ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ලෙවී කථාව 13:12 - Sinhala New Revised Version 2018

තවද, බෝවෙන කුෂ්ඨ රෝගය හම පුරා පැතිර ගොස් පූජකයාට පෙනෙන පරිදි එය ඔහුගේ හිස සිට පා දක්වා මුළු හම ම වසා ඇත්නම්,

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

තවද, බෝවෙන කුෂ්ඨ රෝගය හම පුරා පැතිර ගොස් පූජකයාට පෙනෙන පරිදි එය ඔහුගේ හිස සිට පා දක්වා මුළු හම ම වසා ඇත්නම්,

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

කුෂ්ඨය හමෙහි පැතිර ගොස් රෝගාතුරයාගේ මුළු හම ඔහුගේ හිස පටන් ඔහුගේ පාද දක්වාම පූජකයාට පෙනෙන සෑම තැනම කුෂ්ඨයෙන් වැසී තිබේනම්, පූජකයා බලාවා,

පරිච්ඡේදය බලන්න



ලෙවී කථාව 13:12
9 හුවමාරු යොමු  

යම් මනුෂ්‍යයෙකු හෝ ඔබේ මුළු සෙනඟ වන ඉශ්රායෙල්වරුන් හෝ තමන්ගේ සිත්වල සෝ දුක තේරුම් ගෙන, මේ මාලිගාව දෙසට තමන්ගේ අත් විදහාගෙන යම් යාච්ඤාවක් හෝ කන්නලව්වක් හෝ ඔප්පු කළොත්,


“සමිඳුනි, මම අනුවණ ලෙස කතා කෙළෙමි. ඔබට කුමන පිළිතුරක් දෙන්නෙම් ද? මම කට පියා නිහඬ වන්නෙමි.


එබැවින් මම මා ගැන ම ලජ්ජා වෙමි; දූවිල්ලෙහි හා අළුවල හිඳ පසුතැවී සිත් තැවෙමි.”


අපි සියල්ලෝ ම අපවිත්‍ර ව සිටියෙමු; අපේ සියලු දැහැමි ක්‍රියා කිළුටු වස්ත්‍ර වැනි ය. අපි සියල්ලෝ ම ගහක කොළයක් මෙන් පර වී යන්නෙමු. අප කරන අපරාධ නිසා සුළඟකින් මෙන් අප ගසාගෙන යයි.


එය ඔහුගේ සිරුරේ හමේ වූ කල්ගිය බෝවෙන චර්ම රෝගයක් බැවින් ඔහු ඒ තැනැත්තා අපවිත්‍ර යයි ප්‍රකාශ කළ යුතු ය. තවද, ඒ තැනැත්තා වෙන් කිරීම අනවශ්‍ය ය. මන්ද, ඔහු දැනට ම අපවිත්‍ර ය.


ඔහු ඒ තැනැත්තා යළි සෝදිසි කළ යුතු ය. බෝවෙන චර්ම රෝගය ඔහුගේ මුළු ශරීරය ම වසා ඇත්නම්, ඔහු ඒ තැනැත්තා පවිත්‍ර යයි ප්‍රකාශ කළ යුතු ය. බෝවෙන චර්ම රෝගය මුළුමනින් ම සුදු පාට වී ඇති බැවින් ඔහු පවිත්‍ර ය.


නීතිය ආධ්‍යාත්මික බව අපි දනිමු. එහෙත් ලෞකීක වූ මම පාපයට වහල් වී සිටිමි.