Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 14:48 - Sinhala Revised Old Version

48 පූජකයා අවුත් බැලූ විට ගෙය බදාම ගෑ පසු කුෂ්ඨය ගෙයි පැතිර ගොස් නැත්නම් කුෂ්ඨය සුවවූ බැවින් ගෙය පවිත්‍රයයි පූජකයා ප්‍රකාශ කරාවා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

48 “පූජකවරයා ගෙය ඇතුළට විත්, එය පරීක්ෂා කොට ගෙය කපරාරු කළ පසු රෝග ලකුණු එහි පැතිරී ගොස් නැත්නම්, රෝග ලකුණු සුව වී ඇති බැවින් ඒ ගෙය පවිත්‍ර බව ප්‍රකාශ කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

48 “පූජකවරයා ගෙය ඇතුළට විත්, එය පරීක්ෂා කොට ගෙය කපරාරු කළ පසු රෝග ලකුණු එහි පැතිරී ගොස් නැත්නම්, රෝග ලකුණු සුව වී ඇති බැවින් ඒ ගෙය පවිත්‍ර බව ප්‍රකාශ කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 14:48
10 හුවමාරු යොමු  

නුඹලාගෙන් සමහරු එබන්දෝව සිටියෝය. නුමුත් ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්ද අපගේ දෙවියන්වහන්සේගේ ආත්මයාණන් තුළද නුඹලා සෝදනු ලැබුවහුය, ශුද්ධකරනු ලැබුවහුය, ධර්මිෂ්ඨකරනු ලැබුවහුය.


ඒ පැයේදී උන්වහන්සේ බොහෝ දෙනෙකුගේ රෝගද ව්‍යාධිද සුවකර, දුෂ්ටාත්ම පහකර, නොයෙක් අන්ධයන්ට පෙනීම දුන්සේක.


උන්වහන්සේද: දියණියනි, නුඹේ ඇදහිල්ල නුඹ සුවකළේය; සමාදානයෙන් ගොස්, නුඹේ පීඩාවෙන් සුවපත්ව සිටින්නැයි ඈට කීසේක.


එකෙණෙහිම ඇගේ ලේ ධාරාව වියළී ගොස්, ඒ පීඩාවෙන් ඈට සුවය ලැබුණු බව ඇගේ ශරීරය තුළෙහි ඈට දැනුණේය.


එන්න, අපි ස්වාමීන්වහන්සේ වෙතට හැරීයමු. මක්නිසාද ඉරා දැමුවේ උන්වහන්සේය, උන්වහන්සේ අප සුවකරනවා ඇත; පහරදෙන උන්වහන්සේ අපේ තුවාල බඳිනවා ඇත.


මක්නිසාද උන්වහන්සේ තුවාල කරනසේක, උන්වහන්සේම තුවාලය බඳිනසේක; උන්වහන්සේ පහරදෙනසේක, උන්වහන්සේගේම අත්වලින් සුවකරනසේක.


පූජකයාද කඳවුරෙන් පිටතට ගොස් ඔහු බැලිය යුතුය, කුෂ්ඨරෝගය සුවවී කුෂ්ඨරෝගියාගෙන් පහවී තිබෙන බව දුටුවොත්,


ගල් අහක්කොට ගෙනගොස් ගේ සූරාදමා එහි බදාම ගෑ පසු කුෂ්ඨය නැවත පැමිණ ගෙයි පැතිරෙන්නේනම්,


ඒ ගෙයි නිදන තැනැත්තේ තමාගේ වස්ත්‍ර සෝදාගත යුතුය; ඒ ගෙයිදී කෑම කන්නාද තමාගේ වස්ත්‍ර සෝදා ගත යුතුය.


ඔහු ගෙය පවිත්‍රකරන පිණිස පක්ෂීන් දෙදෙනෙක්ද කිහිරි දඬුද රතු ලොම්ද හිසොප්ද රැගෙන,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්