Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 14:19 - Sinhala New Revised Version 2018

19 “ඉන්පසු පූජකවරයා ද පාප පූජාව ඔප්පු කොට, අපවිත්‍රකමින් පවිත්‍ර විය යුතු තැනැත්තා උදෙසා, පවිත්‍ර වීමේ පිළිවෙත ඉටු කළ පසු දවන යාග පූජාවේ සතා මැරිය යුතු වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 “ඉන්පසු පූජකවරයා ද පාප පූජාව ඔප්පු කොට, අපවිත්‍රකමින් පවිත්‍ර විය යුතු තැනැත්තා උදෙසා, පවිත්‍ර වීමේ පිළිවෙත ඉටු කළ පසු දවන යාග පූජාවේ සතා මැරිය යුතු වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

19 තවද පූජකයා පාප පූජාව ඔප්පුකර තමාගේ අපවිත්‍රකම නිසා පවිත්‍රවෙන්ට සිටින්නා උදෙසා සමගිකමක් කෙරේවා; පසුව ඔහු දවන පූජාවේ සතා මරාවා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 14:19
8 හුවමාරු යොමු  

එවිට පූජකවරයා බැටළු වස්සෙකු ගෙන ඔහු උදෙසා වන්දි ගෙවීමේ පූජාවක් පිණිස තෙල් ලීටර් එකකින් තුනෙන් පංගුවක් සමඟ ඌ පුද කරමින් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පිළිගැන්වීමේ පිළිවෙත ඉටු කොට පිළිගැන්විය යුතු ය.


දෙවියන් වහන්සේ, පාපය නොදත් ක්‍රිස්තුන් වහන්සේ, අප උදෙසා මනුෂ්‍ය පාපී බව හා සම වීමට සැලැසූ සේක. එසේ කළේ ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකමට අප පංගුකාර වනු පිණිස ය.


මිනිස් දුර්වලතා නිසා, ව්‍යවස්ථාවට ඉටු කළ නොහැකි දෙය දෙවියන් වහන්සේ ඉටු කළ සේක. එසේ කෙළේ, පාපයේ බලය බිඳින පිණිස, ස්වකීය පුත්‍රයාණන්ට අපේ පාපී වූ මිනිස් කයට සමාන කයක් දී එවමින්, ඒ මිනිස් කයේ සිටිය දී දෙවියන් වහන්සේ විසින් පාපයට විරුද්ධ ව තීන්දුව දීමෙනි.


තවද, ඔහු තමා වරදකරුවෙකු කළ පාපය වෙනුවට සමිඳාණන් වහන්සේ වෙත වන්දි ගෙවීමේ පූජාවක් පිණිස රැළෙන් ගැහැණු සතෙකු වන එළු පැටියෙකු හෝ බැටළු පැටියෙකු හෝ ගෙනා යුතු ය. පූජකවරයා ද ඔහු කළ පාපයට සමාව අයැදිනු ඇත.


“යමෙක් සාක්ෂිකරුවෙකු වී සිටිය දී උසාවියේ ප්‍රසිද්ධ දිවුරුම් වචන ඇසූ පසුත්, ඒ පිළිබඳ ව තමා දුටු කරුණු හෝ දත් කරුණු හෝ නොදන්වන්නේ නම්, ඔහු ඒ ගැන වගකිව යුතු ය.


පූජකවරයා වන්දි ගෙවීමේ පූජාවේ සතාගේ ලෙයින් ටිකක් ගෙන පවිත්‍ර වීමේ පිළිවෙත ලබන තැනැත්තාගේ දකුණු කන් පෙත්තෙහි ද දකුණතේ මාපටැඟිල්ලේ ද දකුණු පයේ මාපටැඟිල්ලේ ද තැවරිය යුතු ය.


පූජකවරයා එක පඬුරක් පාප පූජාවක් සඳහා ද අනික දවන යාග පූජාවක් සඳහා ද ඔප්පු කළ යුතු ය. මෙලෙස ඔහු ඔප්පු කරමින් ඒ තැනැත්තාගේ මෝචනය උදෙසා පවිත්‍ර වීමේ පිළිවෙත සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඉටු කළ යුතු ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්