Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 කොරින්ති 5:5 - Sinhala New Revised Version 2018

5 අපගේ ස්වාමීන් වන ජේසුස් වහන්සේගේ බලයෙන් ඒ පුද්ගලයාගේ ආත්මය සමිඳාණන් වහන්සේගේ දවසේ දී ගැළවෙන පිණිස, ඔහුගේ ශරීරය නාස්ති වන පිණිස ඔහු සාතන්ට භාර කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 අපගේ ස්වාමීන් වන ජේසුස් වහන්සේගේ බලයෙන් ඒ පුද්ගලයාගේ ආත්මය සමිඳාණන් වහන්සේගේ දවසේ දී ගැළවෙන පිණිස, ඔහුගේ ශරීරය නාස්ති වන පිණිස ඔහු සාතන්ට භාර කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

5 ඔබ, ඒ පුද්ගලයාගේ ශරීරය විනාශ වීමට සාතන්ට බාර දිය යුත්තේ, ස්වාමින්වහන්සේගේ දවසේදී ඔහුගේ ආත්මය ගැලවෙන පිණිස ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

5 ආත්මය ස්වාමිවූ යේසුස්වහන්සේගේ දවසේදී ගැළවෙන පිණිස මාංසය නාස්තිවීම පිණිස මෙබඳු තැනැත්තා සාතන්ට භාරදීමටය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 කොරින්ති 5:5
23 හුවමාරු යොමු  

හිමෙනියස් ද අලෙක්සන්දර් ද එබඳු තැනැත්තෝ ය. ඔවුන් දේව අපහාස නොකරන පිණිස පාඩමක් වශයෙන් මම ඔවුන් සාතන් හට බාර දුනිමි.


එවිට සමිඳාණන් වහන්සේ කතා කරමින්, “හොඳයි, මම ඔහු නුඹ අතට බාර දෙමි. හැබැයි, ඔහුගේ ප්‍රාණයට නම් අත නොතියන්නැ”යි සාතන්ට වදාළ සේක.


මා ඔබෙන් ඈත් ව සිටිය දී, මේ කරුණු ඔබට ලියා එවන්නේ, මා ඔබ වෙතට පැමිණි විට, තදින් ක්‍රියා කිරීමට මාගේ අධිකාරි බලය යෙදීම වුවමනා නොවන පිණිස ය. සමිඳාණන් වහන්සේ මේ ආධිපත්‍යය මට දෙවා වදාළේ, බිඳ හෙළීමට නොව, ගොඩනැඟීමට ය.


ඔබ සහමුලින් ම කීකරු වූ කල සියලු අකීකරුකම්වලට දඬුවම් දීමට අපි සූදානම් ව සිටිමු.


එහෙත් සමිඳාණන් වහන්සේ විසින් විනිශ්චය කරනු ලැබීමෙන්, අප හික්මවනු ලබන්නේ ලෝකයා සමඟ වරදට පත් නොවන පිණිස ය.


සභාව තුළ සිටින්නවුන් විනිශ්චය කිරීම ඔබේ යුතුකම නොවේ ද? එසේ නම් ඔබ අතරින් ඒ දුෂ්ටයා පහ කරන්න.


අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ විනිශ්චය දිනයේ දී ඔබ නිදොස් ව සිටින පිණිස උන් වහන්සේ අන්තිමය දක්වා ඔබ ස්ථීර කරන සේක.


මා අදහාගැනීමෙන් ඔවුන් පව් කමාව ද, දෙවියන් වහන්සේගේ ම ජනතාව අතරෙහි උරුමයක් ද ලබන පිණිස ඔවුන් අන්ධකාරයෙන් ආලෝකයට ද, සාතන්ගේ බලයෙන් දෙවියන් වහන්සේ වෙතට ද හැරෙන ලෙස ඔවුන්ගේ ඇස් පැහැදවීමට ඔවුන් වෙතට ඔබ යවමි’යි වදාළ සේක.


යමෙකු තම සහෝදරයා මරණීය නොවන පාපයක් කරන බව දුටුවොත්, ඔහු යාච්ඤා කෙරේ වා! එවිට, එය මරණයට නොපමුණුවන පාපයක් නම්, දෙවියන් වහන්සේ ඔහුට ජීවනය දෙන සේක. මරණයට පමුණුවන පාපයක් ඇත්තේ ය. ඒ ගැන ඔබ යාච්ඤා කළ යුතු යයි මම නොකියමි.


කෝටුවෙන් ඔහුට තළන්න, එයින් ඔහුගේ ජීවිතය රැකෙනු ඇත.


මාගේ සතුරාට විරුද්ධ ව කුරිරු විනිශ්චයකරුවෙකු පත් කළ මැනව. ඔහුගේ ම සතුරෙකු පැමිණිලිකරුවෙකු මෙන් ඉදිරිපත් කළ මැනව.


දෙවියන් වහන්සේගේ දවස පැමිණීම බලා සිට, එය ඉක්මන් කිරීමට උත්සාහ කරන්න. ඒ දවසේ දී අහස ගිනිගෙන විනාශ වනු ඇත. මහා භූතයන් දැවී උණු වී යනු ඇත.


ඒ මහා දවසේ දී ඔහුට සමිඳාණන් වහන්සේගෙන් කරුණාව ලැබෙන්නට උන් වහන්සේ සලස්වන සේක් වා! ඔහු එපීසයෙහි දී මට කෙතරම් උපස්ථාන කළේ දැ යි මට වඩා හොඳින් ඔබ දන්නෙහි ය.


ඔබ තුළ යහපත් කාර්යයක් ඇරඹු උන් වහන්සේ, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ පැමිණීමේ දවස දක්වා එය සම්පූර්ණ කරනු ඇතැ යි මම ඒකාන්තයෙන් ම විශ්වාස කරමි.


එවිට ජේසුස් වහන්සේ, කතා කරමින්, “සාතන් පලා යව! ‘නුඹේ දෙවි ස්වාමීන් වහන්සේට නමස්කාර කරන්න; උන් වහන්සේට පමණක් සේවය කරන්න’ කියා ලියා ඇතැ”යි ඔහුට වදාළ සේක.


“සීමොන්, සීමොන්, මෙ‍ය අසන්න. තිරිඟු පොළන්නාක් මෙ‍න් ඔබ සියලු දෙන පොළාලන්නට සාතන් අවසර ලබා ඇත.


ඒ එළිදරව් කිරීම්වල අති උතුම්කම කරණකොටගෙන, මා හිස උදුම්මා නොගන්නා පිණිස, මට පහර දීමට සාතන්ගේ දූතයෙකු වැනි, ශරීරයේ කාවැදුණු කටුවක් හා සමාන පීඩාවක් මට දෙන ලද්දේ ය. එසේ වූයේ මා හිස උදුම්මා නොගන්නා පිණිස ය.


එහෙත්, පූජකවරයා ඔහු සෝදිසි කළ පසු එහි සුදු පාට රෝම නැති බවත්, හමේ ගැඹුරට ගොස් නැති බවත්, එය මැල වී තිබෙන බවත් පෙනේ නම්, ඔහු ඒ තැනැත්තා දවස් හතක් වෙන් කොට තැබිය යුතු ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්