රෝම 14:19 - Sinhala New Revised Version 2018 එබැවින් අපි සාමය උපදවන අන්‍යොන්‍ය ශුභසිද්ධිය සලසන දෙය අනුගමනය කරමු. Sinhala New Revised Version එබැවින් අපි සාමය උපදවන අන්‍යොන්‍ය ශුභසිද්ධිය සලසන දෙය අනුගමනය කරමු. සිංහල කාලීන පරිවර්තනය එබැවින් සාමයටත්, අන්‍යෝන්‍ය වර්ධනයටත් තුඩු දෙන ප්‍රයත්න දරමු. Sinhala Revised Old Version එබැවින් අපි සමාදානය උපදවන කාරණාද එකිනෙකා වැඩිදියුණුකරන්ට පුළුවන් කාරණාද අනුව යමු. |
සාමය ඇති කරන්නෝ භාග්‍යවන්තයෝ ය; ඔව්හු දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ ය යි කියනු ලබන්නෝ ය.
ලුණු හොඳ ය. එහෙත් ලුණෙහි ලුණු ගතිය නැති වුවහොත්, එයට ලුණු රස කවන්නේ කුමකින් ද? ඔබ තුළ සුහදතාව නමැති ලුණු ගතිය ඇතිව එකිනෙකා සමඟ සාමකාමී ව සිටින්නැ”යි වදාළ සේක.
“කැමැති දෙයක් කිරීමට නිදහස ඇතැ”යි කීවත් හැම දේ ම යෝග්‍ය නැත. කැමැති දෙයක් කිරීමට නිදහස ඇත. එහෙත් හැම දෙය ම ශුභසිද්ධියට ඉවහල් නොවේ.
මම නම් මාගේ ම ප්‍රයෝජනය නොසොයා, බොහෝ දෙනෙකුගේ ගැළවීම පිණිස, ඔවුන්ගේ ප්‍රයෝජනය සොයා, සියල්ලෙහි දී සියල්ලන් සතුටු කරමි.
එසේ නම්, සහෝදරවරුනි, කුමක් කළ යුතු ද? ඔබ එක්රැස් වන විට එක් එක්කෙනාට ගීතයක් ද අනුශාසනාවක් ද එළිදරව් කිරීමක් ද අන් භාෂා කථනයක් ද එය විසඳීමක් ද තිබිය හැකි ය. මේ සියල්ල ම සභාවේ අභිවෘද්ධිය පිණිස වේ වා!
එහෙත් දිවැස් වැකි දෙසන්නා, අභිවෘද්ධිය ද ධෛර්යය හා සැනසීම ද දෙන වචන මිනිසුන්ට කතා කරයි.
අන් භාෂා කථනය කරන්නා තමාගේ ම අභිවෘද්ධිය සලසාගනියි. එහෙත් දිවැස් වැකි දෙසන්නා සභාවේ අභිවෘද්ධිය සලසන්නේ ය.
ඔබ හැම දෙන ම අන් භාෂා කථනය කරනවාට මම කැමැත්තෙමි. එහෙත් ඔබ දිවැස් වැකි දෙසන්නේ නම් ඊටත් වඩා කැමැත්තෙමි. අන් භාෂා කථනය කරන්නා, සභාවේ අභිවෘද්ධිය සඳහා කියන දෙය විසඳා නොදේ නම් ඔහුට වඩා දිවැසි වැකි දෙසන්නා උතුම් ය.
එහෙත් කිතුනු නොවන විවාහකයා වෙන් වන්නට කැමැති නම්, වෙන් වේ වා. මෙවැනි අවස්ථාවලින් කිතුනු සහෝදරයා හෝ සහෝදරිය හෝ විවාහ බැඳුමෙන් බැඳී නැත. දෙවියන් වහන්සේ ඔබ කැඳවා ඇත්තේ සාමදානයෙන් ජීවත් වීමට ය.
දේවතාවන්ට පුදන පිදේනි ගැන මම දැන් කතා කරමි. අප සියල්ලන්ට ම ඥානය ඇති බව අපි දනිමු. ඥානය අහංකාරය උපදවයි. එහෙත් ප්‍රේමය ශුභසිද්ධිය සලසයි.
මෙතෙක් කල් ඔබ ඉදිරියේ අපේ නිදොස් බව දැක්වීමට අපි තැත් කෙළෙමු යයි ඔබට සිතිය හැකි ය. එසේ නොවේ; අප කතා කරන්නේ දෙවියන් වහන්සේ ඉදිරියෙහි කිතුනුවන් මෙන් ය. ප්‍රේමවන්තයෙනි, මේ සියල්ල ඔබගේ අභිවෘද්ධිය උදෙසා ය.
ඉතින් සහෝදරවරුනි, ආයුබෝවන්. පරිපූර්ණත්වය සොයා යන්න; මාගේ අවවාද සිතට ගන්න; එක්සිත් වන්න; සාමදානයෙන් සිටින්න. එවිට ප්‍රේමාන්විත හා ශාන්තිදායක දෙවියන් වහන්සේ ඔබ සමඟ වැඩසිටින සේක.
එසේ කළේ දෙවියන් වහන්සේගේ සෙනඟ දේව සේවය සඳහා සම්පූර්ණයෙන් පුහුණු කිරීමටත්, ක්‍රිස්තු ශරීරය වර්ධනය කිරීමටත් ය.
කිසි දූෂිත වචනයක් ඔබේ කටින් පිට වෙන්න ඉඩ නෑර, අසන්නන්ගේ වර්ධනය සඳහා අවස්ථාවෝචිත මනහර වචන කතා කරන්න.
ඇදහිල්ලෙන් ප්‍රකාශිත වූ දෙවියන් වහන්සේගේ සැලැස්ම සපුරාලනු වෙනුවට විවාද උපදවන, ඉමක් නැති මිථ්‍යා හා පෙළපත් කතා සැලකීමෙන් ද වළකින ලෙස, සමහරුන්ට ඔබ අවවාද දෙන පිණිස ය.
යොවුන් වියේ ඇති වන කාමතෘෂ්ණාවලින් ඉවත් වී, පිරිසිදු සිතින් සමිඳාණන් වහන්සේගේ නම අමතන අය සමඟ දමිටුකමත්, විශ්වාසයත්, ප්‍රේමයත්, සාමයත් සොයා යන්න.
සියල්ලන් සමඟ සාමදානයෙන් සිටින්නටත්, ශුද්ධකම නැති ව කිසිවෙක් සමිඳාණන් වහන්සේ නොදක්නා බැවින්, ශුද්ධකම අනුව යන්නත් උත්සාහ කරන්න.