“නුඹ සහෝදර ආරොන්ට මෙසේ කියන්නැ”යි වදාළ සේක. “නියමිත කාලයේ දී පමණක් ඔහු තිරය පිටුපස තබා ඇති ගිවිසුම් කරඬුව මත පිහිටි කරුණාසනය ඉදිරියේ ශුද්ධස්ථානයට ඇතුළු විය යුතු ය. මෙය කඩ කළොත්, ඔහු මිය යනු ඇත. මන්ද, මම කරුණාසනය මත වලාකුළක දර්ශනය වන්නෙමි.
ලෙවී කථාව 16:15 - Sinhala New Revised Version 2018 මෙසේ කළ පසු ඔහු සෙනඟ උදෙසා ඇති පාප පූජාවේ එළුවා මරා, තිරය පිටුපසට උගේ ලේ ගෙනැවිත්, ගොන් වස්සාගේ ලේ ගෙන කළ පරිදි, කරුණාසනය උඩටත්, ඉස්සරහටත් ලේ ඉසිය යුතු ය. Sinhala New Revised Version මෙසේ කළ පසු ඔහු සෙනඟ උදෙසා ඇති පාප පූජාවේ එළුවා මරා, තිරය පිටුපසට උගේ ලේ ගෙනැවිත්, ගොන් වස්සාගේ ලේ ගෙන කළ පරිදි, කරුණාසනය උඩටත්, ඉස්සරහටත් ලේ ඉසිය යුතු ය. Sinhala Revised Old Version එවිට ඔහු සෙනඟ උදෙසා වූ පාප පූජාවේ එළුවා මරා උගේ ලේ තිරයෙන් ඇතුළට ගෙනගොස් ගොනාගේ ලෙයින් කළ ලෙසම උගේ ලෙයිනුත් කරමින් කරුණාසනය පිටද කරුණාසනය ඉදිරියෙහිද ඉසින්නේය. |
“නුඹ සහෝදර ආරොන්ට මෙසේ කියන්නැ”යි වදාළ සේක. “නියමිත කාලයේ දී පමණක් ඔහු තිරය පිටුපස තබා ඇති ගිවිසුම් කරඬුව මත පිහිටි කරුණාසනය ඉදිරියේ ශුද්ධස්ථානයට ඇතුළු විය යුතු ය. මෙය කඩ කළොත්, ඔහු මිය යනු ඇත. මන්ද, මම කරුණාසනය මත වලාකුළක දර්ශනය වන්නෙමි.
ඉන්පසු පූජකවරයා වස්සා කඳවුරෙන් පිටතට ගෙන ගොස්, පළමු වස්සා දැවූ ලෙස මේ වස්සා ද දැවිය යුතු ය. මෙය ජනතාව සඳහා පුදන පාප පූජාවකි.”
මේ නිරන්තර දවන යාග පූජාව සහ පානීය පූජාවට අමතර ව, පාප පූජාවක් වශයෙන් එළුවෙකු ද සමිඳාණන් වහන්සේට ඔප්පු කළ යුතු ය.”
එබැවින් ජනතාවගේ පව් කමා කිරීමට දෙවියන් වහන්සේගේ සේවයෙහි දයාන්විත, විශ්වාසවන්ත උත්තම පූජකයෙකු වන පිණිස, හැම අතින් ම සිය සහෝදරයන් හා සමාන වන්නට උන් වහන්සේට යුතු ව තිබිණි.
ඒ දුර්වලකම් නිසා සෙනඟ උදෙසා මෙන් ම තමා උදෙසාත් ඔහු විසින් පාප පූජා ඔප්පු කරනු ලැබීම අවශ්‍ය ව ඇත.
අප සතු මේ බලාපොරොත්තුව ආත්මයේ නැංගුරමක් වැනි ය. එය සුරක්ෂිත ය, ස්ථීර ය. එය වනාහි දේව මාලිගාවේ තිරයෙන් ඇතුළට, ශුද්ධස්ථානයට අප පමුණුවන බලාපොරොත්තුව ය.
අන් උත්තම පූජකයන් මෙන්, පළමු කොට තමන්ගේ ම පව් උදෙසාත්, දෙවනු ව ජනතාවගේ පව් උදෙසාත් දිනපතා පූජා ඔප්පු කිරීමට උන් වහන්සේට වුවමනාවක් නැත. මන්ද, උන් වහන්සේ තමන් ම එක ම වරක් පූජා වීමෙන් ඒ වුවමනාව ඉටු කළ සේක.
උන් වහන්සේ එළුවන්ගේත්, වස්සන්ගේත් ලෙයින් නොව, තමන්ගේ ම ලෙයින් අප උදෙසා සදාතන විමුක්තිය ලබා සදහට ම එක වරක් ශුද්ධස්ථානයට ඇතුළු වූ සේක.
මන්ද, වත්පිළිවෙත් අනුව අපවිත්‍ර යයි සලකන අය මත එළුවන්ගේත්, ගොනුන්ගේත් ලේ ද, එළ වැස්සියකගේ අළු ද ඉසීමෙන්, ඔව්හු පාරිශුද්ධිය ලබන්නාහු ය.
එහෙත් දෙ වන මණ්ඩපයට නායක පූජකයා පමණක් වසරකට වරක් ඇතුළු වේ. ඔහු තමා උදෙසාත්, සෙනඟගේ පව් උදෙසාත් ඔප්පු කරන පිණිස ලේ රැගෙන එහි ඇතුළු වෙයි.