ඉන්පසු ඔව්හු එකිනෙකා අමතමින්, “අපි ඇත්තෙන් ම අපගේ සහෝදරයාට කළ දේ ගැන වරදකරුවෝ වෙමු. ඒ මන්ද, ඔහු අපට කන්නලව් කරද්දී ඔහුගේ වේදනාව දැක දැකත්, අපි ඇහුම්කන් නුදුන්නෙමු. මේ විපත අපට පැමිණියේ ඒ නිසා ම ය”යි කීවෝ ය.
යොෂුවා 7:20 - Sinhala New Revised Version 2018 ආකාන් පිළිතුරු දෙමින්, “සැබැවින් මම ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කෙළෙමි. මා කළ දෙය මෙය යි: Sinhala New Revised Version ආකාන් පිළිතුරු දෙමින්, “සැබැවින් මම ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කෙළෙමි. මා කළ දෙය මෙය යි: Sinhala Revised Old Version ආකාන් යෝෂුවාට උත්තරදෙමින්: සැබවින් මම ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට විරුද්ධව පව්කෙළෙමි, මම මේ මේ ආකාර කෙළෙමි: |
ඉන්පසු ඔව්හු එකිනෙකා අමතමින්, “අපි ඇත්තෙන් ම අපගේ සහෝදරයාට කළ දේ ගැන වරදකරුවෝ වෙමු. ඒ මන්ද, ඔහු අපට කන්නලව් කරද්දී ඔහුගේ වේදනාව දැක දැකත්, අපි ඇහුම්කන් නුදුන්නෙමු. මේ විපත අපට පැමිණියේ ඒ නිසා ම ය”යි කීවෝ ය.
ඔහු මිනිසුන් ඉදිරියෙහි ගී ගයමින්, ‘මම පව් කෙළෙමි; දූෂණය කෙළෙමි. එහෙත්, දෙවි තුමාණෝ මට සමාව දුන් සේක.
මුරකාරයාණෙනි, මාගේ පවින් ඔබට වරදක් වී ද? ඔබේ දුන්නට මා ඉලක්කයක් කර ගත්තේ මන් ද? ඔබ හට මා එතරම් බරක් වී ද?
එවිට පාරාවෝ මෝසෙස් හා ආරොන් වහා කැඳවා, “නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේට ද, නුඹලාට ද විරුද්ධ ව මම පව් කෙළෙමි.
එවිට පාරාවෝ පණිවුඩ යවා මෝසෙස් හා ආරොන් කැඳවා, ඔවුන්ට කතා කොට, “මෙවර මම පව් කෙළෙමි; සමිඳාණන් වහන්සේ කළ දේ හරි ය; මාගේ සෙනඟත්, මාත් කළ දේ වැරදි ය.
එවිට බාලාම් සමිඳාණන් වහන්සේගේ දූතයාට කතා කොට, “මම පව් කෙළෙමි. ඔබ මට අවහිර කරමින් පාර හරහා උන් බව මම නොදැන සිටියෙමි. දැන් ඉතින් මගේ ගමනට ඔබ අකමැති නම්, මම හැරී ආපසු යන්නෙමි”යි කීවේ ය.
“නිදොස් කෙනෙකු මරණයට පාවා දීමෙන් මම පව් කෙළෙමි”යි කී ය. එහෙත් ඔව්හු, “එයින් අපට කමක් නැත, ඔබ ම එය බලාගන්නැ”යි කී හ.
ජෝෂුවා ආකාන්ට කතා කොට, “මාගේ පුත්‍රය, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට ගෞරවය දී උන් වහන්සේට ඇත්ත කියා, ඔබ කළ වරද මාගෙන් නොසඟවා, මට දන්වන්නැ”යි කීවේ ය.
කොල්ලය අතරේ ශෝභන බබිලෝනීය සළුවක් ද රිදී කාසි දෙසියයක් ද රිදී කාසි පණසක් බර ඇති රන් පොල්ලක් ද දැක, මම ඒවාට ආසා වී ඒවා ගත්තෙමි; ඒවා මාගේ කූඩාරම මැද පොළොව යට සඟවා තිබේ. ඊට යටින් රිදී තිබේ ය”යි කීවේ ය.
සාවුල් සාමුවෙල්ට පිළිතුරු දෙමින්, “මම පව් කෙළෙමි. මන්ද, මම සෙනඟට බිය වී ඔවුන්ගේ හඬට කීකරු වූ බැවින් සමිඳාණන් වහන්සේගේ ආඥාව ද ඔබේ වචන ද කඩ කෙළෙමි.
එවිට සාවුල් පිළිතුරු දෙමින්, “මම පව් කළෙමි; එහෙත්, දැනට මාගේ සෙනඟගේ ප්‍රජා මූලිකයන් ද ඉශ්රායෙල්වරුන් ද ඉදිරියෙහි මට ගෞරවය දී, මා විසින් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට නමස්කාර කරනු ලබන පිණිස මා සමඟ අව මැනව”යි කීවේ ය.