර අස්වැන්නක් නිපදවනු ඇත. කෙත්වල ගස් ද පලදාව නිපදවන්නේ ය. Sinhala New Revised Version මම නියම කාලයේ දී වැසි වස්වන්නෙමි. දේශය ද සරුසාර අස්වැන්නක් නිපදවනු ඇත. කෙත්වල ගස් ද පලදාව නිපදවන්නේ ය. Sinhala Revised Old Version මම නියම සෘතුවෙහි නුඹලාගේ වර්ෂාවල් දෙන්නෙමි, දේශය එහි වර්ධනයන් දෙන්නීය, කෙතේ ගස්ද ඒවායේ ඵල දෙන්නේය. |
ගිලියද්හි විසූවන්ගෙන් කෙනෙකු වන තිෂ්බි නම් ස්ථානයෙන් වූ එලියා, ආහබ්ට කතා කොට, “මාගේ අණ ප්‍රකාර මිස මේ අවුරුදුවල පිනි වත්, වැසි වත් ඇති නොවන්නේ යයි මා වැඳුම්පිදුම් කරන ඉශ්රායෙල්වරුන්ගේ ජීවමාන දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරමි”යි කීවේ ය.
එතුමාණෝ අහස් තලයෙන් කඳුකරයට වැසි වස්වන සේක. එතුමාණන්ගේ ආසිරිවලින් පොළොව සාරවත් වන්නේ ය,
අහෝ දෙවිඳුනි! ඔබ බහුල ව වැසි වස්වන සේක; ඔබේ උරුමය මැලවී යන විට ඔබ එය යළි සාරවත් කළ සේක.
ඔබ බීජ වැපුරූ කල ඒවා වැඩෙන පිණිස සමිඳාණන් වහන්සේ වර්ෂාව එවන සේක. උන් වහන්සේ ඔබට සාරවත් මහා අස්වැන්නක් දෙන සේක. ඔබේ ගවයන්ට ගොදුරු පිණිස විශාල තණ බිම් ඇති වන්නේ ය.
එය පාළු වන්න හරින්නෙමි. මා එහි අතු පාහින්නේ වත්, පස් බුරුල් කරන්නේ වත් නැත. එහි කටු ගස් හා ගොකටු හටගන්න හැරදමන්නෙමි. එහි වැසි නොවසින පිණිස වලාකුළුවලට මම අණ කරන්නෙමි.”
වැසි වස්වන්නට හැකි කෙනෙක් විජාතීන්ගේ බොරු දෙවිවරුන් අතරේ සිටිත් ද? වැහිවලා දෙන්නට අහසට පුළුවන් ද? නොහැකි ය. අපේ දෙවි ස්වාමීන් වහන්සේ ඔබ නොවන සේක් ද? මේ දේ කළ හැක්කේ ඔබට පමණක් බැවින් අපි ඔබ කෙරෙහි බලාපොරොත්තු ව සිටිමු.”
නුඹලා විජාතීන් අතරෙහි සාගතයේ නින්දාව තවත් නොලබන පිණිස මම ගස්වල පල ද කෙත්වල අස්වැන්න ද වැඩි කරන්නෙමි.
වන මෘගයෙනි, බිය නොවව්, මන්ද, කෙතේ තණ සරුසාර ය; ගස්වල පල හටගන්නේ ය. අත්තික්කා ගස්වලින් හා මිදි වැල්වලින් බහුල අස්වැන්නක් ලැබේ.
දේශය ද පලදාව උපදවන විට නුඹලාට කන්නට උවමනා සෑම දේ දෙන්නේ ය. නුඹලා එහි සුරැකි ව වසන්නහු ය.
හය වන අවුරුද්දේ දී තුන් අවුරුද්දක ආශීර්වාදය ලැබෙන හැටියට මාගේ ආශීර්වාදය නුඹලා වෙත පැමිණීමට මම අණ කරමි.
ඔවුන් සාමදානයෙන් බීජ වපුරනු ඇත. මිදි වැල්වල පල හටගන්වනු ඇත; භූමියෙන් අස්වැන්න ලැබෙනු ඇත; ඇති පමණට වැසි වසිනු ඇත. මේ සියලු ආසිරි මම මාගේ දේශයේ ඉතිරි ව සිටින අයට දෙන්නෙමි.
මෙසේ ඔබ ස්වර්ගයෙහි වැඩ සිටින ඔබේ පියාණන් වහන්සේගේ පුත්‍රයෝ වන්නහු ය. කුමක් නිසා ද, උන් වහන්සේ දුදනන් හට හා සුදනන් හට තම හිරු එළිය උදා කරවන සේක; දමිටුන් හට හා අදමිටුන් හට වැසි වස්වන සේක.
එහෙත් උන් වහන්සේ තමන් වහන්සේ ගැන සාක්ෂි නො දී සිටි කලක් නො වී ය. මන්ද, උන් වහන්සේ අහසින් වර්ෂාව ද සාරවත් කාල සීමාවන් ද ඔබට දී ආහාරයෙන් හා ප්‍රීතියෙන් ඔබගේ සිත් පුරවමින්, යහපත්කම් කළ සේකැ”යි කී හ.
“අද දින මා ඔබට නියම කරන අණපනත්වලට ඔබ උනන්දුවෙන් සවන් දී, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රේම කොට, ඔබේ මුළු හෘදයෙන් ද, ඔබේ මුළු ආත්මයෙන් ද උන් වහන්සේට වැඳුම්පිදුම් කරන්නහු නම්,
ඔබේ දේශයට නියම කාලය වන සරත් කාලයේ දී සහ වසන්තයේ දී වැසි වස්වනු ඇත. එවිට ඔබට ඔබේ ධනධාන්‍ය ද මිදිපල ද තෙල් ද එකතු කරගත හැකි ය.
උන් වහන්සේ තම ඉසුරු බර අහස් ගබඩා විවෘත කොට, නිසි කලට කෙත්වතුවලට වැසි වස්වන සේක. ඔබ කරන වැඩකටයුතු සියල්ලට ආශීර්වාද කරන සේක. ඔබ බොහෝ ජාතීන්ට ණයට දෙන්නහු ය; ණයට ඉල්ලා නොගන්නහු ය.
එබැවින් සහෝදරයෙනි, සමිඳාණන් වහන්සේගේ ආගමනය දක්වා ඉවසිල්ලෙන් සිටින්න. පළමු සහ අන්තිම වර්ෂාව වහින තුරු ගොවියා පොළොවේ සරුසාර පලදාව ගැන බලා ඉවසිල්ලෙන් සිටියි.
තමන් දිවැස් වැකි පවසන කාලයේ දී වැසි නොවසින ලෙස අහස් තලය වසන්නට මොවුන්ට බලය ඇත. ජලය ලේ කිරීමටත්, සියලු වසංගතවලින් පොළොවට කැමැති විටක පහර දීමටත් ඔවුන්ට බලය ඇත.