ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ලෙවී කථාව 20:24 - Sinhala New Revised Version 2018

තවද, කිරෙන් සහ මී පැණියෙන් ඉතිරෙන ඔවුන්ගේ දේශය මම නුඹලාට උරුම කොට දෙන බවටත්, එය නුඹලාට හිමි කොට දෙන බවටත් පොරොන්දු වුණෙමි. අවශේෂ ජාතීන්ගෙන් නුඹලා වෙන් කළ නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මම වෙමි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

තවද, කිරෙන් සහ මී පැණියෙන් ඉතිරෙන ඔවුන්ගේ දේශය මම නුඹලාට උරුම කොට දෙන බවටත්, එය නුඹලාට හිමි කොට දෙන බවටත් පොරොන්දු වුණෙමි. අවශේෂ ජාතීන්ගෙන් නුඹලා වෙන් කළ නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මම වෙමි.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එහෙත්: නුඹලා ඔවුන්ගේ දේශය හිමිකරගන්නහුය, කිරිද මීපැණිද ගලා යන දේශයක් වන ඒක හිමිකරගන්නා පිණිස නුඹලාට දෙන්නෙමියි නුඹලාට කීයෙමි. මම වනාහි ජාතීන් කෙරෙන් නුඹලා වෙන්කර ගත්තාවූ නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.

පරිච්ඡේදය බලන්න



ලෙවී කථාව 20:24
17 හුවමාරු යොමු  

මන්ද, දෙවි ස්වාමීන් වහන්ස, ඔබ අපේ පියවරුන් මිසරයෙන් ගෙනා විට ඔබේ මෙහෙකරු වූ මෝසෙස් ලවා කතා කරවූ ප්‍රකාරයට, ඔබට උරුමයක් කොට ඔබ ම මිහි පිට සියලු මනුෂ්‍ය වර්ගයන්ගෙන් ඔවුන් වෙන් කරගත් සේක.”


තවද, සමිඳාණන් වහන්සේ ඔබට දෙන පිණිස ඔබේ පියවරුන්ට දිවුරුම් දුන්, කිරෙන් හා මී පැණියෙන් ඉතිරෙන දේශයක් වන කානානිවරුන්ගේ ද හිත්තීවරුන්ගේ සහ අමෝරිවරුන්ගේ ද හිවීවරුන්ගේ සහ ජෙබුසිවරුන්ගේ ද දේශයට උන් වහන්සේ ඔබ පැමිණෙවූ කල මේ මාසයේ දී මේ පිළිවෙත පවත්වන්න.


එබැවින් ඔබ පීඩා විඳින මිසර දේශයෙන් මා ඔබ පිටත්කොට කානානිවරුන්ගේ හා හිත්තීවරුන්ගේ ද අමෝරිවරුන්ගේ හා පෙරිස්සිවරුන්ගේ ද හිවීවරුන්ගේ හා ජෙබුසිවරුන්ගේ ද දේශය වන, කිරෙන් හා මී පැණියෙන් ඉතිරෙන දේශයකට ඔබ ගෙන එන්ට මම ඉටාගෙන සිටිමි’යි කියන්න.


මිසර ජාතීන්ගේ අතින් ඔවුන් මුදා, ඒ රටින් ඔවුන් පිට කරවා, සාරවත් විශාල දේශයකට, කිරෙන් හා මී පැණියෙන් ඉතිරෙන දේශයකට, එනම් කානානිවරුන්ගේ හා හිත්තීවරුන්ගේ ද අමෝරිවරුන්ගේ හා පෙරිස්සිවරුන්ගේ ද හිවීවරුන්ගේ හා ජෙබුසිවරුන්ගේ ද දේශයට ඔවුන් පමුණුවාලීම සඳහා මම බැස ආවෙමි.


සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “නුඹත්, නුඹ මිසර දේශයෙන් පිටතට ගෙනා සෙනඟත් මෙම ස්ථානයෙන් නික්ම, ‘මම නුඹලාගේ පෙළපතට දෙමි’යි කියා ආබ්‍රහම්ට, ඊසාක්ට හා ජාකොබ්ට දිවුරා පොරොන්දු වූ දේශයට යන්න.


ඔබේ සෙනඟත්, මමත් ඔබ ඉදිරියෙහි අනුග්‍රහය ලැබූ බව අපි කෙසේ දැනගනිමු ද? එය අප දැනගන්නේ ඔබ අප සමඟ යෑමෙන් නො වේ ද? එවිට ඔබේ සෙනඟත්, මමත් මිහි පිට සිටින සියලු සෙනඟට වඩා වරප්‍රසාද ලත් අය වන්නෙමු”යි කීවේ ය.


කිරෙන් සහ මී පැණියෙන් ඉතිරෙන දේශයට යන්න. එහෙත්, නුඹ සමඟ මම නොයමි. මන්ද, නුඹලා උඩඟු මුරණ්ඩු සෙනඟක් බැවින් මා අතරමඟ දී නුඹලා වනසාලන්නට පිළිවනැ”යි වදාළ සේක.


පසුව ආබ්‍රහම්ට ද ඊසාක්ට ද ජාකොබ්ට ද දෙන ලෙස මා දිවුළ දේශයට මම නුඹලා ගෙනෙන්නෙමි. මම එය නුඹලාට උරුම කොට දෙන්නෙමි. සමිඳාණන් වහන්සේ මම වෙමි’යි කියන්න.”


“උරුම වශයෙන් නුඹලාට දෙන්නට යන කානාන් දේශයට නුඹලා පැමිණි විට, උරුම වන එම දේශයේ යම් ගෘහයක ලාදුරු රෝගය බෝවෙන්නට මා සැලැස්සුවොත්,


නුඹලා මට ශුද්ධ ව සිටිය යුතු ය. සමිඳාණන් වහන්සේ වන මම ශුද්ධ ය. නුඹලා මට ම අයිති වනු පිණිස අවශේෂ ජාතීන්ගෙන් මම නුඹලා වෙන් කෙළෙමි.


ගිරිකුළුවලින් එපිට මට ඔවුන් පෙනේ, කඳු හෙල්වලින් ඈත මට ඔවුන් දිස් වේ. ඔව්හු වෙන් ව වසන සෙනඟක් වෙති. ජාතීන් අතර නොගැණෙන සෙනඟක් වෙති.


ඔබ ලෝකයට අයිති නම්, ලෝකයා ස්වකීය අයට මෙන් ඔබට ඇලුම් වනු ඇත. එහෙත් ඔබ ලෝකයට අයිති නොවන නිසාත්, ලෝකයා කෙරෙන් මා ඔබ තෝරාගත් නිසාත් ලෝකයා ඔබට ද්වේෂ කරති.


එබැවින්: “ඔවුන් අතරෙන් නික්මවිත්, වෙන් වී සිටින්න. අපවිත්‍ර කිසිවක් ස්පර්ශ නොකරන්නැ”යි සමිඳාණන් වහන්සේ වදාරන සේක. “එවිට මම ඔබ පිළිගෙන,


ඔබ දෙවි සමිඳාණන් වහන්සේට කැප වූ සෙනඟකි. මිහි පිට සියලු ජාතීන් අතරෙන් සමිඳාණන් වහන්සේ සතු විශේෂ සෙනඟක් වන පිණිස උන් වහන්සේ ඔබ තෝරාගත් සේක.”


මෙසේ කළ යුත්තේ, ඔබ වනාහි දෙවි සමිඳාණන් වහන්සේට කැප වූ ශුද්ධ සෙනඟක් වන බැවිනි. පොළෝ තලයෙහි සිටින සියලු සෙනඟ අතරෙන් තමන් වහන්සේට ම විශේෂ වූ සෙනඟක් මෙන් උන් වහන්සේ ඔබ තෝරාගත් සේක.


එහෙයින්, අන්ධකාරයෙන් ස්වකීය විස්මපත් ආලෝකයට ඔබ කැඳවාගත් තැනැන් වහන්සේගේ මහිමාන්විත ක්‍රියා දන්වනු පිණිස ඔබ වනාහි තෝරාගත් වංශයක් ද රාජකීය පූජක පෙළක් ද ශුද්ධ ජාතියක් ද දෙවියන් වහන්සේ සතු සෙනඟක් ද වන්නහු ය.