පූජකවරයා ද ඔහු සෝදිසි කළ පසු, එය හමේ ගැඹුරට ගොස් එහි රෝම සුදු පාට වී ඇති බව පෙනේ නම්, ඒ තැනැත්තා අපවිත්‍ර යයි ප්‍රකාශ කළ යුතු ය. එය ගඩ ගෙඩියකින් හට ගැනුණු චර්ම රෝගයකි.
ලෙවී කථාව 13:21 - Sinhala New Revised Version 2018 එහෙත්, පූජකවරයා ඔහු සෝදිසි කළ පසු එහි සුදු පාට රෝම නැති බවත්, හමේ ගැඹුරට ගොස් නැති බවත්, එය මැල වී තිබෙන බවත් පෙනේ නම්, ඔහු ඒ තැනැත්තා දවස් හතක් වෙන් කොට තැබිය යුතු ය. Sinhala New Revised Version එහෙත්, පූජකවරයා ඔහු සෝදිසි කළ පසු එහි සුදු පාට රෝම නැති බවත්, හමේ ගැඹුරට ගොස් නැති බවත්, එය මැල වී තිබෙන බවත් පෙනේ නම්, ඔහු ඒ තැනැත්තා දවස් හතක් වෙන් කොට තැබිය යුතු ය. Sinhala Revised Old Version එහෙත් පූජකයා එය බැලූ කල එහි තුළ සුදු මයිල් නැතුව හමට වඩා පහත් නොවී මැලවී තිබුණොත් පූජකයා ඔහු සත් දිනක් වෙන්කර සිටුවිය යුතුය. |
පූජකවරයා ද ඔහු සෝදිසි කළ පසු, එය හමේ ගැඹුරට ගොස් එහි රෝම සුදු පාට වී ඇති බව පෙනේ නම්, ඒ තැනැත්තා අපවිත්‍ර යයි ප්‍රකාශ කළ යුතු ය. එය ගඩ ගෙඩියකින් හට ගැනුණු චර්ම රෝගයකි.
එය හම පුරා පැතිරී ගියහොත්, පූජකවරයා ඔහු අපවිත්‍ර යයි ප්‍රකාශ කළ යුතු ය. එය බෝවෙන චර්ම රෝගයකි.
එහෙත්, හමේ පැල්ලම සුදු පාට නමුත්, එය හමේ ගැඹුරට නොගොස් එහි රෝම සුදු පාට වී නොතිබේ නම්, පූජකවරයා එම කුෂ්ඨය ඇති තැනැත්තා දවස් හතක් වෙන් කොට තැබිය යුතු ය.
අපගේ ස්වාමීන් වන ජේසුස් වහන්සේගේ බලයෙන් ඒ පුද්ගලයාගේ ආත්මය සමිඳාණන් වහන්සේගේ දවසේ දී ගැළවෙන පිණිස, ඔහුගේ ශරීරය නාස්ති වන පිණිස ඔහු සාතන්ට භාර කළ යුතු ය.