Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 15:14 - Sinhala Revised Old Version

14 අටවෙනි දවසෙහි ඔහු කොබෙයියන් දෙන්නෙකු හෝ පරෙවිපැටවුන් දෙන්නෙකු හෝ රැගෙන ස්වාමීන්වහන්සේ ඉදිරියට සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟට අවුත් උන් පූජකයාට දේවා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 අට වන දින ඔහු කොබෙයියන් දෙදෙනෙකු හෝ පරෙවියන් දෙදෙනෙකු හෝ ගෙන සම්මුඛ මණ්ඩපයේ දොරකඩ සමිඳාණන් වහන්සේ වෙත පැමිණ ඒවා පූජකවරයාට දිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 අට වන දින ඔහු කොබෙයියන් දෙදෙනෙකු හෝ පරෙවියන් දෙදෙනෙකු හෝ ගෙන සම්මුඛ මණ්ඩපයේ දොරකඩ සමිඳාණන් වහන්සේ වෙත පැමිණ ඒවා පූජකවරයාට දිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 15:14
11 හුවමාරු යොමු  

බැටළුපැටවෙකු ගෙනෙන්ට ඈට වත්කම නැත්නම් ඈ කොබෙයියන් දෙදෙනෙක් හෝ පරෙවිපැටවුන් දෙදෙනෙක් හෝ ගෙනේවා; එයින් එකෙක් දවන පූජාවටය, අනිකා පාප පූජාවටය. පූජකයාද ඈ උදෙසා සමගිකමක් කරන්නේය, ඈ පවිත්‍රවන්නීයයි කීසේක.


මක්නිසාද උන්වහන්සේ පිරිසිදුකරනු ලබන්නන් එක පූජාවකින් සෑම කලටම සම්පූර්ණකළසේක.


නුමුත් මුන්වහන්සේ සෑම කලටම පව් නිසා එක පූජාවක් ඔප්පුකොට, දෙවියන්වහන්සේගේ දකුණු පැත්තේ හිඳගත්සේක.


ඒ කැමැත්ත පරිද්දෙන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය එකම වරක් පූජාකිරීම කරණකොටගෙන අපි පිරිසිදුකරනු ලැබ සිටිමුව.


එබඳුවූ ශුද්ධවූ, නිවැරදිවූ, නොකිලුටුවූ, පව්කාරයන්ගෙන් වෙන්වූ, ස්වර්ගවලට වඩා උසස්වී සිටින්නාවූ උත්තම පූජකයෙක් අපට යෝග්‍යවූයේය.


අප උන්වහන්සේ තුළ දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම වන පිණිස පාපයක් නොදත්තාවූ උන්වහන්සේ අප වෙනුවට පාපය වෙන්ට [දෙවියන්වහන්සේ] සැලැස්සූසේක.


අටවෙනි දවසෙහි ඔහු කොබෙයියන් දෙන්නෙක් හෝ පරෙවි පැටවුන් දෙන්නෙක් හෝ සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩට පූජකයා වෙතට ගෙනේවා.


පුත්‍රයෙකු සඳහා හෝ දුවෙකු සඳහා හෝ ඇගේ පවිත්‍රවීමේ දවස් සම්පූර්ණවූ කල්හි දවන පූජාවකට අවුරුද්දක්වූ බැටළුවස්සෙක්ද පාප පූජාවකට පරෙවි පැටියෙක් හෝ කොබෙයියෙක්ද සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟට පූජකයා වෙතට ගෙනා යුතුය.


ඉදින් ස්වාමීන්වහන්සේට ඔහුගේ පූජාව පක්ෂීන්ගෙන් වූ දවන පූජාවක් නම්, කොබෙයියන්ගෙන් හෝ පරෙවි පැටවුන්ගෙන් හෝ ඔහු තමාගේ පූජාව ඔප්පුකළ යුතුය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්