ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ලෙවී කථාව 21:11 - Sinhala New Revised Version 2018

ඔහු කිසි මළසිරුරක් ළඟට නොයා යුතු ය. තම පියාගේ වත්, මවගේ වත් අවමංගල්‍යයට ගොස් අපවිත්‍ර නොවිය යුතු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔහු කිසි මළසිරුරක් ළඟට නොයා යුතු ය. තම පියාගේ වත්, මවගේ වත් අවමංගල්‍යයට ගොස් අපවිත්‍ර නොවිය යුතු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඔහු කිසි මළකඳක් ළඟට නොයා යුතුය, තමාගේ පියා උදෙසාවත් තමාගේ මවු උදෙසාවත් අපවිත්‍ර නොවිය යුතුය;

පරිච්ඡේදය බලන්න



ලෙවී කථාව 21:11
11 හුවමාරු යොමු  

මළගිය ඇත්තන් නිසා නුඹලාගේ සිරුරෙහි කැපුමක් නොකළ යුතු ය. ඇඟේ හමේ රූප කොටා නොගත යුතුය. මම සමිඳාණන් වහන්සේ වෙමි.


“ ‘යමෙකුගේ මෘත ශරීරය ස්පර්ශ කරන තැනැත්තා සත් දිනක් අපවිත්‍ර ව සිටියි.


“ ‘යමෙකු කූඩාරමක මළොත්, එවිට වලංගු නීතිය මේ ය: කූඩාරමට ඇතුළු වන සියල්ලන් හා එහි සිටින සියල්ලෝ හත් දිනකට අපවිත්‍ර ය.


තම පියා හෝ මව හෝ සහෝදරිය හෝ සහෝදරයා හෝ මියගිය විට පවා, තමා අපවිත්‍ර නොවිය යුතු ය. මන්ද, ඔහු දෙවියන් වහන්සේට කැපවීමේ ලකුණු තම හිස මත දරන බැවිනි.


“මා වෙත එන තැනැත්තේ මට වඩා තම පියාට ද මවට ද භාර්යාවට ද දරුවන්ට ද සහෝදරයන්ට ද සහෝදරියන්ට ද තමාගේ ම ජීවිතයට වුව ද ප්‍රේම කරන්නේ නම්, ඔහුට මාගේ ශ්‍රාවකයෙකු විය නොහැකි ය.


මෙතැන් සිට අපි කිසිවෙකු ලෞකික මිම්මෙන් නොමනිමු. ලෞකික වශයෙන් අප ක්‍රිස්තුන් වහන්සේ දැන හැඳින සිටියත්, මෙතැන් සිට අපි උන් වහන්සේ එලෙස හඳුනා නොගනිමු.


ඔව්හු සිය දෙමාපියන් අමතා, ‘අපි ඔබ නුදුටිමු’යි කී හ; සිය සෝයුරන් නොපිළිගත්හ; සිය දරුදැරියන් නොදත්හ; ඔව්හු ඔබ වදන් රැක ඔබ ගිවිසුම ඉටු කළහ.