ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ලෙවී කථාව 17:13 - Sinhala New Revised Version 2018

‘ඉශ්රායෙල් ජනයා අතර යමෙක් වේවා, ඔබ අතර වසන විදේශිකයෙක් වේවා, කෑමට අවසර ඇති මෘගයෙකු හෝ පක්ෂියෙකු හෝ දඩයම් කර අල්ලා ගතහොත්, උගේ ලේ ගලා යන්නට හැර, එය පස්වලින් වසාදැමිය යුතු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

‘ඉශ්රායෙල් ජනයා අතර යමෙක් වේවා, ඔබ අතර වසන විදේශිකයෙක් වේවා, කෑමට අවසර ඇති මෘගයෙකු හෝ පක්ෂියෙකු හෝ දඩයම් කර අල්ලා ගතහොත්, උගේ ලේ ගලා යන්නට හැර, එය පස්වලින් වසාදැමිය යුතු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන්වත් ඔවුන් අතරේ වසන විදේශීන්ගෙන්වත් කිසිවෙක් කෑමට ගන්නාවූ මෘගයෙක් හෝ පක්ෂියෙක් හෝ දඩයම් කරගත්තොත් ඔහු උගේ ලේ වගුරුවා එය පස්වලින් වසා දැමිය යුතුය.

පරිච්ඡේදය බලන්න



ලෙවී කථාව 17:13
9 හුවමාරු යොමු  

එම්බා මිහිකත! මට කර ඇති අපරාධ පස් යට නොසඟවන්න. මාගේ අඳෝනාව අවසන් නො වේ වා!


වෙසඟනක පතන්නේ පාන් ගෙඩියක මිල පමණකි; පර අඹුවක සොයන්නේ මුළු ජීවිතයකි.


කුමක් නිසා ද, වගුළ ලේ තවමත් නගරයෙහි ම ඇත. ඈ ඒ ලේ පස්වලින් වැසී යන්න පොළොව පිට නොවගුරුවා පස් නැති පර්වත උඩ වැගිරෙව්වා ය.


ඉශ්රායෙල්ගේ ජනයා අතර යමෙකුට වේවා, ඔවුන් අතර වසන විදේශිකයෙකුට වේවා, ලේ කෑමට ගැනීම මා තහනම් කර ඇත්තේ ඒ නිසා ය.


නුඹ වසන කිසිම තැනක පක්ෂියෙකුගේ වේවා, මෘගයෙකුගේ වේවා ලේ කෑමට නොගත යුතු ය.


එහෙත්, ඔබ සතුන්ගේ ලේ කෑමට ගත යුතු නොවේ. බිම වතුර වත් කරන්නාක් මෙන් එය බිමට වත් කළ යුතු ය.


එය අනුභව නොකර වතුර මෙන් බිම වත් කළ යුතු ය.


එහෙත් උගේ ලේ නොගත යුතු ය. වතුර වත් කරන්නාක් මෙන් උගේ ලේ බිමට වත් කළ යුතු ය.”