රෝම 16:22 - Sinhala New Revised Version 2018 (මේ හසුන ලියන තිර්තියස් නම් මම, මාගේත් ආචාරය, සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ඔබ වෙත මේ සමඟ එවමි.) Sinhala New Revised Version (මේ හසුන ලියන තිර්තියස් නම් මම, මාගේත් ආචාරය, සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ඔබ වෙත මේ සමඟ එවමි.) සිංහල කාලීන පරිවර්තනය මෙම ලිපිය ලියන තෙර්තියස් වන මම ද ස්වාමින්වහන්සේ තුළ ඔබට ආචාර කරමි. Sinhala Revised Old Version මේ ලියුම ලියන තර්තියස් නම් මම ස්වාමීන්වහන්සේ තුළ නුඹලාට ආචාරකරමි. |
තවද, ඔබ වචනයෙන් හෝ ක්‍රියාවෙන් හෝ කුමක් කරතත්, ඒ සියල්ල ජේසුස් ස්වාමීන් වහන්සේගේ නාමයෙන් කරමින් උන් වහන්සේ තුළින් දෙවි පියාණන් වහන්සේට ස්තුති කරන්න.
පාවුලු නම් මම, මාගේ ම අතින් මේ ආචාරය ලියමි. සිරගත වී සිටින මා සිහි කරන්න. ඔබට කරුණාව වේ වා!
පාවුලු නම් මම මාගේ අතින් ම මෙසේ ලියා සහතික කරමි. ඒ ණය මම ගෙවමි. එසේ ලියන අතර, ඔබේ ජීවිතය ගැන ඔබ මට ණයගැති ව සිටින බව මතක් කළාට වරදක් නැත.