ඔව්හු යන්න ගියෝ ය. එහෙත් ඔවුන් අවට තිබූ නගරවල වැසියන් බියෙන් තැතිගත් බැවින් කිසිවෙක් ජාකොබ්ගේ පුත්‍රයන් ලුහුබැඳ නොගියෝ ය.
ලෙවී කථාව 26:36 - Sinhala New Revised Version 2018 “තවද, සතුරන්ගේ රටවල තවමත් පණපිටින් සිටින අය වෙත මම දරුණු බියක් එවන්නෙමි. ඔවුන් ගසක කොළයක් සෙලවෙන විට පවා පලා යනු ඇත. බියට මෙන් ඔව්හු පලා යන්නෝ ය. කිසිවෙකු ඔවුන් ලුහුබැඳ නොයද්දී පවා ඔව්හු පලා ගොස් වැටෙන්නෝ ය. Sinhala New Revised Version “තවද, සතුරන්ගේ රටවල තවමත් පණපිටින් සිටින අය වෙත මම දරුණු බියක් එවන්නෙමි. ඔවුන් ගසක කොළයක් සෙලවෙන විට පවා පලා යනු ඇත. බියට මෙන් ඔව්හු පලා යන්නෝ ය. කිසිවෙකු ඔවුන් ලුහුබැඳ නොයද්දී පවා ඔව්හු පලා ගොස් වැටෙන්නෝ ය. Sinhala Revised Old Version නුඹලාගෙන් ඉතුරුවෙන්නන් ගැන නම්, මම ඔවුන්ගේ සතුරන්ගේ දේශවලදී ඔවුන්ගේ සිත්වලට ක්ලාන්තභාවයක් පමුණුවන්නෙමි. සැලෙන කොළයක ශබ්දයට ඔව්හු දුවන්නෝය; කඩුව ඉදිරියෙන් යමෙක් පලායන්නාක් මෙන් ඔව්හු පලා ගොස් කිසිවෙකු ඔවුන් නොඑළවන කල වැටෙන්නෝය. |
ඔව්හු යන්න ගියෝ ය. එහෙත් ඔවුන් අවට තිබූ නගරවල වැසියන් බියෙන් තැතිගත් බැවින් කිසිවෙක් ජාකොබ්ගේ පුත්‍රයන් ලුහුබැඳ නොගියෝ ය.
මෙතැන් සිට නුඹ බිම වගා කරන විට, එය නුඹට පලදාව නොදෙන්නේ ය. නුඹ ගෙයක් දොරක් නැති, මිහි පිට ඉබාගාතේ යන මිනිහෙක් වන්නෙහි යැ”යි වදාළ සේක.
ගෙරාර් නගරය අවට සියලු නගරවලට ඔව්හු පහර දුන්නෝ ය. මන්ද, සමිඳාණන් වහන්සේ කෙරෙන් ඔවුන් පිට භීතියක් පැමිණි බැවින් ඔව්හු ඒ සියලු නගර කොල්ලකෑවෝ ය. ඒවායේ බොහෝ කොල්ලය තිබිණි.
සුළඟේ ගසාගෙන යන පරඬලාපතකට ඔබ හිරිහැර කරන සේක් ද? වියළි පිදුරු ගසක් පසුපස එළවාගෙන යන සේක් ද?
පෙර නොවූ විරූ බියකින් ඔව්හු බියට පත් වූ හ. ඔබ වැටලූ සතුරන්ගේ ඇටකටු දෙවිඳාණෝ විසුරුවා හැරිය සේක. එතුමාණන් ඔවුන් ප්‍රතික්ෂේප කළ බැවින් ඔව්හු අවමන් ලැබූ හ.
සියොන් කන්දෙන් ඉශ්රායෙල්වරුන්ගේ විමුක්තිය පැමිණියොත් කොතරම් යහපත් ද? දෙවිඳුන් සිය සෙනඟට සැප සම්පත් සලසා දුන් විට, ජාකොබ්ගේ සෙනඟ ප්‍රීති ප්‍රමෝද වන්නෝ ය; ඉශ්රායෙල් ජනතාව ප්‍රීති සන්තෝෂ වන්නෝ ය.
එක සතුරෙකු දුටු විට නුඹලාගෙන් දහසක්දෙනා පලා යන්නෝ ය. කන්දක් උඩ හුදකලා ව තිබෙන ධජ සංකේතයක් හැර නුඹලාගේ හමුදාවෙන් කිසිවක් ඉතිරි වන්නේ නැත.
සිරියාවේ හමුදා ඉශ්රායෙල් දේශයට පිවිස සිටින බව ජුදාවේ රජුට දන්වන ලදී. එවිට රජ ද සෙනඟ ද සුළඟට සැලෙන ගස් මෙන් චංචල වූ හ.
පරීක්ෂාකාරී ව, සන්සුන් ව, නිර්භය ව, නොකැළඹී සිටින්න ඔහුට කියන්න. රෙශීන් සහ සිරියන්වරුන්ගේත්, රෙමලියාගේ පුත්‍රයාගේත් කෝපාග්නිය දුම් නඟින ගිනිපෙනෙලි දෙකක් වැනි ය. එහි භය වන්න කිසි දෙයක් නැත.
නුඹලාට විරුද්ධ ව යුද්ධ කරන බබිලෝනිවරුන්ගේ මුළු සේනාවට නුඹලා පහර දී ඔවුන් අතරෙන් දරුණු තුවාළ ලත් අය පමණක් ඔවුන්ගේ කූඩාරම් වල ඉතිරි කරන නමුත්, ඔවුන් නැඟිට මේ නගරය ගින්නෙන් දවා දමනු ඇත.’ ”
නුඹලාගේ හේවායෝ පැකිළී වැටෙන්නෝ ය. ඔව්හු එකිනෙකා අමතා ‘නැඟිටින්න, අපේ සතුරන්ගේ කඩුවෙන් මිදී, අපේ දේශයේ අපේ සෙනඟ වෙත යමු’යි කියන්නෝ ය.
පීඩාව නිසා ද අධික දාසකම නිසා ද ජුදා විප්‍රවාසයට ගොස් ඇත. ඈ විජාතීන් අතර දැන් වාසය කරයි. එහි ඈ කිසි සහනයක් නොලබයි. ඈ ලුහුබැඳ ගිය හැම දෙන ඇගේ විපතේ දී ඈ අසු කරගත්හ.
සියොන් පුරඟනගේ මුළු මහිමශ්‍රීය ඇගෙන් පහ ව ගොස් ඇත. ඇගේ අධිපතීහු ගොදුරු නැති මුවන්ට සමාන ය. ලුහුබැඳ එන්නා කෙරෙන් පලා යමින් ඔවුහු බෙලහීන වී සිටිති.
අප පසුපස ලුහුබැඳ ආ තැනැත්තෝ අහසේ රාජාලීන්ට වඩා වේගවත් වූ හ. ඔව්හු කඳුවල අප ලුහුබැඳ ආවෝ ය. අප අල්ලන්න පාළුකරයේ රැක සිටියෝ ය.
මනුෂ්‍ය පුත්‍රය, හඬ නඟා මොරගසන්න. මන්ද, එය මාගේ සෙනඟ පිටත්, සියලු ඉශ්රායෙල් අධිපතීන් පිටත් පැමිණියේ ය. ඔව්හු මාගේ සෙනඟ සමඟ කඩු පහරට පාවා දෙනු ලැබූ හ. එබැවින් ශෝකයෙන් පපුවට ගසාගන්න.
එය මිනිසුන් අධෛර්යයටත්, දොරටු ළඟ පැකිළී වැටීමටත් සලස්වයි. විදුලිය මෙන් කාන්තිය විහිදුවන, මරාදැමීමට සුදුසු කඩුවකින් මම නගරයේ සිට තර්ජනය කරමි.
‘නුඹ කෙඳිරිගාන්නේ මන්දැ’යි ඔවුන් නුඹෙන් අසන කල මෙසේ කියන්න: ‘අපට ලැබුණ ඒ ආරංචිය නිසා ය; මන්ද, එය පැමිණි විට සියලු සිත් තැවුලට පත් වනු ඇත. සියලු අත් පණ නැති වනු ඇත; සියලු සිත් කැළඹෙනු ඇත. සියලු දණහිස් බියෙන් නැමෙනු ඇත. එය පැමිණෙන්නේ ම ය; එය සිදුවන්නේ ම ය. මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක.’ ”
මම නුඹලාට විරුද්ධ වන්නෙමි. නුඹලාගේ සතුරන් ඉදිරියෙහි නුඹලා මරනු ලබන්නහු ය. නුඹලාගේ සතුරෝ නුඹලා පාලනය කරන්නෝ ය. කෙනෙකු නුඹලා ලුහුබැඳ නොයන විට පවා නුඹලා පලා යන්නහු ය.
නුඹලා එහි වාසය කරද්දී ඊට සබත් විවේකයක් නුදුන් බැවින්, මෙලෙස රට පාළු ව පවතින කාලය තුළ දී එය විවේකය භුක්ති විඳිනු ඇත.
එවිට කඳුකරයේ විසූ අමෝරිවරු මීමැසි රැළක් සේ ඔබට විරුද්ධ ව පැමිණ, ඔබ ලුහුබැඳ ගොස් සේයිර් දේශයේ හොර්මා නම් ස්ථානයේ දී ඔබ පරාජය කළෝ ය.
ඉශ්රායෙල් ජනයා එතෙර වන තුරු සමිඳාණන් වහන්සේ ඔවුන් පැමිණෙන්නට කලින් ජොර්දාන් ගඟේ දිය හිඳී යන්නට සැලැසූ බව, ජොර්දාන් ගඟින් එතෙර බස්නාහිර සිටි අමෝරිවරුන්ගේ සියලු රජවරුන් ද මධ්‍යධරණි මුහුදුබඩ විසූ කානානිවරුන්ගේ සියලු රජවරුන් ද ඇසූ කල, ඔව්හු ඉශ්රායෙල් ජනයා නිසා තැති ගෙන අධෛර්යයට පත් වූහ.
ආයි නුවර වැසියෝ ඔවුන්ගෙන් තිස්දෙනෙකු පමණ මැරුවෝ ය. ඔව්හු නුවර දොරටුවේ සිට ෂෙබාරීම් දක්වා ඔවුන් ලුහුබඳවා ගොස් කඳු බෑවුමේ දී ඔවුන්ට පහර දුන්නෝ ය. එවිට ඉශ්රායෙල්වරු අධෛර්යයට පත් වී භීතියෙන් ඇලළී ගියෝ ය.
ඉශ්රායෙල් සෙනඟ සියලු දෙනා ඒ මිනිසා දුටු විට බොහෝ සෙයින් බිය වී ඔහු ඉදිරියෙන් පලා ගියහ.