Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 21:12 - Sinhala New Revised Version 2018

12 මනුෂ්‍ය පුත්‍රය, හඬ නඟා මොරගසන්න. මන්ද, එය මාගේ සෙනඟ පිටත්, සියලු ඉශ්රායෙල් අධිපතීන් පිටත් පැමිණියේ ය. ඔව්හු මාගේ සෙනඟ සමඟ කඩු පහරට පාවා දෙනු ලැබූ හ. එබැවින් ශෝකයෙන් පපුවට ගසාගන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 මනුෂ්‍ය පුත්‍රය, හඬ නඟා මොරගසන්න. මන්ද, එය මාගේ සෙනඟ පිටත්, සියලු ඉශ්රායෙල් අධිපතීන් පිටත් පැමිණියේ ය. ඔව්හු මාගේ සෙනඟ සමඟ කඩු පහරට පාවා දෙනු ලැබූ හ. එබැවින් ශෝකයෙන් පපුවට ගසාගන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

12 මනුෂ්‍ය පුත්‍රය, කෑගසා මොරගසන්න. මක්නිසාද ඒක මාගේ සෙනඟ පිටටත් සියලු ඉශ්‍රායෙල් අධිපතීන් පිටටත් පැමුණුණේය. ඔව්හු මාගේ සෙනඟ සමඟ කඩුවට පාවාදෙනු ලැබුවෝය. එබැවින් කළවයට ගසාගන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 21:12
17 හුවමාරු යොමු  

“එබැවින් මනුෂ්‍ය පුත්‍රය, නුඹ සුසුම්ලන්න, හද දෙදරන තරමට ශෝකයෙන් ඔවුන් ඉදිරියෙහි කෙඳිරිගාන්න.


“පූජකවරුනි, ගෝණි රෙදි ඔතාගෙන වැලපෙන්න. පුදසුනේ සේවකයෙනි, කෑමොරගසන්න. පූජකවරුනි, ගෝණි රෙදි පොරවාගෙන මුළු රැයක් වැතිර සිටින්න. මන්ද, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ පිදීමට ආහාර පූජාවත්, පානීය පූජාවත් කිසිත් නැත.


“මේ නිසා මම හඬා වැලපෙන්නෙමි; පාවහන් වත්, ඇඳුම් වත් නැති ව යන්නෙමි; සිවලුන් මෙන් විලාප නඟන්නෙමි; පැස්බරුන් මෙන් වැලපෙන්නෙමි.


“මනුෂ්‍ය පුත්‍රය, දිවැස් වැකි කියමින් මෙසේ කියන්න: මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. වැලපෙන්න, අහෝ කාලයක හැටි!


“එබැවින් මනුෂ්‍ය පුත්‍රය, දිවැස් වැකි කියමින්, අත් දෙක එකට තට්ටු කරන්න. එවිට කඩුව නැවත නැවත පහර දෙන්නේ ය. එය මාරක කඩුවකි; බිය ගන්වන කඩුවකි; විනාශ කරන කඩුවකි.


ඔවුන් පහර දෙද්දී මම පමණක් නැවතී සිටියෙමි. මම ද මුණින්තළා වී, “අහෝ, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්ස! ඔබේ කෝපය ජෙරුසලම පිට වගුරුවන අතර, ඉශ්රායෙල්වරුන්ගේ ඉතිරි ව සිටින සියල්ලන් ම ඔබ නාස්ති කරන සේක් දැ”යි මොරගසා ඇසුවෙමි.


මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “නුඹේ දෑත මිරිකමින්, පොළොවේ අඩි හප්පමින්, ‘අහෝ! ඉශ්රායෙල් සෙනඟගේ සියලු නපුරු පිළිකුල් ක්‍රියා නිසා කඩුවෙන් ද සාගතයෙන් ද වසංගතයෙන් ද ඔව්හු වැටෙති’යි කියන්න.


අපි ඔබ වෙතින් හැරී ගියෙමු, එහෙත්, අපි පසුතැවිලි වූයෙමු. ඒ වරද තේරුම්ගත් පසු අපි දුක ප්‍රකාශ කෙළෙමු. තරුණ කාලයේ දී අප පව් කළ බැවින් ලජ්ජාවටත්, නින්දාවටත් අපි පත් වූයෙමු.’


ඔව්හු පැමිණ සියොන් කන්ද මත ප්‍රීතියෙන් ගී ගයති, මාගේ යහපත්කම නිසා තමන් ලත් දීමනා වන ධාන්‍ය, මිදියුස හා තෙල් ද බැටළු පැටවුන් හා ගවවස්සන් ද ගැන සතුටු වන්නෝ ය. ඔවුන්ගේ ජීවිතය ජලයෙන් සාරවත් වූ උයනක් මෙන් වන්නේ ය. ඔව්හු තවත් කිසි සේත් දුක් නොවන්නෝ ය.


“නායකයෙනි, කෑ මොරගසන්න; සෙනඟගේ ප්‍රධානියෙනි, අළුවල පෙරළී හඬන්න. මාරක විපත් කාලය ද විසිර යෑමේ කාලය ද ළඟා වී ඇත. තෝරාගත් බැටළුවන් මෙන් නුඹලා ඝාතනය කරනු ලබන්නහු ය.


ඒ කඩුව අතට ගන්න පිණිස මුවහත් කිරීමට දී තිබේ. මරාදමන අයගේ අතට දෙන පිණිස මේ කඩුව දිළිසෙන පරිදි මුවහත් කර තිබේ.


මන්ද, මම මාගේ සෙනඟ පරීක්ෂා කර බලන්නෙමි. ඔවුන් වරද පිළිගෙන පසුතැවිලි නොවූවොත්, මේ සියලු දේ ඔවුන් පිට පැමිණෙනු ඇත’ කියා දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.


“නපුරු ද දුෂ්ට ද වන ඉශ්රායෙල් අධිපතිය, නුඹට අවසන් දඬුවම් දීමේ කාලය පැමිණ ඇත.


නුඹ සමඟ විසූ ඉශ්රායෙල් අධිපතීහු සියලු දෙන එක් කෙනෙකු වත් නෑර සිය බලය ලේ වගුරුවන පිණිස පාවිච්චි කළහ.


සෑම අතක්ම බෙලහීන වනු ඇත. සෑම සිතක්ම අධෛර්ය වනු ඇත.


සියලු අත් බලහීන වනු ඇත. සියලු දණහිස් ද වෙවුළනු ඇත.


“සියොන්හි හොරණෑව පිඹින්න; දෙවිඳුන්ගේ ශුද්ධ කන්දේ අනතුරු හඬ නඟන්න. දේශයේ සියලු වැසියෝ වෙවුලත් වා! මන්ද, සමිඳාණන් වහන්සේගේ දවස පැමිණේ. එසේ ය, එය ආසන්න ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්