Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 13:4 - Sinhala New Revised Version 2018

4 එහෙත්, හමේ පැල්ලම සුදු පාට නමුත්, එය හමේ ගැඹුරට නොගොස් එහි රෝම සුදු පාට වී නොතිබේ නම්, පූජකවරයා එම කුෂ්ඨය ඇති තැනැත්තා දවස් හතක් වෙන් කොට තැබිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 එහෙත්, හමේ පැල්ලම සුදු පාට නමුත්, එය හමේ ගැඹුරට නොගොස් එහි රෝම සුදු පාට වී නොතිබේ නම්, පූජකවරයා එම කුෂ්ඨය ඇති තැනැත්තා දවස් හතක් වෙන් කොට තැබිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

4 නුමුත් ඔහුගේ ශරීරයේ හමෙහි තිබෙන පැල්ලම සුදු බවද හමට වඩා පහත්ව නැති බවද එහි මයිල් සුදු නොවී තිබෙන බවද පෙනේනම් පූජකයා රෝගකාරයා සත් දිනක් වෙන්කර සිටුවා,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 13:4
14 හුවමාරු යොමු  

දින හතකට මීරියම් කඳවුරෙන් නෙරපාදමනු ලැබුවා ය. ඈ යළි පැමිණෙන තෙක් සෙනඟ ද යන්නට පිටත් නො වූ හ.


සමහරුන්ගේ වැරදි, විනිශ්චයක් කිරීමටත් පෙර, පැහැදිලි ය. එහෙත් සමහරුන්ගේ වැරදි, එළිදරව් වන්නේ පසු ව ය.


එබැවින් සමිඳාණන් වහන්සේ එන තුරු නියම කාලයට පෙර කිසි විනිශ්චයක් නොකරන්න. උන් වහන්සේ අඳුරෙහි සැඟවුණු දේ ආලෝකයට පමුණුවා, සිත් සතන්හි අදහස් හෙළි කරන සේක. එවිට හැම දෙනෙක් ම තම තමන්ට හිමි ප්‍රශංසාව දෙවියන් වහන්සේගෙන් ලබති.


“තමන්ගේ දේව රූප පස්සේ මුළා වී ගිය ඉශ්රායෙල්වරුන් මුළා ව ගිය කල මා වෙතින් අහක් ව ගියා වූ ලෙවීවරුන් ඔවුන්ගේ පාපවල විපාකය දැරිය යුතු ය.


ඔබ ඒ ගැන විමසා සොයා බලා, හොඳින් තතු දැනගෙන, මෙබඳු පිළිකුල් දෙයක් ඔබ අතර ඇත්තට ම කිසි සැකයක් නැතුව ම සිදු වී යයි ඒත්තු ගියහොත්,


පූජකවරයා ද ඔහුගේ ශරීරයේ හමේ කුෂ්ඨය සෝදිසි කළ යුතු ය. රෝගය ඇති ස්ථානයේ රෝම සුදු පාට වී, කුෂ්ඨය හමේ ගැඹුරට ගොස් තිබේ නම්, එය බෝවෙන චර්ම රෝගයක් වේ. පූජකවරයා ද ඔහු සෝදිසි කළ පසු ඔහු අපවිත්‍ර ය කියා ප්‍රකාශ කළ යුතු ය.


හත් වන දින පූජකවරයා ඔහු සෝදිසි කළ යුතු ය. කුෂ්ඨය එසේ ම ඇති ව, එය පැතිරී නැත් නම්, ඔහු ඒ තැනැත්තා තව දවස් හතක් වෙන් කොට තැබිය යුතු ය.


එය ඔහුගේ සිරුරේ හමේ වූ කල්ගිය බෝවෙන චර්ම රෝගයක් බැවින් ඔහු ඒ තැනැත්තා අපවිත්‍ර යයි ප්‍රකාශ කළ යුතු ය. තවද, ඒ තැනැත්තා වෙන් කිරීම අනවශ්‍ය ය. මන්ද, ඔහු දැනට ම අපවිත්‍ර ය.


පූජකවරයා ද එම දදය සෝදිසි කොට, එය හමේ ගැඹුරට නොගොස් එහි කළු පාට රෝම නොතිබේ නම්, ඔහු ඒ තැනැත්තා හත් දිනක් වෙන් කොට තැබිය යුතු ය.


පූජකවරයා ඔහු සෝදිසි කළ යුතු ය. පැල්ලමේ රෝම සුදු වී ඇති බව ද හමේ ගැඹුරට ගොස් ඇති බව ද පෙනේ නම්, එය පිළිස්සීමෙන් හට ගැනුණු බෝවෙන චර්ම රෝගයකි. එබැවින් පූජකවරයා ඔහු අපවිත්‍ර යයි ප්‍රකාශ කළ යුතු ය. එය බෝවෙන චර්ම රෝගයකි.


පූජකවරයා ඔහු සෝදිසි කොට, එම පැල්ලමේ සුදු පාට රෝම නැති බවත්, එය හමේ ගැඹුරට ගොස් නැති බවත්, එය මැල වී ඇති බවත් දකී නම්, ඔහු ඒ තැනැත්තා දින හතක් වෙන් කොට තැබිය යුතු ය.


ඔහු එය සෝදිසි කළ පසු, දින හතක් එය වෙන් කොට තැබිය යුතු ය.


ඔහු ගෙයින් නික්ම දොරින් පිටතට අවුත්, හත් දවසකට ගෙය වසාදැමිය යුතු ය.


ඉන්පසු සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා, “ඇගේ පියා ඇගේ මූණට කෙළ ගැසී නම්, ඈ දින හතක් තුළ ලජ්ජා නොවිය යුතු ද? එබැවින් දින හතකට ඈ කඳවුරෙන් නෙරපාදමනු ලැබිය යුතු ය. ඉන්පසු ඇය කඳවුර තුළට බාර ගත හැකි ය”යි වදාළ සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්