ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යොෂුවා 19:41 - Sinhala New Revised Version 2018

ඔවුන්ගේ උරුමයේ පළාත නම්, ශොරා ද එෂ්තායොල් ද ඊර්-ෂෙමෙෂ් ද

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔවුන්ගේ උරුමයේ පළාත නම්, ශොරා ද එෂ්තායොල් ද ඊර්-ෂෙමෙෂ් ද

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඔවුන්ගේ උරුමයේ පළාත නම් ශොරාද එෂ්තායොල්ද ඊර්-ෂෙමෙෂ්ද,

පරිච්ඡේදය බලන්න



යොෂුවා 19:41
9 හුවමාරු යොමු  

කිරියත්-ජෙයාරීම්ගේ පවුල් නම්: ඉත්රියවරු, පූතිවරු, ෂුමාතිවරු සහ මිෂ්රායිවරු ය; මොවුන්ගෙන් ශොරාතිවරු ද එෂ්තායෝලිවරු ද පැවත ආවෝ ය.


ශොරා, අයාලෝන් සහ හෙබ්‍රොන් වේ. ජුදාහි ද බෙන්ජමින්හි ද තිබෙන නගරවලට බලකොටු තැනී ය.


තැනිතලා රටෙහි තිබුණු ඒවා නම්: එෂ්තායොල් ද ශොරා ද අෂ්නා ද


සත් වන කොටස දාන් පරපුරේ ඔවුන්ගේ පවුල් ගණන අනුව වැටුණේ ය.


ෂාලබ්බින් ද ආයාලොන් ද ඉත්ලා ද


දාන්ගේ වංශයට අයිති ශොරාහි එක්තරා මිනිසෙක් සිටියේ ය. ඔහුගේ නම මානෝවා ය. ඔහුගේ භාර්යාව වඳ වූ බැවින් දරුවන් නොලැබ සිටියා ය.


සම්සොන් ශොරාටත් එෂ්තායොල්ටත් අතරෙහි වූ දාන්ගේ කඳවුරේ සිටිය දී, සමිඳාණන් වහන්සේගේ ආත්මානුභාවය ඔහු ක්‍රියාවේ පොළඹවන්නට පටන්ගත්තේ ය.


එවිට ඔහුගේ සහෝදරයෝ ද ඔහුගේ පියාගේ මුළු පවුල ද ගොස් ඔහු ගෙනවුත්, ශොරා ද එෂ්තායොල් ද අතරේ තිබෙන ඔහුගේ පිය වූ මානෝවාගේ සොහොන් පොළේ තැන්පත් කළෝ ය. සම්සොන් විසි අවුරුද්දක් ඉශ්රායෙල්වරුන් පාලනය කෙළේ ය.


දාන් වැසියෝ දේශයෙහි ඔත්තු බලන පිණිස, තමන්ගේ සියලු සෙනඟ අතරෙන් තමන්ගේ ම පෙළපෙත් වික්‍රමාන්විත මිනිසුන් පස්දෙනෙකු තෝරාගෙන, ශොරා ද එෂ්තායොල් ද සිට යවමින්, “ඔබ ගොස් දේශයෙහි ඔත්තු බලන්නැ”යි ඔවුන්ට කීවෝ ය. ඔව්හු එප්‍රායිම් කඳු රටේ මීකාගේ ගෙට අවුත් එහි නවාතැන් ගත්තෝ ය.