Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 14:40 - Sinhala Revised Old Version

40 කුෂ්ඨය ඇති ගල් ගළවා නුවරින් පිට අපවිත්‍ර ස්ථානයක ඒවා දමන්ට පූජකයා අණකළ යුතුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

40 ඒ ලකුණු ඇති ගඩොල් ගලවා, නගරයේ පිටත කසළ ගොඩකට දැමීමට අණ කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

40 ඒ ලකුණු ඇති ගඩොල් ගලවා, නගරයේ පිටත කසළ ගොඩකට දැමීමට අණ කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 14:40
19 හුවමාරු යොමු  

පිටත සිටින්නෝ නම් බල්ලෝද මායම්කාරයෝද වේශ්‍යාකම්කරන්නෝද මිනීමරන්නෝද රූප වඳින්නෝද බොරුවකට ප්‍රියවන්නාවූ, එය කරන්නාවූ සියල්ලෝද වෙති.


නුමුත් නුඹට විරුද්ධව මේ කාරණය මට ඇත්තේය, එනම්, තමාම අනාගතවක්ත්‍රියෙකැයි කියාගන්නාවූ ස්ත්‍රී වන යෙශබෙල්ට නුඹ අවකාශ දෙන්නෙහිය; ඈ වනාහි වේශ්‍යාකම්කරන්ටද දේවතා රූපවලට පූජාකළ දේ කන්ටද මාගේ මෙහෙකරුවන්ට උගන්වා මුළාකරන්නීය.


නුමුත් මේක නුඹට ඇත්තේය, එනම්, මා ද්වේෂකරන නිකොලායිතයන්ගේ ක්‍රියාවලට නුඹත් ද්වේෂකරන්නෙහිය.


එනම්, නුඹේ ක්‍රියාවල්ද, නුඹේ වැඩ සහ ඉවසීමද, නුඹ නපුරන් නුරුස්සන බවද, ප්‍රේරිතයන් නොවන නුමුත් තුමූ ප්‍රේරිතයෝය කියන්නන් නුඹ සෝදිසිකර බලා ඔවුන් බොරුකාරයන්යයි නුඹ දැනගත් බවද,


භේදකාර මනුෂ්‍යයා පෙරළී ඉන්න බවත් දැනගනම පව්කරන බවත් නුඹ දන්න බැවින්.


එහෙත් පිටත සිටින්නන් දෙවියන්වහන්සේ විනිශ්චයකරනසේක. ඒ දුෂ්ටයා නුඹලා අතරෙන් පහකරන්න.


මා තුළෙහි තිබී ඵල නොදරන සියලු අතු උන්වහන්සේ පහකරනසේක. ඵල දරන සියලු අතු වඩා ඵල දරන පිණිස උන්වහන්සේ පවිත්‍රකරනසේක.


ඔහු ඔවුන් කී දේත් පිළිනොගත්තොත්, සභාවට කියන්න. සභාව කී දේත් පිළිනොගත්තොත්, ඔහු නුඹට අන්‍යජාතියෙක් මෙන්ද සුංගම් අයකරන්නෙක් මෙන්ද වේවා.


නින්දාකරන්නා පන්නාදමන්න, එවිට තරඟය පහවේ; එසේය, විවාදයත් ලජ්ජාවත් නවතියි.


යමෙක් ස්වකීය අසල්වාසියා ගැන රහසේ කේලාම්කියයිද ඔහු විනාශකරන්නෙමි. උඩඟු බැල්මක් හා ආඩම්බර සිතක් ඇත්තා නොඉවසන්නෙමි.


සත්වෙනි දවසෙහි නැවත අවුත් බලාවා. එවිට කුෂ්ඨය ගෙයි බිත්තිවල පැතිර තිබුණොත්,


තවද ඔහු ගෙයි ඇතුළත වටකරින් සූරන්ට සැලැස්විය යුතුය, ඔව්හු සූරාදමන බදාම නුවරින් පිටත අපවිත්‍ර ස්ථානයක දමා,


ඔහු තමාගේ ඇඳුම් ගළවා වෙන ඇඳුම් ඇඳගෙන කඳවුරෙන් පිට පවිත්‍ර තැනකට අළු ගෙනේවා.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්