Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 21:11 - Sinhala Revised Old Version

11 ඔහු කිසි මළකඳක් ළඟට නොයා යුතුය, තමාගේ පියා උදෙසාවත් තමාගේ මවු උදෙසාවත් අපවිත්‍ර නොවිය යුතුය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 ඔහු කිසි මළසිරුරක් ළඟට නොයා යුතු ය. තම පියාගේ වත්, මවගේ වත් අවමංගල්‍යයට ගොස් අපවිත්‍ර නොවිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 ඔහු කිසි මළසිරුරක් ළඟට නොයා යුතු ය. තම පියාගේ වත්, මවගේ වත් අවමංගල්‍යයට ගොස් අපවිත්‍ර නොවිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 21:11
11 හුවමාරු යොමු  

මනුෂ්‍යයෙක් කූඩාරමක මැරුණු කල්හි ව්‍යවස්ථාව මේය: ඒ කූඩාරමට ඇතුල්වන සියල්ලෝද කූඩාරමේ සිටින සියල්ලෝද සත් දවසක් අපවිත්‍රව සිටින්නෝය.


ඔහු තමාගේ පියා නුමුත් මවු නුමුත් සහෝදරයා නුමුත් සහෝදරී නුමුත් මැරුණුකල ඔවුන් නිසා අපවිත්‍ර නොවිය යුතුය. මක්නිසාද ඔහුගේ දෙවියන්වහන්සේට කැපවී සිටීමේ භාරය ඔහුගේ හිස පිට තිබේ.


මළවුන් නිසා නුඹලාගේ ශරීරවල කැපුමක් කර නොගන්න, නුඹලාගේ ශරීරයෙහි කිසි සායම් ලකුණක්ද කොටා නොගන්න. මම ස්වාමීන්වහන්සේය.


එහෙයින් මෙතැන් පටන් අපි මාංසාකාරයෙන් කිසිවෙකු දැන නොගනිමුව. මාංසාකාරයෙන් ක්‍රිස්තුස්වහන්සේ දැනගෙන සිටිය නුමුත් අපි දැන් තවත් එසේ දැන නොගනිමුව.


මා ළඟට එන තැනැත්තේ තමාගේ පියාටත් මවුටත් භාර්යාවටත් දරුවන්ටත් සහෝදරයන්ටත් සහෝදරියන්ටත්, එසේය, තමාගේම ජීවිතයටත් ද්වේෂ නොකරන්නේ නම් ඔහුට මාගේ ගෝලයා වෙන්ට බැරිය.


තමාගේ පියා ගැනත් මවු ගැනත් මම ඔවුන් නුදුටුවෙමියි කීවාවූ, තමාගේ සහෝදරයන් නෑඳින තමාගේ දරුවන් නොදැන සිටියාවූ, නුඹේ ප්‍රිය තැනැත්තා ළඟ නුඹේ තුම්මීම්ද නුඹේ ඌරීම්ද ඇත්තේය. මක්නිසාද ඔව්හු ඔබගේ වචනය පැවැත්තුවෝය, ඔබගේ ගිවිසුමද රක්ෂාකෙරෙති.


යම් මනුෂ්‍යයෙකුගේ මළකඳක ස්පර්ශවන තැනැත්තේ සත් දවසක් අපවිත්‍රව සිටින්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්