Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 20:26 - Sinhala New Revised Version 2018

26 නුඹලා මට ශුද්ධ ව සිටිය යුතු ය. සමිඳාණන් වහන්සේ වන මම ශුද්ධ ය. නුඹලා මට ම අයිති වනු පිණිස අවශේෂ ජාතීන්ගෙන් මම නුඹලා වෙන් කෙළෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

26 නුඹලා මට ශුද්ධ ව සිටිය යුතු ය. සමිඳාණන් වහන්සේ වන මම ශුද්ධ ය. නුඹලා මට ම අයිති වනු පිණිස අවශේෂ ජාතීන්ගෙන් මම නුඹලා වෙන් කෙළෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

26 නුඹලා මට ශුද්ධව සිටින්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ වන මම ශුද්ධය, මාගේ සෙනඟ වන පිණිස මනුෂ්‍ය ජාතීන් අතරෙන් නුඹලා වෙන්කරගතිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 20:26
19 හුවමාරු යොමු  

එබැවින් නුඹලා දෙවියන් වහන්සේට කැප වීමෙන් ශුද්ධ වන්න. නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මම වෙමි.


තවද, කිරෙන් සහ මී පැණියෙන් ඉතිරෙන ඔවුන්ගේ දේශය මම නුඹලාට උරුම කොට දෙන බවටත්, එය නුඹලාට හිමි කොට දෙන බවටත් පොරොන්දු වුණෙමි. අවශේෂ ජාතීන්ගෙන් නුඹලා වෙන් කළ නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මම වෙමි.


සියලු අධර්මිෂ්ඨකම්වලින් අප පවිත්‍ර කරන පිණිසත්, අප උන් වහන්සේගේ තෝරාගත් සෙනඟක් කරන පිණිසත් යහපත කිරීමට අප උද්‍යෝගිමත් කරවන පිණිසත්, අප නිදහස් කරන පිණිසත්, උන් වහන්සේ අප උදෙසා දිවි පිදූ සේක.


මුළු ඉශ්රායෙල් ජනතාවට කතා කොට ඔවුන්ට කියන ලෙස මෙසේ වදාළ සේක: “නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ වන මා ශුද්ධ බැවින් නුඹලා ද ශුද්ධ ව සිටිය යුතු ය.


මෙසේ කළ යුත්තේ, ඔබ වනාහි දෙවි සමිඳාණන් වහන්සේට කැප වූ ශුද්ධ සෙනඟක් වන බැවිනි. පොළෝ තලයෙහි සිටින සියලු සෙනඟ අතරෙන් තමන් වහන්සේට ම විශේෂ වූ සෙනඟක් මෙන් උන් වහන්සේ ඔබ තෝරාගත් සේක.


ඔබ දෙවි සමිඳාණන් වහන්සේට කැප වූ සෙනඟකි. මිහි පිට සියලු ජාතීන් අතරෙන් සමිඳාණන් වහන්සේ සතු විශේෂ සෙනඟක් වන පිණිස උන් වහන්සේ ඔබ තෝරාගත් සේක.”


එක් කෙනෙක් අනිකෙකුට හඬගසමින් මෙසේ කී ය: “සුවිශුද්ධ ය, සුවිශුද්ධ ය, සුවිශුද්ධ ය. සව් බලැති සමිඳාණන් වහන්සේ සුවිශුද්ධ ය. උන් වහන්සේගේ තේජසින් මුළු ලොව පිරී ගියේ ය.”


ඒ සත්ත්වයන් සතර දෙනාගෙන් එකිනෙකාට පියාපත් හය බැගින් තිබිණි. ඔවුන් වටකර ද ඇතුළත ද ඇස්වලින් පිරී තිබුණේ ය. ඔව්හු, “වැඩ සිටි, වැඩ සිටින, මතු වඩින සර්වපරාක්‍රම ස්වාමීන් වන දෙවියන් වහන්සේ, සුවිශුද්ධ ය, සුවිශුද්ධ ය, සුවිශුද්ධ ය”යි දිවා රෑ දෙක්හි නොනැවතී ගයන්නාහ.


“පිලදෙල්පියා සභාවේ දූතයා වෙත මෙසේ ලියන්න: ‘ශුද්ධ වූ, සත්‍ය වූ, දාවිත්ගේ යතුර ඇත්තා වූ ද, කිසිවෙකු නොපියන ලෙස දොර අරින්නා වූ ද කිසිවෙකු නාරින ලෙස එය පියන්නා වූ ද තැනැන් වහන්සේ මෙසේ වදාරන සේක.


අපේ දෙවි සමිඳුන් පසසන්න, එතුමාණන්ගේ ශුද්ධ කන්ද ළඟ වැඳ වැටෙන්න. අපේ දෙවි සමිඳාණෝ සුවිශුද්ධ ය.


අපේ දෙවි සමිඳුන් උසස් කොට පසසන්න; එතුමාණන්ගේ පාපුටුව ළඟ වැඳ වැටෙන්න; එතුමාණෝ සුවිශුද්ධ වන සේක.


අපේ මාර්ගයෙන් ඉවත් ව අපේ ගමනට බාධා නොකරන්න. ඉශ්රායෙල්හි සුවිශුද්ධ දෙවිඳුන්, ගැන ඇසීමට අපට වුවමනාවක් නැත.”


ඔබේ සෙනඟත්, මමත් ඔබ ඉදිරියෙහි අනුග්‍රහය ලැබූ බව අපි කෙසේ දැනගනිමු ද? එය අප දැනගන්නේ ඔබ අප සමඟ යෑමෙන් නො වේ ද? එවිට ඔබේ සෙනඟත්, මමත් මිහි පිට සිටින සියලු සෙනඟට වඩා වරප්‍රසාද ලත් අය වන්නෙමු”යි කීවේ ය.


ජෝෂුවා සෙනඟට කතා කොට, “සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කරන්නට ඔබට නොහැකි ය. මන්ද, උන් වහන්සේ ශුද්ධ දෙවි කෙනෙකි; ප්‍රතිවාදීන් නොඉවසන දෙවි කෙනෙකි. එබැවින් උන් වහන්සේ ඔබේ අපරාධ ද පාප ද කමා නොකරන සේක.


මන්ද, මම නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ වෙමි. මා ශුද්ධ බැවින්, නුඹලා ද කැප වී ශුද්ධ විය යුතු ය. එබැවින් නුඹලා බිම බඩගා යන කොයි යම් සතෙකු වත් කෑමෙන් දූෂණය නොවිය යුතු ය.


මාගේ නීති රක්ෂා කරමින් ඒවා ඉටු කළ යුතු ය. නුඹලා විශුද්ධ කරන සමිඳාණන් වහන්සේ මම වෙමි.


තමන්ගේ නායකයන් වන තමන්ගේ සහෝදරයන්ට එකතු වී, දෙවියන් වහන්සේගේ මෙහෙකරු මෝසෙස් අතින් දෙන ලද උන් වහන්සේගේ ව්‍යවස්ථාවෙහි හැසිරෙන හැටියටත්, අපේ සමිඳාණන් වහන්සේගේ ආඥා ද විනිශ්චයයන් ද පනත් ද පවත්වා ඉෂ්ට කරන හැටියටත්,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්