Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 8:38 - Sinhala New Revised Version 2018

38 යම් මනුෂ්‍යයෙකු හෝ ඔබේ මුළු සෙනඟ වන ඉශ්රායෙල්වරුන් හෝ තමන්ගේ සිත්වල සෝ දුක තේරුම් ගෙන, මේ මාලිගාව දෙසට තමන්ගේ අත් විදහාගෙන යම් යාච්ඤාවක් හෝ කන්නලව්වක් හෝ ඔප්පු කළොත්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

38 යම් මනුෂ්‍යයෙකු හෝ ඔබේ මුළු සෙනඟ වන ඉශ්රායෙල්වරුන් හෝ තමන්ගේ සිත්වල සෝ දුක තේරුම් ගෙන, මේ මාලිගාව දෙසට තමන්ගේ අත් විදහාගෙන යම් යාච්ඤාවක් හෝ කන්නලව්වක් හෝ ඔප්පු කළොත්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

38 කොයි යම් මනුෂ්‍යයෙකු විසින් හෝ ඔබගේ මුළු සෙනඟවූ ඉශ්‍රායෙල් විසින් හෝ තම තමුන්ගේ සිත්වල පීඩාව දැනගන මේ ගෘහය දෙසට තමුන්ගේ අත් විදහාගන යම් යාච්ඤාවක් හෝ කන්නලව්වක් හෝ ඔප්පුකළොත්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 8:38
25 හුවමාරු යොමු  

ඔබ කිසිවක් ගැන කරදර නොවී, සියල්ලෙහි දී ස්තුති පූර්වක ව, යාච්ඤාවෙන් හා කන්නලව්වෙන් ඔබගේ අයැදීම් දෙවියන් වහන්සේට දන්වන්න.


ඉන්පසු සලමොන් රජ තෙම මුළු ඉශ්රායෙල් සභාව ඉදිරියෙහි සමිඳාණන් වහන්සේගේ පූජාසනය ඉදිරිපිට සිට, ස්වර්ගය දෙසට තම අත් විදහා මෙසේ කී ය:


ද්වාර මණ්ඩපය හා පූජාසනය අතර සිටින සමිඳුන්ගේ සේවක පූජකයෝ හඬා වැලපෙමින්, ‘සමිඳුනි, ඔබේ සෙනඟට අනුකම්පා කළ මැනව, ඔබේ දෙවියෝ කොයි දැ යි ජාතීන් අතරේ කීමට ඉඩ නොහැරිය මැනවැ’යි කියත් වා!”


අසිරියාවේ අධිරාජයා ජීවමාන දෙවියන් වහන්සේට අපහාස කරන පිණිස ඔහුගේ ප්‍රධාන නිලධාරියා වන රබ්-ෂාකේ ලවා කියවූ වචන අපේ දෙවි වන සමිඳාණන් වහන්සේට ඇසෙන්න ඇත. ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ මේ අපහාසයන් අසා ඒවා කී අයට දඬුවම් කරන සේක්වා. එබැවින් ඉතිරි ව සිටින සෙනඟ උදෙසා දෙවියන් වහන්සේට යාච්ඤා කරන්න.”


මට අයැදින පිණිස නුඹලා අත් ඔසවන කල එය නොදකින ලෙස මම මාගේ ඇස් වසාගන්නෙමි. නොකඩවා යාච්ඤා කළත් කිසිසේත් සවන් නොදෙන්නෙමි. නුඹලාගේ අත් ලෙයින් පිරී ඇත.


ඔබේ දුක සැප දන්නේ ඔබ ම ය; අන් කෙනෙකුට එය ඔබ සමඟ විඳිය නොහැකි ය.


ඔහු මට අයැදින්නේ නම්, මම පිළිතුරු දෙන්නෙමි. දුකේ දී ඔහු සමඟ සිට ඔහු මුදා මම ඔහුට ගරු කරන්නෙමි.


විපත්තියේ දී මට යාච්ඤා කරන්න; මම නුඹ මුදන්නෙමි. නුඹ මට ගෞරව කරනු ඇත.”


ඇයි මා මෙසේ දුක් සයුරේ කිමිදෙන්නේ? ඇයි මා මෙසේ කෙඳිරිගාමින් ළතවන්නේ? දෙවි තුමන් ගැන බලා සිටිමි. මාගේ දෙවිඳුන් හට, මිදුම්කරුන් හට, යළිත් මෙ මම් පැසසුම් දෙමි.


මා රක්නා දෙවිඳුන් හට මම මෙසේ කියමි: “ඔබ මා අමතක කෙළේ මන් ද? සතුරාගෙන් පීඩා විඳ විලාප කීමට මට ඉඩ හැරියේ මන් ද?”


මාගේ දෙවියෙනි, මාගේ හදවත දෙදරා යන්න ළඟ ය, එබැවින් මවු බිමෙන් ඈත, ජොර්දාන් ගංතෙර ද හෙර්මොන් කඳුකරයෙහි ද මිශාර් කන්දෙහි ද සිට මම ඔබ සිහි කරමි.


“මට නම්, කට වසාගෙන ඉන්න බැරි ය; දැඩි සිත් තැවුළින් මම කතා කරමි. මා හද තුළ ඇවිලෙන සෝගින්නෙන් විලාප කියමි.


කොයි මනුෂ්‍යයෙකු විසින් හෝ ඔබේ මුළු සෙනඟ වන ඉශ්රායෙල් විසින් හෝ තම තමන්ගේ සිත්වල සෝදුකින් මේ මාලිගාව දෙසට තමන්ගේ අත් විදහාගෙන යම් යාච්ඤාවක් හෝ කන්නලව්වක් හෝ ඔප්පු කරනු ලැබුවහොත්,


අනේ, මා වැනි කාලකණ්ණි මිනිහෙක්! මේ මරණීය ශරීරයෙන් මා මුදන්නේ කවරෙක් ද?


මෝසෙස් ඔහුට උත්තර දෙමින්, “මම නුවරින් පිටත ගිය කෙණෙහි ම සමිඳාණන් වහන්සේ වෙත මාගේ අත ඔසවමි. මිහිතලය සමිඳාණන් වහන්සේට අයිති බව දැනගනු පිණිස, අහස් ගිගුරුම් නවතිනු ඇත. ගල් වර්ෂා ද තවත් ඇති නොවේ.


“දේශයෙහි සාගතයක් හෝ වසංගතයක් හෝ ගොයම් වියළී යාම හෝ ගොයම් රෝගය හෝ පළඟැටියන් හෝ දළඹුවන් හෝ ඇති වූ විට ද ඔවුන්ගේ දේශයේ නගරවල ඔවුන් සිටින විට ඔවුන්ගේ සතුරන් ඔවුන් වැටලූ අවස්ථාවක දී, යම්කිසි පීඩාවක් හෝ රෝගයක් හෝ ඇති වූ විට ද


ඔබේ වාසස්ථානය වන ස්වර්ගයෙහි සිට එය අසා කමා වුව මැනව. සෑම මනුෂ්‍යයෙකුගේ ම සිත් ඔබ පමණක් දන්න සේක; ඔබ එකිනෙකාට ඔවුනොවුන්ට සුදුසු පරිදි ඉෂ්ට කර දුන මැනව.


එවිට මම මෙසේ කීමි: ‘ඔබ ඇස් හමුයෙන් මම පහකරනු ලැබීමි. එබැවින් ඔබේ ශුද්ධ මාලිගාව දෙස නැවත බලන්නේ කෙසේ ද?’


තවද, බෝවෙන කුෂ්ඨ රෝගය හම පුරා පැතිර ගොස් පූජකයාට පෙනෙන පරිදි එය ඔහුගේ හිස සිට පා දක්වා මුළු හම ම වසා ඇත්නම්,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්