ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ලෙවී කථාව 14:48 - Sinhala New Revised Version 2018

“පූජකවරයා ගෙය ඇතුළට විත්, එය පරීක්ෂා කොට ගෙය කපරාරු කළ පසු රෝග ලකුණු එහි පැතිරී ගොස් නැත්නම්, රෝග ලකුණු සුව වී ඇති බැවින් ඒ ගෙය පවිත්‍ර බව ප්‍රකාශ කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

“පූජකවරයා ගෙය ඇතුළට විත්, එය පරීක්ෂා කොට ගෙය කපරාරු කළ පසු රෝග ලකුණු එහි පැතිරී ගොස් නැත්නම්, රෝග ලකුණු සුව වී ඇති බැවින් ඒ ගෙය පවිත්‍ර බව ප්‍රකාශ කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

පූජකයා අවුත් බැලූ විට ගෙය බදාම ගෑ පසු කුෂ්ඨය ගෙයි පැතිර ගොස් නැත්නම් කුෂ්ඨය සුවවූ බැවින් ගෙය පවිත්‍රයයි පූජකයා ප්‍රකාශ කරාවා.

පරිච්ඡේදය බලන්න



ලෙවී කථාව 14:48
10 හුවමාරු යොමු  

තුවාළ කරන්නේත් එතුමාණෝ ය; තුවාළ බඳින්නේත් එතුමාණෝ ය; වේදනාව ඇති වන්නේත් එතුමන්ගේ අතින් ය; සුවය ලැබෙන්නේත් එතුමන්ගේ ම අතින් ය.


“එන්න; අපි සමිඳාණන් වහන්සේ වෙත හැරී යමු; අප ඉරාදැම්මේ උන් වහන්සේ ය; අප සුව කරන්නේත් උන් වහන්සේ ය; අපට පහර දුන්නේත් උන් වහන්සේ ය; අපේ තුවාළ බඳින්නේත් උන් වහන්සේ ය.


පූජකවරයා ඔහු කඳවුරෙන් පිටතට කැඳවා ගෙන ගොස් ඔහු සෝදිසි කොට බෝවෙන චර්ම රෝගය සුව වී ඇත්නම්,


“ගඩොල් අහකට ගෙන, ගෙය සූරා, එය කපරාරු කළ පසු ඒ ලකුණු මතු වී, ඒවා ගෙයි පැතිරී ගියහොත්,


යමෙකු එම ගෙයි සැතපුණොත්, නැත්නම් ඒ ගෙය තුළ යමක් අනුභව කළොත්, ඔහු තම වස්ත්‍ර සෝදා ගත යුතු ය.


ඔහු ගෙය පවිත්‍ර කරනු පිණිස පක්ෂීන් දෙදෙනෙකු ද කිහිරි ලී කෑල්ලක් ද දම් පාට රෙදි කඩක් ද හිසොප් පැළයක් ද ගෙනා යුතු ය.


එකෙණෙහි ම ලේ ධාරාව නැවතී ඒ පීඩාවෙන් ඈට සුවය ලැබුණු බව ඇගේ ම ඇඟට දැනිණි.


උන් වහන්සේ කතා කරමින්, “දියණියනි, ඔබේ ඇදහිල්ල ඔබ සුවපත් කෙළේ ය; ශාන්ත සිතින් යන්න; ඔබේ පීඩාවෙන් මිදී වසන්නැ”යි ඈට වදාළ සේක.


ඒ වේලාවේ දී ම උන් වහන්සේ බොහෝ දෙනෙකුගේ ලෙඩ රෝග සුව කර, අශුද්ධාත්ම දුරු කර, අන්ධයන් බොහෝ දෙනෙකුට පෙනීම දුන් සේක.


තවද ඔබ අතරෙන් සමහරෙක් එවැන්නෝ වූ හ. එහෙත් අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමයෙන් ද අපගේ දෙවියන් වහන්සේගේ ආත්මයාණන් මඟින් ද ඔබ සෝදනු ලැබුවහු ය; ශුද්ධ කරනු ලැබුවහු ය; දමිටු කරනු ලැබුවහු ය.