Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 21:8 - Sinhala Revised Old Version

8 එබැවින් නුඹ ඔහු විශුද්ධකරන්න; මක්නිසාද ඔහු නුඹේ දෙවියන්වහන්සේගේ භෝජනය පූජාකරයි. ඔහු නුඹට ශුද්ධ කෙනෙක් වන්නේය. මක්නිසාද නුඹලා විශුද්ධකරන ස්වාමීන්වහන්සේ වන මම ශුද්ධය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 පූජකවරයා දෙවියන් වහන්සේට රොටි පුදන බැවින් එවැන්නෙකු සමිඳාණන් වහන්සේට කැප කරනු ලැබිය යුතු ය. ඔහු නුඹට ශුද්ධ කෙනෙකු විය යුතු ය. මන්ද, ඔබව කැප කරන සමිඳාණන් වහන්සේ වන මා ශුද්ධ කෙනෙකු වන බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 පූජකවරයා දෙවියන් වහන්සේට පූප පුදන බැවින් එවැන්නෙකු සමිඳාණන් වහන්සේට කැප කරනු ලැබිය යුතු ය. ඔහු නුඹට ශුද්ධ කෙනෙකු විය යුතු ය. මන්ද, ඔබව කැප කරන සමිඳාණන් වහන්සේ වන මා ශුද්ධ කෙනෙකු වන බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 21:8
18 හුවමාරු යොමු  

ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාවට මෙසේ කියන්න–නුඹලා ශුද්ධව සිටිය යුතුය. මක්නිසාද නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන මම ශුද්ධය.


ඔව්හු තමුන්ගේ දෙවියන්වහන්සේට ශුද්ධව සිටිත්වා, තමුන්ගේ දෙවියන්වහන්සේගේ නාමය දූෂණයනොකරත්වා. මක්නිසාද ඔව්හු තමුන්ගේ දෙවියන්වහන්සේගේ භෝජනය වන ස්වාමීන්වහන්සේගේ ගිනි පූජා ඔප්පුකරති. එබැවින් ඔවුන් ශුද්ධව සිටිය යුතුය.


එබඳුවූ ශුද්ධවූ, නිවැරදිවූ, නොකිලුටුවූ, පව්කාරයන්ගෙන් වෙන්වූ, ස්වර්ගවලට වඩා උසස්වී සිටින්නාවූ උත්තම පූජකයෙක් අපට යෝග්‍යවූයේය.


සත්‍යතාවෙන් ඔවුන්ද පවිත්‍රවන පිණිස ඔවුන් උදෙසා මා කැපකරගතිමි.


නුඹලා සිතන්නේ මොකද? දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් පාගාදමා, තමා පිරිසිදුකළ ගිවිසුමේ ලේ අශුද්ධ දෙයක් කොට සිතා, අනුග්‍රහයේ ආත්මයාණන්වහන්සේට අපහාසකළ තැනැත්තා ඊට වඩා කොපමණ මහත් දඬුවමකට සුදුස්සෙක් කොට ගණන්ගනු නොලබන්නේද?


මම දෙවියන්වහන්සේගේ පුත්‍රයෙමියි මා කී නිසා පියාණන්වහන්සේ විසින් කැපකොට ලෝකයට එවනලද තැනැත්තා ගැන–නුඹ දෙවියන්වහන්සේට අපහාසකරන්නෙහියයි නුඹලා කියවුද?


පූජක තනතුරෙහි මට මෙහෙකරන පිණිස ඔවුන් විශුද්ධකරන්ට නුඹ විසින් ඔවුන්ට කළ යුතු දේ මේය. පළුදුවක් නැති එක නාඹ ගොනෙක්ද බැටළුවන් දෙදෙනෙක්ද,


ඒවා නුඹේ සහෝදරවූ ආරොන්ටද ඔහු හා සමඟ ඔහුගේ පුත්‍රයන්ටද පළඳවන්න; ඔවුන් පූජක තනතුරෙහි මට සේවයකරන පිණිස ආලේපකර කැපකර විශුද්ධකරන්න.


මෝසෙස් කන්දෙන් සෙනඟ ළඟට බැස අවුත් ඔවුන් පවිත්‍රකෙළේය; ඔව්හු තමුන්ගේ වස්ත්‍ර අපුල්ලාගත්තෝය.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: නුඹ සෙනඟ ළඟට ගොස් අදත් හෙටත් ඔවුන් පවිත්‍රකරව, ඔව්හු තමුන්ගේ ඇඳුම් අපුල්ලා තුන්වෙනි දවසට සෑදී සිටිත්වා.


පූජකයාද ඒවා පූජාසනය පිට දැවිය යුතුය. ඒවා ස්වාමීන්වහන්සේට ගින්නෙන් කළ පූජාවේ ආහාරය වේ.


මාගේ පූජාසනය පිට අපවිත්‍ර ආහාර ඔප්පුකිරීමෙන්ය. එහෙත්; අපි කුමකින් ඔබ අපවිත්‍රකෙළෙමුදැයි නුඹලා අසන්නහුය. ස්වාමීන්වහන්සේගේ මේසය සුළුයයි නුඹලා විසින් කීමෙන්ය.


මක්නිසාද මම ඒවා විශුද්ධකරන ස්වාමීන්වහන්සේයයි කීසේක.


නුඹ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට අණකරමින්, මාගේ පූජාව එනම් මිහිරි සුවඳක් ඇති ගින්නෙන් කළ යුතු මාගේ පූජා පිණිස මාගේ භෝජන ඒවායේ නියම කාලවලදී මට ඔප්පුකරන්ට බලාගන්නැයි ඔවුන්ට කියන්න.


මාගේ දෙවියන්වහන්ස, ඔවුන් පූජක තනතුරද පූජකකමෙත් ලෙවීවරුන්ගෙත් ගිවිසුමද අපිරිසිදුකළ නිසා ඔවුන් සිහිකළ මැනව.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්