සිය අසල්වැසියාට විරුද්ධ ව රහසින් අපවාද දොඩන්නා මම වනසන්නෙමි; උඩඟු බැල්ම හා අහංකාර සිත ඇත්තා මම නුරුස්සන්නෙමි.
ලෙවී කථාව 14:40 - Sinhala New Revised Version 2018 ඒ ලකුණු ඇති ගඩොල් ගලවා, නගරයේ පිටත කසළ ගොඩකට දැමීමට අණ කළ යුතු ය. Sinhala New Revised Version ඒ ලකුණු ඇති ගඩොල් ගලවා, නගරයේ පිටත කසළ ගොඩකට දැමීමට අණ කළ යුතු ය. Sinhala Revised Old Version කුෂ්ඨය ඇති ගල් ගළවා නුවරින් පිට අපවිත්‍ර ස්ථානයක ඒවා දමන්ට පූජකයා අණකළ යුතුය. |
සිය අසල්වැසියාට විරුද්ධ ව රහසින් අපවාද දොඩන්නා මම වනසන්නෙමි; උඩඟු බැල්ම හා අහංකාර සිත ඇත්තා මම නුරුස්සන්නෙමි.
තවද, ගෙයි ඇතුළු බිත්ති සූරා, සූරන ලද බදාම නගරයේ පිටත කසළ ගොඩකට දමන ලෙස අණ කළ යුතු වේ.
ඉන්පසු ඔහු තම වස්ත්‍ර ගලවා, වෙන වස්ත්‍ර ලාගෙන කඳවුරෙන් පිටත පවිත්‍ර ස්ථානයකට අළු ගෙන යා යුතු ය.
ඔහු ඔවුන් කියන දේත් නොපිළිගත්තොත්, සභාවට දන්වන්න. සභාව කියන දේත් නොපිළිගත්තොත්, ඔහු විජාතිකයෙකු හෝ අයකැමියෙකු මෙන් සලකන්න.
උන් වහන්සේ, මා තුළ ඇති, පල නොදරන සියලු අතු කපා හරින සේක. පල දරන සියලු අතු, වඩා පල දරන පිණිස පාහින සේක.
සභාව තුළ සිටින්නවුන් විනිශ්චය කිරීම ඔබේ යුතුකම නොවේ ද? එසේ නම් ඔබ අතරින් ඒ දුෂ්ටයා පහ කරන්න.
ඔබේ ක්‍රියා ද ඔබේ වෙහෙසීම් ද ඔබේ ඉවසීම ද මම දනිමි. ඔබ දුදනන් නුරුස්සන බව ද, අපෝස්තුළුවරුන්ගේ පදවිය අයුතු ලෙස පවරාගත් අය සෝදිසි කර බලා ඔබ ඔවුන් බොරුකාරයන් යයි දැනගත් බව ද මම දනිමි.
එහෙත් ඔබට විරුද්ධ ව මේ චෝදනාව මට ඇත. තමා දිවැස්වරියකැ යි කියාගන්නා ජෙසබෙල් නම් ස්ත්‍රියට ඔබ අනුබල දෙන්නහු ය. කාමමිථ්‍යාචාරය කරන්නට ද දේවතා රූපවලට පිදූ පිදේනි කන්නට ද උගන්වමින් ඈ මාගේ සේවකයන් මුළා කරන්නී ය.
එහෙත් ඔබේ වාසියට එක දෙයක් ඇත. එනම්, මා මෙන් ම ඔබත් නිකොලයිතයන්ගේ ක්‍රියාවලට ද්වේෂ කිරීම ය.
එහෙත් නුවරින් පිටත සිටින්නෝ නම් බල්ලෝ ද අනවින කරන්නෝ ද කාමමිථ්‍යාචාරීහු ද මිනී මරන්නෝ ද රූප වඳින්නෝ ද මුසාවට ප්‍රිය කොට එය භාවිත කරන්නෝ ද යන මොවුහු ය.