Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යොෂුවා 19:40 - Sinhala New Revised Version 2018

40 සත් වන කොටස දාන් පරපුරේ ඔවුන්ගේ පවුල් ගණන අනුව වැටුණේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

40 සත් වන කොටස දාන් පරපුරේ ඔවුන්ගේ පවුල් ගණන අනුව වැටුණේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

40 සත්වෙනි කොටස දාන් පුත්‍රයන්ගේ ගෝත්‍රයට ඔවුන්ගේ පවුල්වල හැටියට වැටුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 19:40
7 හුවමාරු යොමු  

රාකෙල්ගේ සේවිකාව වන බිල්හාගේ පුත්‍රයෝ නම් දාන් සහ නප්තලී ය.


“ගෝත්‍රවල නාම මේවා ය: උතුරෙන් පටන්ගෙන හමාත්ට පැමිණෙන හෙත්ලොන්හි මාර්ගය ද උතුරෙහි හමාත් ඉදිරිපිට දමස්කයේ සීමාවේ පිහිටි හශර්-ඒනාන් දක්වා නැගෙනහිර පැත්තේ පටන් බස්නාහිර දක්වා ද දාන්ට එක කොටසක් ය.


එහෙත්, රට බෙදා පංගු කිරීම කළ යුත්තේ දාදු දැමීමෙනි. ඔවුනොවුන්ගේ පිය පෙළපත්හි ගෝත්‍ර නාම අනුව උරුමය හිමි විය යුතු ය.


මෙසේ ජෝෂුවා මුළු දේශයට, එනම් කඳු රටට හා දකුණු දේශයට ද පහත රටට හා කඳු බෑවුම්වලට ද එහි සියලු රජුන්ට ද පහර දී, එක් කෙනෙකු වත් ඉතිරි නොකොට ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ අණ කළ ලෙස පණ ඇති සියල්ලන් ම මුළුමනින් ම සිඳදැමුවේ ය.


නප්තලීගේ පවුල් ගණන අනුව ඔවුන්ගේ ගෝත්‍රයේ උරුමය මෙකී නගර සහ ඒවායේ ගම් ය.


ඔවුන්ගේ උරුමයේ පළාත නම්, ශොරා ද එෂ්තායොල් ද ඊර්-ෂෙමෙෂ් ද


ඒ කාලයේ ඉශ්රායෙල්හි රජ කෙනෙක් නොසිටියේ ය. තවද, ඒ දවස්වල දී දාන් ගෝත්‍රය තමන්ට වාසය කිරීම පිණිස ප්‍රදේශයක් සෙව්වෝ ය. එසේ කෙළේ, ඒ දවසේ ඒ වන තෙක් ඉශ්රායෙල් ගෝත්‍ර අතරේ ඔවුන්ට උරුමයක් ලැබී නොතිබුණ නිසා ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්