ඉන්පසු ඌ මරා උගේ ලේ ගෙන ආරොන්ගේ දකුණු කන් පෙත්තෙහි ද ඔහුගේ පුත්‍රයන්ගේ දකුණු කන් පෙතිවල ද ඔවුන්ගේ දකුණත්වල මාපට ඇඟිලිවල ද දකුණු පාදවල මාපට ඇඟිලිවල ද තවරා, ඉතිරි ලේ පූජාසනයේ හැම පැත්තට ම ඉසිය යුතු ය.
ලෙවී කථාව 14:14 - Sinhala New Revised Version 2018 පූජකවරයා වන්දි ගෙවීමේ පූජාවේ සතාගේ ලෙයින් ටිකක් ගෙන පවිත්‍ර වීමේ පිළිවෙත ලබන තැනැත්තාගේ දකුණු කන් පෙත්තෙහි ද දකුණතේ මාපටැඟිල්ලේ ද දකුණු පයේ මාපටැඟිල්ලේ ද තැවරිය යුතු ය. Sinhala New Revised Version පූජකවරයා වන්දි ගෙවීමේ පූජාවේ සතාගේ ලෙයින් ටිකක් ගෙන පවිත්‍ර වීමේ පිළිවෙත ලබන තැනැත්තාගේ දකුණු කන් පෙත්තෙහි ද දකුණතේ මාපටැඟිල්ලේ ද දකුණු පයේ මාපටැඟිල්ලේ ද තැවරිය යුතු ය. Sinhala Revised Old Version පූජකයාද අපරාධ පූජාවේ ලෙයින් ස්වල්පයක් ගෙන පවිත්‍රවෙන්ට සිටින්නාගේ දකුණු කන් කෙළවරෙහිද ඔහුගේ දකුණු අත මාපට ඇඟිල්ලේද ඔහුගේ දකුණු පය මාපට ඇඟිල්ලේද ගා, |
ඉන්පසු ඌ මරා උගේ ලේ ගෙන ආරොන්ගේ දකුණු කන් පෙත්තෙහි ද ඔහුගේ පුත්‍රයන්ගේ දකුණු කන් පෙතිවල ද ඔවුන්ගේ දකුණත්වල මාපට ඇඟිලිවල ද දකුණු පාදවල මාපට ඇඟිලිවල ද තවරා, ඉතිරි ලේ පූජාසනයේ හැම පැත්තට ම ඉසිය යුතු ය.
ඔබ වඩ වඩා කැරලි ගසන්නේ වැඩි වැඩියෙන් දඬුවම් ලබන පිණිස ද? ඉශ්රායෙල් ජාතිය, ඔබේ හිස වණ වී ඇත. ඔබේ සිත මුළුමනින් ම දුර්වල ය.
“ඉන්පසු පූජකවරයා ද පාප පූජාව ඔප්පු කොට, අපවිත්‍රකමින් පවිත්‍ර විය යුතු තැනැත්තා උදෙසා, පවිත්‍ර වීමේ පිළිවෙත ඉටු කළ පසු දවන යාග පූජාවේ සතා මැරිය යුතු වේ.
ඔහු වන්දි ගෙවීමේ පූජාවේ බැටළුවා මරා, එයින් ලේ ටිකක් ගෙන, පවිත්‍ර වීම ලබන තැනැත්තාගේ දකුණු කන් පෙත්තෙහි ද ඔහුගේ දකුණතේ මාපටැඟිල්ලේ ද දකුණු පයේ මාපටැඟිල්ලේ ද තැවරිය යුතු වේ.
සහෝදරයෙනි, දෙවියන් වහන්සේ ඉමහත් දයාවක් පෙන් වූ බැවින්, ඔබගේ ශරීර දෙවියන් වහන්සේට කැප කළ, උන් වහන්සේට ප්‍රසන්න වූ ජීවමාන යාගයක් කොට ඔප්පු කරන මෙන් ඔබගෙන් උදක් ම ඉල්ලමි. සැබෑ බුද්ධිමය නමස්කාරය එය වේ.
තවද ඔබේ ඉන්ද්‍රියයන් අදමිටුකමේ ආයුධ වන ලෙස පාපයට භාර නොදෙන්න. එසේ නොකර මළවුන් කෙරෙන් උත්ථාන වූ අය මෙන් දෙවියන් වහන්සේට කැප වී, ඔබේ ඉඳුරන් දමිටුකමෙහි ආයුධ වන ලෙස උන් වහන්සේට භාර කරන්න.
ඔබගේ තේරුම් ගැනීමේ දුර්වලතා මා දන්න නිසා නිදර්ශන දක්වමින් ඔබට කතා කරමි. එනම්, ඔබ වරක් අයුතුකම් කරන ලෙස ඔබේ ඉන්ද්‍රියයන් අපිරිසුදුකමේත් අයුක්තියේත් වහල් සේවයට භාර දුන්නාක් මෙන්, දැන් පාරිශුද්ධත්වය සඳහා ඔබේ ඉඳුරන් දමිටුකමේ වහල් සේවයට භාර දෙන්න.
ප්‍රේමවන්ත සහෝදරවරුනි, මෙවැනි පොරොන්දු අපට ඇති බැවින් සිත කය කෙලෙසන සියලු දෙයින් වැළකී අප ම පවිත්‍ර කරගනිමින් දේව ගරුබිය ඇති ව අපගේ ශුද්ධවන්තකම පරිපූර්ණ කරගනිමු.
“බෝවෙන චර්ම රෝගයක් සම්බන්ධයෙන් ලෙවීවරුන් වන පූජකවරුන් ඔබට උගන්වන සියල්ල හරියාකාර ඉටු කිරීමට සැලකිල්ල දැක්විය යුතු ය. මා ඔවුන්ට අණ දුන් ප්‍රකාර ඔබ ඒවා පිළිපැදීමට වගබලාගත යුතු ය.
මාගේ දැඩි බලාපොරොත්තුව හා පැතීම මෙය වේ: මා කිසිවක් ගැන ලජ්ජාවට නොපැමිණ, හැම අයුරින් ම නිර්භීත ව සිට, මැරෙතත්, ජීවත් වෙතත්, මාගේ ජීවිතයෙන්, පෙර සේ ම දැනුත් ක්‍රිස්තුන් වහන්සේ මහිමයට පැමිණවීම ය.
ආත්මික ගෘහයක් ගොඩනඟන ලෙස ඔබ ජීවමාන ගල් මෙන් උන් වහන්සේ වෙත පැමිණ, එහි ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මඟින්, දෙවියන් වහන්සේට ප්‍රසන්න ආත්මික පූජා පුද කරන පිණිස ශුද්ධ පූජක පිරිසක් වන්න.