“සමිඳාණන් වහන්සේට ඔප්පු කරන දවන යාගය පක්ෂියෙක් නම්, ඌ කොබෙයියෙකු හෝ පරෙවි පැටියෙකු හෝ විය යුතු ය.
ලෙවී කථාව 15:14 - Sinhala New Revised Version 2018 අට වන දින ඔහු කොබෙයියන් දෙදෙනෙකු හෝ පරෙවියන් දෙදෙනෙකු හෝ ගෙන සම්මුඛ මණ්ඩපයේ දොරකඩ සමිඳාණන් වහන්සේ වෙත පැමිණ ඒවා පූජකවරයාට දිය යුතු ය. Sinhala New Revised Version අට වන දින ඔහු කොබෙයියන් දෙදෙනෙකු හෝ පරෙවියන් දෙදෙනෙකු හෝ ගෙන සම්මුඛ මණ්ඩපයේ දොරකඩ සමිඳාණන් වහන්සේ වෙත පැමිණ ඒවා පූජකවරයාට දිය යුතු ය. Sinhala Revised Old Version අටවෙනි දවසෙහි ඔහු කොබෙයියන් දෙන්නෙකු හෝ පරෙවිපැටවුන් දෙන්නෙකු හෝ රැගෙන ස්වාමීන්වහන්සේ ඉදිරියට සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟට අවුත් උන් පූජකයාට දේවා. |
“සමිඳාණන් වහන්සේට ඔප්පු කරන දවන යාගය පක්ෂියෙක් නම්, ඌ කොබෙයියෙකු හෝ පරෙවි පැටියෙකු හෝ විය යුතු ය.
“පුතෙකු හෝ දුවක හෝ සඳහා ඇගේ පවිත්‍ර වීමේ කාලය සම්පූර්ණ වූ පසු ඈ සම්මුඛ මණ්ඩපයේ දොරකඩ පූජකවරයා වෙත දවන යාග පූජාවක් සඳහා අවුරුද්දක් වයසැති බැටළුවෙකු ද පාප පූජාවක් සඳහා පරෙවි පැටියෙකු හෝ කොබෙයියෙකු ද ගෙනා යුතු ය.
තවද, ඈට බැටළුවෙකු ගෙනෙන්නට වත්කමක් නැති නම්, කොබෙයියන් දෙදෙනෙකු හෝ පරෙවි පැටවුන් දෙදෙනෙකු හෝ ගෙනා යුතු ය. එකෙක් දවන යාග පූජාව සඳහා ය, අනෙකා පාප පූජාව සඳහා ය. පූජකවරයා ඈ උදෙසා මෙලෙස පවිත්‍ර වීමේ පිළිවෙත ඉටු කළ විට ඈ පවිත්‍ර වනු ඇත.”
අට වන දින ඔහු කොබෙයියන් දෙදෙනෙකු හෝ පරෙවියන් දෙදෙනෙකු හෝ සම්මුඛ මණ්ඩපයේ දොරකඩට පූජකවරයා වෙත ගෙනා යුතු ය.
දෙවියන් වහන්සේ, පාපය නොදත් ක්‍රිස්තුන් වහන්සේ, අප උදෙසා මනුෂ්‍ය පාපී බව හා සම වීමට සැලැසූ සේක. එසේ කළේ ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකමට අප පංගුකාර වනු පිණිස ය.
ඒ කැමැත්ත පරිදි ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ශරීරය සදහට ම එක වරක් පූජා කිරීමෙන් අපි පාරිශුද්ධිය ලැබ සිටිමු.
එහෙත් උන් වහන්සේ පව් උදෙසා සදහට ම එක ම පූජාවක් ඔප්පු කොට, දෙවියන් වහන්සේගේ දකුණු පස අසුන් ගත් සේක.
මන්ද, උන් වහන්සේ පවිත්‍ර කරනු ලබන්නන් එක ම පූජාවකින් සදාතනික පරිපූර්ණත්වයට ගෙනා සේක.
අපට යෝග්‍ය වන්නෙත් එබඳු ධාර්මික, නිර්දෝෂ, නිර්මල, පව්කාරයන්ගෙන් වෙන් වූ, අහස් මඬල ඉක්මවා වැජඹෙන උත්තම පූජකයෙක් ම ය.