Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 7:20 - Sinhala Revised Old Version

20 ආකාන් යෝෂුවාට උත්තරදෙමින්: සැබවින් මම ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට විරුද්ධව පව්කෙළෙමි, මම මේ මේ ආකාර කෙළෙමි:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 ආකාන් පිළිතුරු දෙමින්, “සැබැවින් මම ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කෙළෙමි. මා කළ දෙය මෙය යි:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 ආකාන් පිළිතුරු දෙමින්, “සැබැවින් මම ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කෙළෙමි. මා කළ දෙය මෙය යි:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 7:20
13 හුවමාරු යොමු  

මක්නිසාද මාගේ අයුතුකම කියාදෙමි; මාගේ පාපය නිසා දුක්වෙමි.


නිදොස් ලේ පාවාදීමෙන් මම පව්කෙළෙමියි කීවේය. නුමුත් ඔව්හු: එයින් අපට කම මොකද? නුඹම බලාගන්නැයි කීවෝය.


ඔහු මනුෂ්‍යයන් ඉදිරියේ ගීතිකා කරමින්: මම පව්කොට යුක්තිය පෙරළුවෙමි, එහෙත් මට කිසි ප්‍රතිඵලයක් නොවීය.


මනුෂ්‍යයන්ගේ ආරක්ෂාකාර තැනන්වහන්ස, මා පව්කර තිබෙන නුමුත් ඔබට කුමක් කරම්ද? මා මටම බරක් වන ලෙස, ඔබ විසින් පහරදීමට ඉලක්කයක් කොට මා තබාගත්තේ මක්නිසාද?


එවිට ඔහු: මම පව්කෙළෙමි. එහෙත් දැනට මාගේ සෙනඟගේ වැඩිමහල්ලන්ද ඉශ්‍රායෙල්වරුන්ද ඉදිරියේදී මට ගෞරවය දී, මා විසින් ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නමස්කාරකරන පිණිස මා සමඟ හැරී අවමැනවැයි කීවේය.


සාවුල් සාමුවෙල්ට කථාකොට: මම පව්කෙළෙමි. මක්නිසාද මම සෙනඟට භයවී ඔවුන්ගේ හඬට කීකරුවූ බැවින් ස්වාමීන්වහන්සේගේ ආඥාවද ඔබගේ වචනද කඩකෙළෙමි.


බාලාම්ද: ඔබ මට විරුද්ධව මාර්ගයෙහි සිටි බව මා නොදත් බැවින් පව්කෙළෙමි. ඉදින් ඔබ අසතුටුනම් හැරීයන්නෙමියි ස්වාමීන්වහන්සේගේ දූතයාට කීවේය.


එවිට ඵාරාවෝ මෝසෙස් සහ ආරොන් හණික කැඳවා: මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේටත් නුඹලාටත් විරුද්ධව පව්කෙළෙමි.


ඔව්හු තම තමන් අතරේ කථාකොට: අපේ සහෝදරයා අපට කන්නලව්කරද්දී, ඔහුගේ හෘදය වේදනාව දැකලාත්, අප ඔහුට කන් නුදුන් හෙයින් සැබවින් අපි ඔහු ගැන වැරදිකාරයෝය; එබැවින් මේ විපත්තිය අපට පැමිණ තිබේයයි කීවෝය.


යෝෂුවා ආකාන්ට කථාකොට: මාගේ පුත්‍රය, ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ගෞරව දී, උන්වහන්සේට ඇත්ත කියා, නුඹ කළ දේ මාගෙන් නොසඟවා මට දන්වන්නැයි කීවේය.


කොල්ලය අතරේ ශෝභන බබිලෝනිය සළුවක්ද රිදී ෂෙකෙල් දෙසියයක්ද ෂෙකෙල් පනසක් බර ඇති රන් පේනුවක්ද මම දැක, ඒවාට ආශාවී, ඒවා ගත්තෙමි; ඒවා මාගේ කූඩාරම මැද පොළොව යට සඟවා තිබේ, ඊට යටින් රිදී තිබේ යයි කීවේය.


එවිට ඵාරාවෝ පණිවුඩ යවා මෝසෙස් සහ ආරොන් හඬගස්වා: මම මේ වතාවේ පව්කෙළෙමි. ස්වාමීන්වහන්සේ ධර්මිෂ්ඨසේක, මමද මාගේ සෙනඟද දුෂ්ටයෝය.


මක්නිසාද මේ තෙල ලොකු ගණනකට විකුණා දිළිඳුන්ට දෙන්ට පුළුවන්ව තිබුණේයයි කීවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්