“මාගේ දෙවියන් වහන්ස, ඔවුන් පූජක තනතුර ද පූජකකමේත්, ලෙවීවරුන්ගේත් ගිවිසුම ද අපිරිසිදු කළ හැටි සිහි කළ මැනව.”
ලෙවී කථාව 21:8 - Sinhala New Revised Version 2018 පූජකවරයා දෙවියන් වහන්සේට පූප පුදන බැවින් එවැන්නෙකු සමිඳාණන් වහන්සේට කැප කරනු ලැබිය යුතු ය. ඔහු නුඹට ශුද්ධ කෙනෙකු විය යුතු ය. මන්ද, ඔබව කැප කරන සමිඳාණන් වහන්සේ වන මා ශුද්ධ කෙනෙකු වන බැවිනි. Sinhala New Revised Version පූජකවරයා දෙවියන් වහන්සේට රොටි පුදන බැවින් එවැන්නෙකු සමිඳාණන් වහන්සේට කැප කරනු ලැබිය යුතු ය. ඔහු නුඹට ශුද්ධ කෙනෙකු විය යුතු ය. මන්ද, ඔබව කැප කරන සමිඳාණන් වහන්සේ වන මා ශුද්ධ කෙනෙකු වන බැවිනි. Sinhala Revised Old Version එබැවින් නුඹ ඔහු විශුද්ධකරන්න; මක්නිසාද ඔහු නුඹේ දෙවියන්වහන්සේගේ භෝජනය පූජාකරයි. ඔහු නුඹට ශුද්ධ කෙනෙක් වන්නේය. මක්නිසාද නුඹලා විශුද්ධකරන ස්වාමීන්වහන්සේ වන මම ශුද්ධය. |
“මාගේ දෙවියන් වහන්ස, ඔවුන් පූජක තනතුර ද පූජකකමේත්, ලෙවීවරුන්ගේත් ගිවිසුම ද අපිරිසිදු කළ හැටි සිහි කළ මැනව.”
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “සෙනඟ වෙත ගොස් අදත්, හෙටත් නමස්කාරය පිණිස ඔවුන් සූදානම් කරන්න. ඔවුන් තම වස්ත්‍ර සෝදා,
මෝසෙස් කන්දෙන් බැස සෙනඟ වෙත පැමිණ නමස්කාරය සඳහා ඔවුන් සූදානම් කෙළේ ය. ඔව්හු ද තමන් වස්ත්‍ර සෝදාගත්හ.
මේ ඇඳුම් නුඹේ සහෝදර ආරොන්ට හා ඔහුගේ පුත්‍රයන්ට පළඳවා, ඔවුන් පූජක පදවියේ මට ආවතේව කරන පිණිස, ඔවුන් ආලේප කොට, ඔවුන්ට පූජකවරය දී ඔවුන් කැප කළ යුතු ය.
“ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් පූජක පදවියෙහි මට සේවා කිරීමට කැප කිරීමේ දී නුඹ පිළිපැදිය යුතු පිළිවෙත මෙය වේ. කැළලක් නැති ගව නාම්බෙකු ද බැටළුවන් දෙදෙනෙකු ද ගන්න.
මුළු ඉශ්රායෙල් ජනතාවට කතා කොට ඔවුන්ට කියන ලෙස මෙසේ වදාළ සේක: “නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ වන මා ශුද්ධ බැවින් නුඹලා ද ශුද්ධ ව සිටිය යුතු ය.
ඔවුන් දෙවියන් වහන්සේට කැප වී සිටිය යුතු ය. ඔවුන්ගේ දෙවියන් වහන්සේගේ නාමයට අපහාස නොකළ යුතු ය. දෙවියන් වහන්සේගේ භෝජනය වන, සමිඳාණන් වහන්සේට ගින්නෙන් දවා පුදන පූජා ද ඔවුන් ඔප්පු කළ යුතු ය. එබැවින් ඔවුන් ශුද්ධ ව සිටිය යුතු ය.
අවසර නොලත් අයට ඒ ශුද්ධ පඬුරු අනුභව කිරීමට ඉඩ දීමෙන්, ඒ අය දඬුවම් ලැබීමට සුදුසු වරදකරුවන් වනු ඇත. ඒවා කැප කරන සමිඳාණන් වහන්සේ මම වෙමි.”
පූජකවරයා ඒවා පූජාසනය මත දැවිය යුතු ය. මෙය ගින්නෙන් දවා සමිඳාණන් වහන්සේට පුදන ආහාර පූජාවකි.
නුඹලා මට අවමන් කර ඇත්තේ පූජාසන පිට අපවිත්‍ර ආහාර ඔප්පු කිරීමෙන් ය. එවිට ‘අප ආහාර අපවිත්‍ර කෙළේ කෙසේ දැ’යි නුඹලා අසන්නහු ය. ‘සමිඳාණන් වහන්සේගේ පූජාසනය සුළු යයි නුඹලා කීමෙන් ය.’
“ඉශ්රායෙල් ජනයාට මෙසේ අණ කරන්න: ‘සුමිහිරි සුවඳක් මෙන් මට ප්‍රසන්න, ගින්නෙන් දවා මට පුදන ආහාර පඬුරු නියමිත කාලයේ දී ඔප්පු කළ යුතු ය.’ ”
එසේ නම්, දෙවියන් වහන්සේ විසින් කැප කරනු ලැබ ලොවට එවන ලද තැනැත්තා වන මා ‘මම දෙවියන් වහන්සේගේ පුත්‍රයා’යි කී නිසා, ‘ඔබ දේවාපහාස කරන්නෙහි ය’යි මා ගැන කියන්නහු ද?
එසේ නම් දේව පුත්‍රයාණන් පයින් පාගාදමන, තමාට විශුද්ධිය දුන් ගිවිසුම් ලේ, අශුද්ධ දෙයක් කොට සිතන, වරප්‍රසාදයේ ආත්මයාණන් වහන්සේට අපහාස කරන අපි ඊටත් වඩා තද දඬුවමකට සුදුස්සෝ නොවෙමු ද?
අපට යෝග්‍ය වන්නෙත් එබඳු ධාර්මික, නිර්දෝෂ, නිර්මල, පව්කාරයන්ගෙන් වෙන් වූ, අහස් මඬල ඉක්මවා වැජඹෙන උත්තම පූජකයෙක් ම ය.